23/04/2024
බක් පුර පසළොස්වක පෝය (අප්‍රේල් මාසය) වැදගත්කම.
* දෙවන වර ශ්‍රී ලංකාවේ නාගදීපයට වැඩීම
චුල්ලෝධර – මහෝධර නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුව සදහා ඇතිවූ යුද්දය වැලැක්වීමට බුදුරදුන් ලක්දිව නාගදීපයට පැමිණ ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම වූයේ බක් මහ පොහොය දිනකය.
* සතර පෙරනිමිති වලින් පලමු වන පෙරනිමිත්ත ජරා (මහලු) පෙරනිමිත්ත දැකීම
සුද්දෝදන මහරජතුමා බමුණන් ගේ කීම අනුව ජරා - ව්‍යාධි - මරණ හා ශ්‍රමණ දැක සසරට කළකිරී අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන් දැඩි ආරක්ෂාව සලසා ඇති අවස්තාවේ පළමු පෙරනිමිත්ත වන ජරා(මහලු) රූපය සිදුහත් කුමරු ඇස ගැටී ඇත්තේ බක් මහ පොහොය දිනක ය.
* කිඹුල්වත් පුර ගමන
සුද්දෝදන පිය මහ රජතුමා ප්‍රධාන ඥාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පා ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවූයේද බක් පුර පසළොස්වක පොහොය දිනයකය.