DD Lanka

DD Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DD Lanka, Automotive Parts Store, Hanwella.

23/09/2024
Keyless Entry Systems
23/09/2024

Keyless Entry Systems

හංවැල්ල ප්‍රදේශයේ ප්‍රමුඛ රථවාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා පලපුරුදු විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යව ඇත...
23/09/2024

හංවැල්ල ප්‍රදේශයේ ප්‍රමුඛ රථවාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා පලපුරුදු විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යව ඇත .
ඉහළ ගැටුපක් ලබාගත හැක.
Contact - 0753346434

15/08/2021

⛽ හයිබ්‍රිඩ් කාර් එක හරියට දැනගෙන පවිච්ච්චි කරමු..

ඕනෑම කෙනෙක් hybrid වාහනයක් මිලදීගන්න ප්‍රධාන හේතුව තමයි එහි fuel economy එක, අඩුම තරමේ තෙල් ලීටරයකින් කිලෝමීටර 20ක්වත් ධාවනය කරන්න පුළුවන් කියල හිතලා තමයි කෙනෙක් hybrid මෝටර් රථයකට මාරුවෙන්නේ. හැබැයි hybrid රථයක් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් එක්ක ධාවනය කරන එක ඇත්තටම වෙනම කලාවක් කිව්වොත් වැරදි නැ. ඕනතරම් අය ඉන්නවා hybrid එකේ හිතන තරම් තෙල් වැඩ කරන්නේ නැ කියල කියන්න නමුත් එක තනිකරම බොරුවක්. අද අපි කතා කරන්නේ hybrid එකක් තෙල් වැඩ කරන විදිහට එලවන්නේ කොහොමද කියල.

මොකක්ද hybrid කියල කියන්නේ? අපි ඒගැන මුලින් කෙටි පැහැදිලි කිරීමක් කරගමු. hybrid කියන්නේ සිංහලෙන් නම් දෙමුහුන් යන අර්ථයයි ඒ කියන්නේ යම්කිසි දේවල් දෙකක් එකතුවීමෙන් සිදුවන දෙයක්. ප්‍රධාන වශයෙන් අපි හැමෝම දන්නා Prius, Axio, Insight, Fit, හා Outlander වැනි මෝටර් රථ ධාවනය විදුලි මෝටරයක් මගින් හා එන්ජිමක් මගින් සිදුකරනවා. එහිදී දැන් පවතින තාක්ෂනය අනුව total electric ලෙසද මෙම රථ ධාවනය කිරීමට පුළුවන්. මෙහිදී එන්ජිම මගින් නිපදවන අතිරික්ත ශක්තිය හා තිරිංග තද කිරීමේදී අපතේයන ශක්තිය විද්යුත් ශක්තිය ලෙස බැටරියේ ගබඩාකොට එම ශක්තිය අවශ්‍යවිට මෝටරය හරහා එන්ජිමට ලබාදීම මගින් තමයි ශක්ති හානිය අවම කරගන්නේ.

1] මුලින්ම වාහනයට හොදින් හුරුවන්න, විශේෂයෙන් accelerator එකේ electric drive on වෙන තැන, වැඩිපුර ශක්තිය ගබඩාවන අයුරින් brake කරන්න ඕන ආකාරය ගැන දැනුවත් වෙන්න. වාහනයේ බලශක්ති තත්වය ගැන තොරතුරු දෙන එනර්ජි මොනිටරයෙන් ලැබෙන දත්ත හොඳින් තේරුම් ගෙන දැනුවත් වෙන්න.

2] Toyota හයිබ්‍රිඩ් වාහන වගේම අනෙක් මාදිලි වන හයිබ්‍රිඩ් වාහන වලත් විවිධ ඩ්‍රයිව් මෝඩ්, නැතිනම් වාහනයේ එන්ජිමේ හා බැටරියේ ක්‍රියාකාරිත්වය අඩුවැඩි කෙරෙන තෝරාගැනීම් තියෙනවා. ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය ටොයෝටා හයිබ්‍රිඩ්වල EV MODE, ECO MODE, PWER MODE කියලා තෝරාගැනීම් තුනක් තියෙනවා.

*** EV MODE එකේදී වාහනය හැකිතාක් විදුලියෙන් දුවන්නේ, එතකොට ඉන්ධන ඉතුරු වෙනවා. පෙට්‍රෝල් එන්ජිම ස්ටාර්ට් වෙන්නේ බැටරිබලය හොඳටම අඩුවුනාම. Traffic එකක ඉන්නවනම්, හදිසියක් නැතිනම් සෙමෙන් accelerate කරන්න එතකොට වාහනය මුළුමනින්ම EV mode එකේ තියාගන්න පුළුවන් නිසා.

*** ECO MODE කියන්නේ එකොනොමි මෝඩ් නැතිනම් හැකිතාක් පිරිමැසුම්දායක ලෙස ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතාකරන්න වාහනයේ බොහෝ දේවල් ස්වයංක්‍රීයව සීරුමාරු කෙරෙන මෝඩ් එකක්. මෙම අවස්ථාවෙදී වාහනයේ වායුසමන යන්ත්‍රය වගේම වාහනයේ ඇක්සලරේෂන් වේගයත් අඩුයි. මේ මාදිලිය හොඳම අවස්ථාව අධිවේගී මාර්ගවල නැතිනම් දුරගමනකදී හමුවෙන වාහන අඩු, කඳු, වංගු නැති කෙලින් පාරවල් වලට.

*** PWR MODE කියන්නේ වාහනයේ ජවය වැඩිකරන, උපරිම ජවයක් දෙන පවර් මෝඩ් එකට. හදිසියකදී, වෙනත් වාහන ඉස්සර කරන විටදී මේ මෝඩ් එක තෝරාගන්න. එතකොට ජවය වැඩිවෙලා ඉක්මණට ඇක්සලරේට් වුනත් ඉන්ධන පිරිමැස්ම අඩුවෙනවා.

3] තරමක වේගයෙන් යනවනම් ඉදිරියෙන් මාර්ගය හොදින් අධ්‍යනය කරන්න, එකවර brake කරන්න එපා, හෙමින් brake කරන්න එතකොට වාහනයේ තිබෙන චාලක ශක්තිය හොදින් විද්‍යුත් ශක්තිය බවට පත්කරගෙන බැටරියේ ගබඩා කරන්න පුළුවන්. ඒවගේම අත්‍යාවශ්‍ය නැතිනම් ඇක්සලරේටරය (ත්‍රොටලය ) තදින් පාගන්න එපා. ඩීසල් වාහන, විශේෂයෙන් ඔටෝමැටික් ගියර් තියෙන ඩීසල් වාහන එලවලා පුරුදු අය හයිබ්‍රිඩ් එලවනකොටත් පුරුද්දට වගේ තදින් ඇක්සලරේටර් එක පාගනවා. ඒකෙන් වෙන්නේ ඉන්ධන අපතේ යන එක.

4] අධිවේගී මාර්ගය හෝ වෙනත් පැහැදිලි මාර්ගයක වේගයෙන් ගමන් කරනවානම් cruise control එකට වාහනය බාරදෙන්න, මොකද වාහනයේ computer එක තරම් හොදට අපිට එන්ජිම හා විදුලි මෝටරය balance කරන්න බැරි නිසා.

5] හැකිතාක් හොඳ තත්වයෙන් යුතු මාර්ග භාවිතාකරන්න. වලවල් වැඩිනම් slow වෙද්දී තෙල් වැඩකරනවා අඩුයිනේ. වාහනයේ service වෙලාවට කරන්න. එන්ජින් plug මාරුකිරීම එන්ජින් oil මාරුකිරීම වැනි දේවල් නිසි කලට සිදුකරන්න. වාහනය ගැන පොඩ්ඩක් හොයල බලලා User Guide එක කියවලා තාක්ෂනය ගැන ඉගෙන ගන්න, මොකද hybrid තාක්ෂනය ගැන දැනුමක් තියනවනම් තෙල් වැඩ කරනවිදිහට එලවන්න පුළුවන්.

6] AC එක නැතිනම් ක්ලයිමේට් කොන්ට්‍රෝල් පද්ධතිය ඕනවට වැඩිය සීතල වැඩි කරන්න එපා, මොකද hybrid වාහන වල AC එක වැඩකරන්නේ විදුලියෙන්. ක්ලයිමේට් කොන්ට්‍රෝල් පද්ධතිය Re-Circulate Mode එකට සකසන්න. එතකොට ඇතුලේ තියෙන සිසිල් වාතය පිටතට නොයා ඇතුලෙම රැඳිලා සීතල පවත්වගෙන යනවා.

7] නිවැරදිව ගියර් භාවිතා කරන්න. ට්‍රැෆික් එකකදි වාහනේ නැවතිලා තියෙනකොට N නැතිනම් නියුට්‍රල් කරන්න එපා. එතකොට බැටරිය චාර්ජ වෙන්නේ නෑ.B තේරීම යොදාගත යුත්තේ වාහනයේ වේගය අඩුකරන්න ඕනෑ විට නැතිනම් එන්ජින් බ්‍රේකින් අවශ්‍යවන විට. වේගයෙන් යනගමන් වංගුවක් ගන්නකොට, පල්ලමක් බහිනවිට ඹ් තෝරාගැනීම කරන්න. සාමාන්‍ය ධාවනයේදී D තෝරාගන්න.

ලයික් කරලා සෙට්වෙන්න..

03/06/2021

Call Now 075 334 64 34

Address

Hanwella
1

Opening Hours

Monday 08:00 - 10:00
Tuesday 08:00 - 10:00
Wednesday 08:00 - 10:00
Thursday 08:00 - 10:00
Friday 08:00 - 10:00
Saturday 08:00 - 10:00
Sunday 08:00 - 10:00

Telephone

+94753346434

Website

Alerts

Be the first to know and let us send you an email when DD Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DD Lanka:

Share