22/09/2026
🚗 රථ වාහන ගිනි නිවීම සඳහා Dry Powder වඩාත් සුදුසු වන්නේ ඇයි? 🔥
වාහනයක් ගිනි ගැනීමට ලක් වූ විට එය සාමාන්ය ගින්නකට වඩා සංකීර්ණ වන්නේ එහි ඉන්ධන, විද්යුත් පරිපථ, රබර් සහ ප්ලාස්ටික් වැනි විවිධ ද්රව්ය එකවර ගිනිගෙන දැවෙන බැවිනි. එවැනි අවස්ථාවන්හි ඔබ ක්රියාකරන ආකාරය සහ භාවිතා කරනු ලබන ගිනි නිවීම් උපකරණය අනුව එම ගින්නේ පැතිරීම හා පාලනය වීම තීරණය වේ.
මෙවැනි ගිනි පන්ති ( Fire Classes) කීපයකටම අයත් වන ගින්නක් පාලනය කිරීම සදහා බහුකාර්ය ගිනි නිවීම් මාධ්යයක් භාවිතා කිරීම අත්යවශ්ය වේ. දැනට අප රට තුල භාවිතා කරන ගිනි නිවීම් උපකරණ අතුරින් එවැනි බහුකාර්ය (multipurpose) ගිනි නිවීම් උපකරණයක් වන්නේ ABC Powder/ Dry Chemical Powder හා DCP යන නම් වලින් හදුන්වනු ලබන වියළි රසායනික කුඩු ගිනි නිවීම් උපකරණයි.
රථ වාහන සඳහා Dry Chemical Powder /DCP (ABC) ගිනි නිවන උපකරණයක් නිර්දේශ කිරීමට ප්රධාන හේතු කිහිපයක් තිබේ:
1. ගිනි වර්ග කිහිපයක් එකවර මැඩපැවැත්වීමේ හැකියාව:
🔴 Class A: වාහනයේ ඇති සීට්, ටයර් සහ කාපට් වැනි ඝන ද්රව්ය.
🔴 Class B: පෙට්රල්, ඩීසල්, ලිහිසි තෙල් (Oil) සහ බ්රේක් ඔයිල් වැනි ද්රව ඉන්ධන.
🔴 Class C: ගිනි ගන්නා සුළු වායු වර්ග
🔴 බැටරිය සහ වයර් පද්ධතිය ආශ්රිතව ඇති වන විද්යුත් ගිනි.
2. රසායනික ක්රියාවලිය:
මෙහි අඩංගු මොනෝඇමෝනියම් ෆොස්පේට් (Monoammonium Phosphate) රසායනික කුඩු මගින් ගින්න මත තුනී ස්ථරයක් සාදා ඔක්සිජන් සැපයුම අත්හිටුවීම මගින් ගින්න නිවා දමයි (Smothering). එලෙස සාදන තුනී ස්ථරය හේතුවෙන් ගින්න නැවත ඇතිවීමද පාලනය වේ.( Brake the Chain Reaction)
⚠️ වෙනත් ගිනි නිවන මාධ්ය නොගැලපෙන්නේ ඇයි?
🔴 ජලය (Water Fire Extinguisher): ඉන්ධන ගින්නකදී ජලය භාවිතා කිරීමෙන් ගින්න තවත් පැතිරී යා හැක (ජලයේ ඝනත්වය ද්රව ඉන්ධන වලට වඩා වැඩි නිසා ඉන්ධන ජලය මත පාවේ. එමගින් ගින්න තවත් පැතිරී යා හැක)
🔴 පෙණ ද්රාවණය ( Foam Fire Extinguisher) : පෙණ ද්රාවණය සහිත ගිනි නිවීම් උපකරණය ද්රව ඉන්ධන ගිනි නිවීම සදහා සුදුසු වූවත්, වාහනයේ බැටරිය සහ වයර් පද්ධතිය ආශ්රිතව ඇති වන විද්යුත් ගිනි සදහා සුදුසු නොවේ.
🔴 කාබන්ඩයොක්සයිඩ් (CO2): විද්යුත් සහ ද්රව ඉන්ධන ගිනි නිවීම සදහා සුදුසු වූවත්, එළිමහනේදී හෝ සුළං පවතින අවස්ථාවක CO2 වායුව ඉක්මනින් විසුරුවා හැරෙන බැවින් ගින්න නිවීම අපහසු විය හැක. තවද කාබන්ඩයොක්සයිඩ් මගින් අවශේෂ ස්ථරයක් (residue free) නොසාදන බැවින් ගින්න නැවත ඇතිවීමේ අවධානමක් පවතී.
🔥 ගින්නක් ඇති වූ විට ක්රියා කළ යුතු නිවැරදි පිළිවෙත:
🔴 දුමක් හෝ ගින්නක් දුටු විගස කලබල නොවී වාහනය පසෙකට කර නවත්වා එන්ජිම ක්රියා විරහිත කරන්න.
🔴 ගින්න බොනෙට්ටුව (Bonnet) තුළ නම්, බෝනෙට්ටුව එකවරම සම්පූර්ණයෙන් විවෘත නොකරන්න. එවිට ඔක්සිජන් එකවර ගින්නට වැඩිපුර ලැබී ගින්න දරුණු විය හැක. එබැවින් කුඩා ප්රමාණයක් පමණක් විවෘත කර ඒ තුළින් ගිනි නිවන කුඩු බොනෙට්ටුව ඇතුලට විදින්න.
💡 මතක තබා ගන්න:
ඔබේ වාහනයේ ගිනි නිවන උපකරණයක් තිබේනම්, එහි පීඩනය (Pressure Gauge) නිවැරදි මට්ටමේ පවතීදැයි මසකට වරක්වත් පරීක්ෂා කරන්න. එය මගී අසුනට යටින් හෝ රියදුරුට ඉක්මනින් ගත හැකි ස්ථානයක සවි කර තබන්න.
ඔබගේ සහ රථයේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින්න!
🔥ගිණිනිවීමේ උපනරණයක් ඇනවුම් කිරීමට දැන්ම අපිට කතාකරන්න
0740905477
The Modify Shop