17/07/2026
ඇලුමිනියම් කියන්නේ ලෝකය වෙනස් කළ මූලද්‍රව්‍යයක්.
හැම මූලද්‍රව්‍යයක්ම ලෝකයට වටිනාකමක් එකතු කළා, ශිෂ්ටාචාරය දියුණු කළා. ඇලුමිනියම් ලෝකයට එන්න කලින් කාර්මික ලෝකයේ වැදගත්ම ලෝහ වුණේ යකඩ සහ වානේ.ඒත් ඒවා බරින් අධිකයි.
ඒ නිසාම, තරඟකාරී ලෝකයට වඩා සැහැල්ලු සහ පහසුවෙන් සොයාගන්න පුලුවන් මූලද්‍රව්‍යයක් උවමනා වුණා.
පහසුවෙන් හොයාගන්න පුලුවන් වීම විතරක් ප්‍රමාණවත් වුණේ නැහැ, විශාල වැඩ කොටසක් ඵලදායී විදියට කරගන්නත් ඕනෙ වුණා.
ඒකෙ ප්‍රතිඵලයක් තමයි ඇලුමිනියම් භාවිතය.
විශේෂයෙන්ම, ගුවන් යානා තාක්ෂණයටත් ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයටත් ඇලුමිනියම්වලින් සැපයුනේ විශාල සේවයක්.ලෝක යුද සමයේදී ජර්මානුවන්ට වේගවත් තාක්ෂණයක් අවශ්‍ය වුණා. ගොඩනැගිලි ඉක්මනින් ඉදි කරන්න සිදු වුණා, යුද්ධයට අවශ්‍ය ගුවන් යානා නිපදවන්න උවමනා වුණා.
ජර්මානු විද්‍යාඥයෙක් වුණු ඇල්ෆ්‍රඩ් විල්ම් තමයි මෙහිදී පුරෝගාමී කාර්යයක් ඉටු කළේ. ඒ වගේම, ඇලුමිනියම්වල ඇති මේ සුවිශේෂී බව නිසාම 1931 වෙද්දි ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහාත් ඇලුමිනියම් විශාල වශයෙන් භාවිතා කරන්න ඔවුන්ට පුලුවන් වුණා. මෙතැන් පටන්, ඇලුමිනියම් තාක්ෂණය ලෝකය සීඝ්රයෙන් වෙනස් කළා.