ගෘහස්ථ මට්ටමේ භාවිතයට සුදුසු විජලන යන්ත්‍රයක්
රටේ පවත්නා වර්තමාන තත්වයන් යටතේ ආහාර නිෂ්පාදනය වැඩි කිරිම මෙන්ම කෘෂිකාර්මාන්තය පාදක කරගත් ගෘහස්ථ කර්මාන්ත වැඩිදියුණු කිරිම වැදගත් වේ.
මේ වන විට ලංකාවේ පසු අස්වනු හානිය 30% ඉක්මවා පවතින අතර පවත්නා අර්බුදකාරී තත්වයන් යටතේ මෙම ප්‍රමාණය ආහාර සුරක්ෂිතාවය කෙරෙහි සැලකියයුතු බලපැමක් ඇති කරයි. තවද ආහාර සැකසිමේ ගෘහස්ථ මට්ටමේ තාක්ෂණය මේ වන විට දිරිගැන්විම ජාතික අවශ්‍යතාවක් ලෙස ස්මතුවී පවති.මෙම කාල සිමාව තුලදි අදික වශයෙන් සුලබ වී ඇති කොස්,කොස් ඇට,අඹ,තක්කාලි ,වට්ටක්කා වැනිබෝග වර්ග පරිභෝජනය ඉක්මවා වෙලදපොලෙහි ඉවත යමින් පවති. රටේ ජනතාවගේ ආකල්පමය වෙනස්කම්ද ධනාත්මකව වර්ධනය වෙමින් පවතින අතර දේශියත්වය පදනම් කර ගත් ආහාර රටාවකට සිග්‍රයෙන් නැඹුරු වෙමින් පවති.
වීශේෂයෙන් ග්‍රාමිය කාන්තාව අර්ථිකමය වශයෙන් ශක්තිමත් විමේ අවශ්‍යතාවයද අන් කවර කලකදිටත් වඩා වැඩි වශයෙන් අවබෝධ වෙමින් පවති. ඉහත කරුණු සැලකිල්ලට භාජනය කරමින් නව නිර්මාණයක් ලෙස ගෘහස්ථ මට්ටමේ භාවිතයට සුදුසු විජලන යන්ත්‍රයක් නිර්මාණය කලෙමු.