11/02/2026
පිදුරුතලාගල මීදුම අතර සැඟවුණු අපේ අහසේ නිහඬ ආරක්ෂකයෝ 🏔️✈️📡
ලංකාවේ උසම කඳු මුදුන වන පිදුරුතලාගල කන්දේ සුන්දරත්වය ගැන ඔබ අසා ඇති බව නිසැකයි. නමුත්, ඒ සුන්දරත්වයට එහා ගිය, අපේ රටේ ගුවන් සීමාවේ ආරක්ෂාව සහ මෙහෙයුම් වෙනුවෙන් 24 පැය පුරාම අවදියෙන් සිටින අතිශය වැදගත් මධ්‍යස්ථානයක් එහි ක්‍රියාත්මක වන බව ඔබ දන්නවාද?
මේ, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ (AASL) ඉලෙක්ට්‍රොනික සහ ගුවන් සංතරණ ඉංජිනේරු අංශයට අයත් පිදුරුතලාගල රේඩාර් සහ සන්නිවේදන මධ්‍යස්ථානයයි.
🔹 ඉතිහාසය සහ කාර්‍යභාරය 1992 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය, වර්ග කිලෝමීටර් 1,700,000කට අධික 'කොළඹ ගුවන් තොරතුරු කලාපය' (Colombo Flight Information Region) හරහා පියාසර කරන සෑම වාණිජ ගුවන් යානයකටම අත්‍යවශ්‍ය සන්නිවේදන (Communication) සහ නිරීක්ෂණ (Surveillance) පහසුකම් සපයන හදවත බඳු මධ්‍යස්ථානයකි.
🔹මෙම මධ්‍යස්ථානය සතු තාක්ෂණික ශක්තිය සුළුපටු නොවේ
• සන්නිවේදන පහසුකම්: නාවික සැතපුම් 300ක පරාසයක් ආවරණය කරන VHF (Very High Frequency) සන්නිවේදන පද්ධතිය.
• නිරීක්ෂණ පහසුකම්: නාවික සැතපුම් 200ක් ආවරණය වන SSR (Secondary Surveillance Radar) රේඩාර් පද්ධතිය සහ ADSB (Automatic Dependent Surveillance Broadcast) උපකරණ ද්විත්වය.
• දත්ත සම්ප්‍රේෂණය: මෙහි රැස්කරන සියලුම දත්ත රත්මලානේ පිහිටි කලාපීය ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය (Area Control Center) වෙත එසැණින් යොමු කිරීම සඳහා ලංකාවේ දැනට පවතින දිගින් වැඩිම ක්ෂුද්‍ර තරංග සබැඳි වලින් එකක් ලෙස (Microwave Link) භාවිත වේ.
🔹 තිරය පිටුපස විරුවෝ: ATSEP නිලධාරීන් 👨🔧👩🔧 ගුවන් නියමුවන් සහ ගුවන් ගමනාගමන පාලකවරුන් (ATC) ගැන අප නිතර කතා කළත්, මෙම සංකීර්ණ තාක්ෂණික ජාලය පණගන්වන්නේ ගුවන් ගමනාගමන සුරක්ෂිතතා ඉලෙක්ට්‍රොනික නිලධාරීන් (ATSEP - Air Traffic Safety Electronics Personnel) විසිනි.
පිදුරුතලාගල කඳු මුදුනේ පවතින අධික ශීතල, මීදුම සහ දුෂ්කර කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ, වසරේ දින 365ම, දවසේ පැය 24 පුරාම සේවයේ නිරත වන ATSEP නිලධාරීන් සහ සහායක කාර්ය මණ්ඩලය මෙම ස්ථානයේ නේවාසිකව රැඳී සිටී.
සුළි කුණාටු වැනි ආපදා තත්ත්වයන් නිසා නුවරඑළිය සිට කඳු මුදුනට දිවෙන මාර්ග විනාශ වී, ගමනාගමනය ඇණහිටින අවස්ථාවලදී පවා, තම පවුල්වලින් ඈත්ව, දැඩි කැපවීමෙන් යුතුව මොවුන් අපගේ අහසේ ආරක්ෂාව තහවුරු කරයි. තාක්ෂණික දෝෂයකින් තොරව රේඩාර් සහ සන්නිවේදන පද්ධති ක්‍රියාත්මක කරවීම ඔවුන්ගේ වගකීමයි.
ආරක්ෂක හේතූන් මත මෙම මධ්‍යස්ථානය සාමාන්‍ය මහජනතාවට විවෘත නොවුණත්, නිහඬවම ජාතික මෙහෙවරක් ඉටු කරන මෙම කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවය හිමිවිය යුතුය. 🇱🇰❤️
The Silent Guardians of Our Skies Hidden in the Mists of Pidurutalagala 🏔️✈️📡
You surely know the beauty of Pidurutalagala, the highest peak in Sri Lanka. But did you know that atop this peak operates a critical facility that stays awake 24/7 for the safety of our country's airspace?
This is the Pidurutalagala Radar and Communication Center, affiliated with the Electronics and Air Navigation Engineering Division of Airport and Aviation Services (Sri Lanka) Ltd (AASL).
🔹 History & Mission Established in 1992, this center acts as the heartbeat providing essential Communication and Surveillance facilities for every commercial aircraft flying over the vast 1,700,000+ sq km 'Colombo Flight Information Region'.
🔹 Technology & Reach The technical capability here is immense:
Communication: VHF systems covering up to 300 nautical miles.
Surveillance: SSR (Secondary Surveillance Radar) covering 200 nautical miles, supported by two ADS-B units.
Connectivity: Utilizes Sri Lanka's one of the longest Microwave Link to transmit data instantly to the Area Control Center in Ratmalana.
🔹 The Heroes Behind the Screens: ATSEP 👨🔧👩🔧 While we often hear about pilots and Air Traffic Controllers, the Air Traffic Safety Electronics Personnel (ATSEP) are the ones who keep this complex technical network alive.
Braving the freezing cold, mist, and harsh weather conditions atop Pidurutalagala, two ATSEP officers and support staff are stationed residentially 24/7, 365 days a year. Even when access roads are damaged by cyclones and logistics become a nightmare, they remain committed often away from their families to ensure zero technical downtime. They are the backbone that ensures the "eyes and ears" of our aviation sector remain open.
Although this high security zone is closed to the public, these silent professionals deserve our utmost respect for their national service. 🇱🇰❤️