Sunil Jayasinghe & Sons

Sunil Jayasinghe & Sons Earth movers rental, heavy equipment spare parts supply and repair.

08/03/2026

Lovol FR130F excavator යන්ත්‍රය එලි දැක්වීමේ අවස්ථාව පසුගිය 04 වන දින මිනුවන්ගොඩදී සිදු කල අතර Lovol සමාගමේ නිෂ්පාදිත සියලුම ඉදිකිරීම් යන්ත්‍ර මිලදී ගැනීම් සදහා අමතන්න.

Lovol ⁣ඉදිකිරීම් යන්ත්‍ර සදහා ශ්‍රි ලංකාව සහ මාලදිවයින සදහා එකම නිල අළෙවි නියෝජිත
Ocean Trading

☎ 011 452 7277, 076 828 9979, 071 166 2024

27/02/2024
30/06/2023

ලිඛිත හෝ උපකල්පිත ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවන් පුණ්‍යවන්ත වූ , නිර්භීත වූ, දක්ශ වූ, නරේන්ද්‍රයෙක් නොසිටියේම ය.

බුද්ධ ශාසනයටත් ශ්‍රී ලංකාද්වීපයටත් මේ මහා පුරුෂයා විසින් කළ සේවයෙන් කෙස් ගසක් තරම් වත් කළාවූ ශ්‍රී ලාංකික රජෙක් නම් නැත.

මතු මෙත් බුදු සසුනේ උතුම් නිර්වාණ සම්පත්තිය ලබන්නාවූ ගැමුණු මහ රජතුමාගේ මරණාසන්න අවස්ථාවේදී , ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගේ නියෝගයෙන් ඒ උතුමාණන්ගේ පින් පොත කියවන්නට යෙදුනි.

සිංහල ථූපවංශය ග්‍රන්ථ රත්නයේ අනුසාරයෙන් පහත ලිපිය ශාසන හිතකාමීන්ගේ පහන් සංවේගයටත් , ඒ මහා පුණ්‍ය කර්මයන් අනුමෝදන් වීමටත් ඉදිරිපත් කරමි .

🌺 ගැමුණු මහ රජතුමාගේ පිං පොත

1. එකක් අඩු විහාර සියයක් කරවූ සේක

2. එසේ කරවූ විහාරවලින් මිරිසවැටි විහාරය එකාණු කෙළක් වස්තු වියදම් කොට කරවන ලදී

3. නැවත උතුම් වූ ලෝවාමහාපාය තිස් කෙළක් වස්තු වියදම් කොට කර වූ සේක.

4. නැවත උතුම් වූ රුවන්මැලි මහා සෑයෙහි අගය නැති වස්තු සූවිස්සක් හැර, කරවන ලද සෙසු කර්මාන්තයෝ කෙළ දහසක් වස්තු අගනාහ.

5. නැවත මිරිසවැටි විහාරය පිලිගන්වන සතිය ද, ලෝවාමහපාය පිළිගන්වන සතිය ද, රුවන්මැලි දාගබ මඟුල් උළු ඔබ්බන සතිය ද, ධාතුනිධාන කළ සත් දවස ද යන මේ සිවු තන්හි සතර දිගින් වැඩි භික්ෂු භික්ෂුණී සංඝයා වහන්සේට මහ දන් දී තුන් සිවුරු පාත්ර දෙවූ සේක.

6. සූවිසි මහා වෙසක් පූජාවක් කළ සේක.

7. නැවත සිංහලද්වීපයෙහි සියලු භික්ෂු සංඝයා වහන්සේට තුන් වරෙක තුන් සිවුරු පාත්‍ර දෙවූ සේක.

8. සත් දවසක් ලංකා රාජ්‍යයෙන් පස් වරෙක තුනුරුවන්ට පිදූ සේක .

9. එළඟිතෙලින් සකස් සුදකඩින් පාන්පියලි අඹරා දොළොස් තෙනක නිරන්තරයෙන් සත්දහසක් පාන් පූජා කළ සේක.

10. ලක්දිව අටළොස් තෙනක වෙදහල් නංවා වෙදවරුන්ට භාණ්ඩාගාරයෙන් මිල දී , රෝගී සියලු ගිලනුන්ට පිළියම් කරවා වෙදවරුන් කී සැටියේ නිරන්තරයෙන් ප්‍රත්‍ය සැටියේ බතුත් දෙවූ සේක.

11. නැවත සිවුසාළිස් තෙනෙක මනාකොට කරවන ලද මීපිඬු දන් දෙවූ සේක.

12. එසේම සිවුසාළිස් තෙනෙක නිරන්තරයෙන් තෙල් උපුල්වා සියල්ලවුන්ට කිරිබත් දෙවූ සේක.

13. නැවත එපමණ තෙන එළඟිතෙලින් බඳනා ලද පුළුප් බඳනා බත් හා නිරන්තරයෙන් ම දෙවූ සේක.

14. මසකට දොළොස් දවසක් බැගින් මේ සියළු ලංකාද්වීපයෙහි ඇතැයි කී සියලු විහාරයකට හන්තෙල් දෙවූ සේක .

15. එසේම හැම තන්හිම මැදහත්ව පසිඳිනා ධර්මාධිකරණ ද කරවූ සේක.

16. ලංකාද්වීපයෙහි ගර්භනී ස්ත්‍රීන්ට මිරිස් ලුණු ද , ප්‍රසවකර වූ වින්නඹුවන්ට පිළී් ද දෙවූ සේක.

17. ධර්මදානය - මේ සියලු දානයට වඩා ලොවුතුරා බුදුන්ගේ ධර්ම දානයම උත්තම ය " යි අසා ලෝවාමහාපායෙහි රැස්ව වැඩ හුන් සයානූකෙළක් රහතුන් වහන්සේ මධ්‍යයෙහි ධර්ම දානයක් දුන මැනවයි ධර්මාසනයට පැන නැගී හිඳ මංගල සූත්‍රය කියන්නට පටන්ගත් සේක් වැඩ හුන් මහාසංඝයා වහන්සේ බලා "ඔබ කෙරෙහි ගෞරවයෙන් සූත්‍රය කියා නිමවා ගන්ට නො පොහොසත්ව බණ කීම් නම් ඉතා බැරි දෙයකැ" යි සිතා එතැන් පටන් මේ සියලු ලක්දිව හැම දෙනාට බණ අසන්ට ගමකට පණ්ඩිත කෙනෙක් බැගින් සලස්වා, ඒ සියලු පණ්ඩිතවරුන්ට දිවෙල් වැටුප් වියදම් තමාගෙන් ම දෙවා, ඔවුන්ට සත්කාර කොට, ලංකාද්වීපයෙහි සියලු තැන්හි ම බණ කියවූ සේක.

නැවත එසේ බණ කියනා පණ්ඩිතවරුන්ට භාණ්ඩාගාරයෙන් පෝයකට ගිතෙල් නැළියක් බැගින් මසකට සතර නැළියක් ද , උක්සකුරු ද, උක්දඬු ද, කෙහෙල් , වැලවරකා ද, සතරඟුල් දිග ඇති වැල්මී ගැටයක් ද, පොහොයකට පිළි සඟලක්දැ" යි යන මේ කී සියල්ල දී ධර්මදානයත් සියල්ලවුන්ට දෙවූ සේක.

18. නැවත කොළොම්හල කුඩුකන සායෙහි මාහැඟි වූ කන තුබූ කුණ්ඩලාභරණ දෙක දී තණසාලේ පැසි බත්මුලක් හැර ගෙන ක්ෂීණාශ්‍රවයන් පස් දෙනෙකුන් වහන්සේට ප්‍රසන්නවූ සිතින් දී වදාළ සේක.

19. නැවත යුදඟණාපිටියෙහිදී මලණුවන් වහන්සේ හා සමග කළ යුද්ධයෙහි පැරද පලා යන්නා වූ ඔබවහන්සේ , සප්පඳුරුහොය සැතැපී වැඩ හිඳ "ලද බත් දන් දී කමි" යි කියා ඇමැත්තහු ලවා සිඟා වඩනා කලැයි "හඬගාවා, එවේලෙහි අහසින් වැඩි රහතුන් වහන්සේ දැක බතෙහි අපේක්ෂාවක් නො කොට තැටි බත් දෙන ලදැ" යි කියා මේ සැටියේ ලියන්නහු විසින් පින්කිරියවත් කියවූ කල්හි ඒ අසා සතුටු වූ දුටුගැමුණු මහරජ පින්කිරියවත් කියා තමන් සිත් සතුටු කළ ඒ ලියන්නා හට අපමණ සම්පත් දී පින් කිරියවත එපමණකින් තබා පියා "මෙකී සියලු පින්කම් රාජශ්‍රීයෙහි සිට කළ හෙයින් මා සිත සතුටු කොට ලිය නො හෙයි. මාගේ ජීවිතයෙහි අපේක්ෂාවක් නො කොට දුක්පත්ව සිට මා විසින් දෙන ලද්දාවූ මේ දන් දෙක හා සමාන දන් දෙකක් නැත. මෙ පමණකින් ම මට සෑහේ" යි කියා රජ්ජුරුවන්ගේ බස් ඇසූ ථෙරපුත්තාභය මහ තෙරුන් වහන්සේ "දේවයෙනි සිත පහදවා ගතමනා තෙන ම ප්‍රසාද එළවුව. එසේ හෙයින් ඒ දන් දෙකම කිසි කෙනෙකන්ට පීඩාවක් නොකොට දැහැමින් සෙමින් ලබන ලද දෙය හෙයින් ද, තමා නො බලා නො පසුබැස දුන් හෙයින් ද , ශ්‍රද්ධාවෙන් දුන් හෙයින් ද, දෙයධර්මය නිරවශේෂයෙන් අනුභවයට ගිය හෙයින්දැයි යන මේ පස් කාරණයෙන් මහාඵලය" යි වදාරා "තණ සාලේ පැසි බත දන් ගත් තෙරුන් වහන්සේ අතුරෙන් මලියදේව නම් තෙරුන් වහන්සේ පිළිගත් බත් කොටස රැගෙන ගොස් සමනල පර්වතයෙහි වසන පන්සියයක් දෙනා වහන්සේට ද දී වැලඳූ සේක.

20. අනිත් පඨවිචාලක ධම්මගුත්ත නම් තෙරුන් වහන්සේ තමන් පිළිගත් බත් කොටස ගෙන ගොස් කැළණි මහා විහාරයෙහි පන්සියයක් දෙනා වහන්සේට දන් දී වැලඳූ සේක.

21. තලගුරු විහාරවාසී ධම්මගුත්තනම් තෙරුන් වහන්සේ තමන් ලත් බත් කොටස රැගෙන ගොස් පුවඟු දිවයින දොළොස් දහසක් රහතුන් වහන්සේට බෙදාදී වැලඳූ සේක.

22. මහවනවාසි තිස්ස නම් තෙරුණු වහන්සේ තමන් ලත් බත් කොටස රැගෙන ගොස් කෙලාසකුට නම් විහාරයෙහි වසන සැට දහසක් රහතුන් බෙදාදී වැලඳූ සේක.

23. මහාභග්ගව නම් තෙරුන් වහන්සේ තමන් පිළිගත් බත් කොටස රැගෙන ගොස් උක්කානගර නම් විහාරයෙහි වසන පන්සියයක් රහතුන්ට බෙදාදී වැලඳූ සේක.

24. තැටි බත් පිළිගත් තෙරුන් වහන්සේ පුවඟු දිවයිනට ගෙන ගොස් දොළොස් දහසක් දෙනා වහන්සේට ද දී වැලඳූ සේකැ " යි කියා මේ සැටියේ රජ්ජුරුවන් සිත පැහැද වූ සේක.

25. අනුශාසනය - ඉක්බිති දුටුගැමුණු මහරජ තෙරුන් වහන්සේට මෙසේ දැන්වී ය. " ස්වාමීනි මම සූවිසි හවුරුද්දක් රාජ්‍ය කරන්නෙම්, භික්ෂු සංඝයා වහන්සේට උපකාරීව සිටියෙමි .

එබැවින් මාගේ ශරීරයද සංඝයා වහන්සේට උපකාර වේවා; මා මළ කළ මාගේ ශරීරය රුවන්වැලි දාගැබ සමීපයෙහි පොහෝ කරන මළුවෙහි දවා වදාළ මැනවැ" යි දන්වා, ඉක්බිති ගැමුණු රජ මලණුවන් තිස්ස කුමාරයන් ගෙන්වා කියන්නේ :

"මලණ්ඩ ! තිස්සයෙනි ! මාගේ මහදාගැබෙහි නොනිමි කර්මාන්තයෙක් ඇත්නම් ඒ යහපත් කොට කරවාලව.

සවස උදාසන මහදාගැබ් වහන්සේට මල් පහන් පූජා කර වැඳ, දවස තුන් වේලෙහි සක්පඤ්ච මේ ආදී වූ පූජාත් කරව.

මා තබාලූ දන්වැට නොපිරිහෙළා දෙවාලව.

මහා සංඝයා වහන්සේට කළමනා සියලු උපස්ථානයෙහි තා ප්‍රමාද නො වව්...!

තොපි දිවි රැකමෙහිද සිහි ඇතිවව්..!

ලංකාවාසීන්ට කිසි පීඩාවක් නොකොට දැහැමින් සෙමින් රජය කරව" යි මෙලෙස මලණුවන්ට අනුශාසනා කොට මුවෙන් නො බැණ හොත්තේ ය.

උපුටා ගිනීමකි.

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

🌺 බෞද්ධ භාවනා https://www.facebook.com/bauddhabhawana/

 -12
31/08/2021

-12

   SD16
28/08/2021

SD16

  D 85-12
28/08/2021

D 85-12

CEP  Section  01 - Mirigama
27/08/2021

CEP Section 01 - Mirigama

CEP  Section  -  01 /  Mirigama
27/08/2021

CEP Section - 01 / Mirigama

Komatsu  GD511A-1
27/07/2021

Komatsu GD511A-1

Komatsu  D85-12
27/07/2021

Komatsu D85-12

Shantui
19/06/2021

Shantui

Address

Minuwandeniya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94711662024

Website

Alerts

Be the first to know and let us send you an email when Sunil Jayasinghe & Sons posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sunil Jayasinghe & Sons:

Share