14/07/2026
🌸😎
එන්ජින් ඔයිල් කෑන්වල තියන මොනවද මේ අකුරු??
වාහනයක් තියන කෙනෙක් උනත් නැති කෙනෙක් උනත් එන්ජින් ඔයිල් කියන දේ ගැන අහල ඇති. අපි අද කතා කරන්න යන්නේ මේ එන්ජින් ඔයිල් ලේබලය මත 0W-30/5W-40/5W-30 මේ වගේ තියන අංක සහ ඉංග්‍රීසි අකුරකින් තියන තේරුම ගැන.
එන්ජින් ඔයිල් කියන්නේ ද්‍රවයක්.
මේ අකුරුවලින් කියවෙන්නේ එන්ජින් ඔයිල්වල තියන දුස්රවිතාවය. විද්‍යාවේ පාවිච්චි කරන වචනයක් ඒක. සරලව කිව්වොත් ද්‍රවයක උකුගතිය අඩුවීම සහ වැඩිවීම.
දුස්රාවිතාවය අඩු නම් උකු ගතිය අඩුයි, දුස්රාවිතාවය වැඩි නම් උකු ගතිය වැඩියි.
ඔය W අකුරෙන් කියවෙන්නේ “Winter” එහෙමත් නැත්නම් සීත කාලය කියන එකයි… සීතල වෙලාවකදී (0C) එන්ජින් ඔයිල් එකේ දුස්රාවිතාවය තමයි W අකුරට කලින් තියෙන ඉලක්කමෙන් පෙන්වන්නේ…
අනික් ඉලක්කමෙන් පෙන්වන්නේ 100C දී එහෙම නැත්තන් සෙල්සියස් අංශක සීයේදී අදාළ ඔයිල් එකේ දුස්රාවිතාවය කොච්චරද කියල…
SAE International, මගින්, එන්ජින් ඔයිල් වර්ගීකරණයේ ප්‍රමිතිය සකසයි. "W" අක්ෂරයට පෙර ඇති අංකය 0 ට ආසන්න නම්, එයින් අදහස් වන්නේ තෙල් තුනී බවයි. "W" අකුරට පසුව ඇති අංකය ඉහළ උෂ්ණත්වවලදී තෙල්වල දුස්ස්‍රාවීතාවය පෙන්නුම් කරයි. මෙම සංඛ්‍යාව වැඩි වන තරමට තෙල්වල ඝනකම වැඩි බවයි.
ඔබ භාවිතා කළ යුත්තේ කුමන එන්ජින් ඔයිල්ද?
මෝටර් රථය සඳහා නිවැරදි එන්ජින් ඔයිල් එක තෝරා ගැනීම පාරිසරික සාධක, එන්ජින් තත්වයන් සහ වෙනත් දේ බලපානු ලබයි වාහනයේ මැනුවල් එක මගින් නියමිත ඔයිල් එක බලාගත හැකිවේ.
සාමාන්‍යයෙන් 5W-30, 5W-40, 10W-30 සහ 10W-40 ශ්‍රේණියේ තෙල් වර්ග බහුලව භාවිතා වන එන්ජින් ඔයිල් වේ. කෙසේ වෙතත්, ඔබ දැඩි ශීත හෝ අඩු උෂ්ණත්වයක් සහිත දේශගුණයක ජීවත් වන්නේ නම්, 0W-30 හෝ 0W-40 වැනි අඩු දුස්ස්රාවීතාවයකින් යුත් එන්ජින් ඔයිල් භාවිතා කිරීම සුදුසු වේ.