31/08/2026
❤️ තාම අවුරුදු තුනයි.ඒත් මේ අවුරුදු තුන ඇතුළේ තිබුණ කතාව නම් ගොඩක් දිගයි.එදා මේ වගේ දවසක ගෙදර පුංචියට පටන් ගත්ත මගේ ව්‍යාපාරය Rockford Auto Mart පටන්ගත්ත තැන අද අපි නෑ.
අපි එතනින් ඉස්සරහට ඇවිත් තියෙනවා. ❤️
මේ ගමන පටන්ගත්තේ අනාගතය ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන නෙවෙයි. හිතේ තිබුණේ එකම එක බලාපොරොත්තුවක් විතරයි.
“කොහොමහරි මේක සාර්ථක කරගන්නවාමයි.”අදත් ඒ බලාපොරොත්තුව එහෙමමයි.
අපේ page එකෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔබටත්, අපේ posts බලන, share කරන, recommend කරන හැමෝටමත්, ඒ වගේම Rockford Auto Mart ගැන විශ්වාසය තියලා අපෙන් භාණ්ඩ මිලදී ගන්න සහ අපේ සේවාවන් ලබාගන්න පැමිණෙන අපේ ආදරණීය පාරිභෝගිකයන් හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏❤️
ඔබේ විශ්වාසය සහ සහයෝගය නැත්නම් මේ ගමන මෙච්චර දුර එන්න අපිට බැහැ.
ඒ වගේම මේ ගමන පිටිපස්සේ පේන්නෙ නැති ලොකු ශක්තියක් තියෙනවා.
ඒ තමයි අපේ Rockford Auto Mart කණ්ඩායම. 💪
දවසින් දවස මහන්සි වෙලා, වගකීමෙන් වැඩ කරලා, මේ ව්‍යාපාරය ඉස්සරහට අරගෙන යන්න තමන්ගේ ශක්තිය ලබාදෙන අපේ සේවක සහෝදරයන්ටත් හදවතින්ම ස්තූතියි.
🙏 තෙරුවන් සරණින්, අපේ කණ්ඩායමේ ශක්තියෙන් සහ අපේ පාරිභෝගිකයන්ගේ විශ්වාසයෙන් Rockford Auto Mart තවත් දිගු ගමනක් යන්න සූදානම්.
අවුරුදු 3ක් සම්පූර්ණයි.
මේ අවසානයක් නෙවෙයි…
මේ තව ලොකු ගමනක ආරම්භයක් විතරයි. ❤️
මහන්සියෙන් තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගන හැමෝටම ජයග්‍රහණය අත්වේවා!
ඔබ ප්‍රාර්ථනා කරන සියලුම හීන සැබෑ වේවා! 🙏
🚘 ROCKFORD AUTO MART (PVT) LTD 3 YEARS & MOVING FORWARD… 🚀