04/05/2026
කවුඩුලු අවුරුදු මංගල්‍යය 2026
2026 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව කවුඩුල්ල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලීය සුබ සාධක සංගමය මගින් පවත්වනු ලැබූ අලුත් අවුරුදු උත්සවය පසුගිය දා කාර්යාලීය භූමියේදී අති සාර්ථක අයුරින් පවත්වන ලදී.
කොට්ට පොර, කණා මුට්ටිය බිදීම, සිගිති අවුරුදු කුමරිය හා කුමරා ඇතුලු විවිධ තරග ඉසව් වලින් මෙය වර්ණවත් වී තිබුනි.
මෙය අප රාජකාරී ජීවිතයෙන් ඔබ්බට ගොස් කවුඩුලු වාරි පවුලේ සගයන්ගේ එකමුතුව වැඩි දියුනු කිරීම සදහා ඇප උපකාර වූ අතර සතුට හා සහජීවනය ගෙන ඒමට උපකාර වී තිබුණි.
මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට නන් අයුරින් උපකාර වූ ඔබ සියලු දෙනාටම කාර්‍යාලය සුබ සාධක සංගමය වෙනුවෙන් විශේෂ කෘත වේදී ස්තුතිය ද මේ සමග පුද කරමි.
මේ එම විශේෂ දිනයේ දී අප කැමරා කාචයේ සටහන් වූ මතක සටහන් කිහිපයක්