30/06/2025
🍁 ඩෙංගු මට්ටු කරන උණ ගොබ 🍁
ඉදිරියට ලඟ ලඟම එන ඩෙංගු වලට නොවරදින හෙළ බෙහෙත, "උණ".
කැළෑවල තියෙන ගොඩක් මහත 'බෙර උණ' (යෝධ උණ) සහ ගෙවත්තේ අලංකාරයට වවන හීනි උණ බට ආදී වෙන වර්ග ගන්නෙ නැහැ. පලංචි වලට ගන්න මධ්‍යම ප්‍රමාණයේ කහ සහ කොළ උණයි වර්ග දෙක විතරයි මේ බෙහෙතට ගන්නෙ.
අඩි 2 1/2 සිට අඩි 5 දක්වා උස පරතරය ඇති උණ හොබ වල පමණයි ප්‍රසස්ථ ගුණය තියෙන්නෙ. බූව අතේ ගෑවුණාම කසන නිසා, පරිස්සමින් කෙසෙල් කඳක පිති අරිනවා වාගෙ අයින් කරන් ගියාම, මැද ඉතුරු වෙනවා කෙසෙල් මුහ හැඩැති කොටසක්. එක හරියට, පොල් ගස් කැපුවාම කරටිය හාරන් ඒ කාලෙ ළමයින් කන බඩ වගේ සුදු පාට, අතින් ඇල්ලුවාම කැඩෙන, මෘදු කොටසක්.
මෙන්න මේ කොටස අරන් කෑලි කපල වංගෙඩියක දාල කොටල (එහෙම බැරි නම් බ්ලෙන්ඩර් කරල ගන්නත් පුළුවන්.), පිරිසිදු රෙදි කෑල්ලකට අරන් මිරිකල, වතුර නොදා ඉස්ම ටික ගන්න ඕනෙ. දැන් බෙහෙත හදල ඉවරයි.
මෙ බෙහෙත එළියෙ තියනව නම්, දවස් 1 1/2 ක්, 2 ක් විතර තියාගන්න පුළුවන්. ශීතකරනයක තියෙනව නම් මාසයක් විතර කල් තියාගන්න පුළුවන්.
ඊට වඩා කල් තියනව නම්, තල් සූකිරි දාල 40 - 60 ℃ වගේ අඩු උෂ්ණත්වයක් යටතේ පැණි කරගන්න ඕනෙ. පලපුරුදු නැති අය, පැණි විදිහට හදන එක තනියම කරන්න යන්නෙ නැතිව, බෙහෙත හදල පළපුරුදු අයගෙන් අහගෙන කරනව නම් තමයි වඩා හොඳ.
ඒ වගේම, තල්සූකිරි වෙනුවට රතුසීනි හෝ වෙනත් ආදේශක යොදල හරියන්නෙ නැති බව විශේෂයෙන් සිහිපත් කරන්න ඕන. මේ ක්‍රමයට පැණි කළාම, බෙහෙත සෑහෙන කාළයක් තියාගන්න පුළුවන්. (වසර 3 ක් විතර ගියත් වෙනසක් නැහැ. ඊට වඩා කල් ගියා කියල නරක් වෙන්නෙ නම් නැහැ. ඒත් ගුණය අඩුවෙනවද කියල අපිට තාම පරීෂණ කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ.)
ඩෙංගු හැදුන වැඩිහිටි අයෙකුට නම්; අමු ඉස්ම බෙහෙතෙන් නම් වරකට මේස හැඳි 2 ක ගානෙ, දවසට 3 වරක්, 'උදේ, දවල්, රෑ, උදේ, දවල්' යන ආහාර වේල් ගන්න ක්‍රමයට, වේල් 5 ක් දෙන්න ඕනෙ. ( මේ බෙහෙත, වේල් 5ට වඩා දෙන්නෙ නැහැ.) පැණිය නම් දෙන්නෙ වරකට, තේ හැදි 1 බැගිනුයි.
ඉංග්‍රීසි හෝ ආයුර්වේද හෝ වෙනත් ඕනෑම බෙහෙතක් ගන්න ගමන් මේ බෙහෙත ගත්තා කියල වැරැද්දක් වෙන්නෙ නෑ. මේක වසක් විසක් නෙවෙයි, ආහාරයක්. (සමහර රටවල මේව ආහාරයට ගන්නව.)
නමුත් මේ බෙහෙත, ගර්භණී මව්වරුන්ට දීමට සුදුසු නැති බව විශේෂයෙන් සඳහන් කරන්න ඕන.
ඩෙංගු රෝගියෙකුට මේ බෙහෙත දුන්නාම, වේල් 2, 3 යනකොට බෙහෙතෙ ගුණය, රෝගියාටම තේරෙනවා. වේල් 5 බිව්වට පස්සෙ ඇඟේ අමාරුත් එක්ක රෝගය සම්පූර්ණයෙන් සුව වෙනවා.
රෝගයෙන් අක්මාවට හානි වෙලා තියෙනව නම්, මේ බෙහෙතෙන් පස්සෙ, හීන් බෝවිටියා කැඳ ටිකක් දිගට බොන්න වෙනව. ඇඟේ විස ගතිය ගිහින් ලේ ධාතුව ශක්තිමත් වෙන්නට, මොණරකුඩුම්බිය කැඳ ගොඩක් හොඳයි.
ගොඩක් අමාරු රෝගියෙකුට නම්, මේ සියළු ප්‍රථිකාර කරන්න ඕන, රෝගී තත්වය අනුව, වෛද්‍යවරයෙක්ගෙ අධීක්ෂණය යටතෙයි.
ඩෙංගු වලට පමණක් නෙවෙයි, චිකන් ගුන්යා, මොලේ මැලේරියා, සාස්, සෙංගමාලය ඇතුළු සියළුම වෛරස් උණ රෝග වලට මේක ප්‍රත්‍යක්ෂ හෙළ බෙහෙතක්. පසුගිය කාලෙ, 'කො රෝණා' ලෙස හැඳින්වූ, දරුණු ඉන්ප්ලූවැන්සා රෝගය වැළඳී අමාරු වූ රෝගීන් රැසකගේම ජීවිත, මේ බෙහෙත නිසා බේරුන බව කියන්න ඕන.
සෙංගමාලයට පමණක් කහ උණ ගොබ ගන්නෙ නැති බව කියන්න ඕන. ඒකට දෙන්නෙ, කොළ උණ ගොබ ඉස්ම විතරයි. සාමාන්‍ය වෛරස් උණට, ඩෙංගු වලට සහ එතරම් දරුණු නොවන වෛරස් උණ රෝග වලට, කහ උණ ගොබ ඉස්ම ප්‍රමාණවත්.
චිකන්ගුන්‍යා, මොලේ මැලේරියා (මොළේ උණ) ලෙස හඳුන්වන දරුණු වෛරස් උණ රෝග සඳහා, කහ සහ කොළ කියන උණ වර්ග දෙකේම ඉස්ම සම ප්‍රමාණ වලින් මිශ්‍ර කරල ගත්තාමයි බෙහෙත හැදෙන්නෙ.
කොහොම වුණත්, වෙනත් බෙහෙත් ප්‍රථිකාර වගේම මේ බෙහෙතත් ගුණ දෙන්නෙ, තම තමන්ගෙ කර්ම ශක්තියට යටත්ව බව හොඳින් තේරුම් ගන්න එක වැදගත් වෙනව.
විශේෂයෙන් හෙළ බෙහෙත් වලට ගරහපු අයට මේ බෙහෙත ගුණ නොදෙන්න වගේම, බිව්වම වමනෙට ගිහින් අපත්‍ය වෙන්නත් ඉඩ තියෙන බව කියන්නෙ අත්දැකීමෙන්මයි.
මේ වටිනා බෙහෙත අපි දැනගත්තෙ, අපවත් වී වදාළ, අති උතුම් වහරක අභයරතණාලංකාර නාහිමිපාණන් වහන්සේගෙන් බවත් සිහිපත් කරන්න ඕන.
සිව්පිළිසිඹියා ඥාණ, අභිඥාපාදක ඥාණ හා ඖෂධ සමාධි ආදී, විවිධ සමාධි වලින් හෙබි උන්වහන්සේට, කළාතුරකින් උත්තමයෙකුට අති දුර්ලභව හිමිවෙන, "සතර පොත්ගුල් දොරවල් විවෘත වීමේ" භාග්‍ය ද, ලැබී තිබුණා.
ඒ නිසා, ඕනෑම විෂයකට අදාළ ඕනෑම ගැටළුවකට ක්ෂණිකව සමාධිගත වී නිසි පිළිතුරු ලබාදීමට ඇති හැකියාව පුදුම සහගතය.
මේ නිසා, අපේ රටේ පාලකයන්ට වගේම බොහෝ විද්වතුන්ට ද, මේ හිමියන්ගේ වටිනාකම නොතේරුණාට, දියුණු රටවල වෙසෙන අජටාකාශ විද්‍යව වැනි නවීන විද්‍යා ක්ෂේත්‍රවල කටයුතු කරන විද්‍යාඥයන් පවා, ඔවුන්ගේ පර්යේෂණයන්ට අසු නොවූ, විවිධ ගැඹුරු විද්‍යාත්මක කරුණු කාරණා දැන ගැනීම සඳහා උන්වහන්සේ හමුවෙලා තියෙනව.
අතීතයේ පැවතිලා යටපත් වූ මේ හෙළ බෙහෙත, වහරක හිමිපාණන් වහන්සේගේ ඖෂධ සමාධියට ගෝචරවීම අප ලඳ භාග්‍යකි. උන්වහන්සේ අපවත්වී වදාළේ, මේ වගේම වටිනා ඖෂධ වර්ග රාශියක් ලෝකයට දායාද කරම්නි. (උන්වහන්සේ ලබාදුන් මේ වටිනා දැනුම, ඇතැම් පිරිස් තම බඩ වඩා ගැනීමේ මුඛ්‍ය අරමුණෙන් කටයුතු කරන බව ද කණගාටුවෙන් වුවත් කියන්න වෙනව.)
කරජ කයේ රෝග සඳහා මෙසේ යටපත් වූ හෙළ බෙහෙත් මතුකළා සේම, භව රෝගය සඳහා ප්‍රත්‍යවෙන නිර්මල සදහම් ඔසු ද, ලෝක සත්වයා කෙරෙහි දයානුකම්පාවෙන්, වහරක හිමිපාණන් වහන්සේ විසින් මතුකර දී ඇති බව කියන්න ඕන.
ත්‍රිපිටකයේ පාලි පදවල සිංහල අරුත්, කාළයත් සමඟ ඉන්දියාණු බමුණු වේද අදහස් හා මුසුවිම නිසා ලෞකිකකරණය වී යාම නිසා, නිවන් දැකීමට හේතුවෙන නිර්මල දහම සෑහෙන කාළයක සිට ගැඟව ගිහිල්ලයි තිබුණෙ. තමා ලද සිව්පිළිසිඹියා ඥාණ තුලින් නියම ආර්ය අරුත මතුකරදීම තුලින් ආර්ය කළණ වැට ශක්තිමත් කිරීමට උන්වහන්සේ සිදුකළ අතිමහත් ශාසනික සේවය වචන වලින් කෙසේ නම් පවසන්නද?
ඇදේට යන කකුළුවන් අතරේ, එකෙකු කෙලින් ගියහොත්, ඇදේට යන අනිත් උන් කියන්නෙ, 'අරූ ඇදේට යනවා' කියාය. විකෘතියක හිඳිමින්, විකෘර්තියක්ම දෙසමින් "කන්ඨ සූත්‍රය" අග්‍ර කරගත් ඇතැම් පිරිවැජියන් විසින් වහරක හිමියන්ගේ ප්‍රකෘර්ති දහමට, "විකෘතියක්" කියා ගරහන බව ඇත්ත. ඒ කාගේවත් කේලම් බස් නොඅසා, උන්වහන්සේ විසින් දේශිත සදහම් දේශණා කීපයක් ඇසීමෙන් අනතුරුව, ප්‍රකෘර්ති ද, විකෘර්තිද කියා තමන්ම තීරණය කරන මෙන්, නැණ නුවන ඇති පිංවන්ත ඔබගෙන් ඉල්ලා සිටිමි.
මමද, සියළු සත්වයෝ,
සංසාර රෝගයෙන් මිදෙත්වා!
(උපුටා ගැනීම නයන මහතාගෙනි)
උපුටාගැනීම මාතර වෙද ගෙදර පිටුවෙනි.
මුල්හිමිකරුට ස්තූතියි.