LGEA

LGEA පළාත් පාලන ඉංජිනේරු සංගමය
உள்ளாட்சி பொறியாளர்கள் சங்கம்
Local Government Engineers' Association

Wrapping up 2025 with appreciation and warm goodbyes. LGEA Year-End and Farewell Party, 22nd December 2025.Photo Credits...
21/12/2025

Wrapping up 2025 with appreciation and warm goodbyes. LGEA Year-End and Farewell Party, 22nd December 2025.
Photo Credits: Shastriya Dolapihilla

කොළඹ මහා නගර සභාවේ ඉංජිනේරුවරුන් හා සේවක මහතුන් එක්ව ගම්පළ ගඟ ඉහල කෝරලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දිට්වා සුළි කුණාටුව ...
15/12/2025

කොළඹ මහා නගර සභාවේ ඉංජිනේරුවරුන් හා සේවක මහතුන් එක්ව ගම්පළ ගඟ ඉහල කෝරලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දිට්වා සුළි කුණාටුව නිසා සිදුවූ නාය යාම් හේතුවෙන් අවහිර වූ මාර්ග පිරිසිදු කිරීම සඳහා වූ විශේෂ ක්‍රියාන්විතයක් 2025/12/15 දින සිට 2025/12/20 දින දක්වා ආරම්භ කරන ලදි.

கம்பளையின் கங்கை இஹல கோரலே பிரதேச சபைப் பகுதியில் தித்வா சூறாவளியால் ஏற்பட்ட நிலச்சரிவுகளால் தடைபட்ட சாலைகளை அகற்றுவதற்காக, கொழும்பு மாநகர சபையின் பொறியாளர்கள் மற்றும் தொழிலாளர்களுடன் இணைந்து 15/12/2025 முதல் 20/12/2025 வரை ஒரு சிறப்பு நடவடிக்கை தொடங்கப்பட்டது.

A special operation was launched from 15/12/2025 to 20/12/2025 to clear roads blocked by landslides caused by Cyclone Ditwa in the Ganga Ihala Korale Pradeshiya Sabha area of the Gampola, together with engineers and workers of the Colombo Municipal Council.

01/12/2025

We appreciate your service
Eng. Ajith Gunasekara ( Director general of Irrigation)
Eng. L.S.Sooriyabandara ( Director- Hydrology and Disaster Management)

🌧️💙 Colombo Needs YouJoin the Colombo Municipal Council’s flood relief effort to support families who are struggling aft...
29/11/2025

🌧️💙 Colombo Needs You
Join the Colombo Municipal Council’s flood relief effort to support families who are struggling after the severe rainfall.
Let’s rebuild lives—together. 🙏

🩵 වසර 31ක් කොළඹ මහා නගර සභාවට උසස් සේවයක් ලබාදුන්, පළාත් පාලන ඉංජිනේරු සංගමයේ (LGEA) හිටපු සභාපති හා ජල සම්පාදන හා ජලාපව...
17/10/2025

🩵 වසර 31ක් කොළඹ මහා නගර සභාවට උසස් සේවයක් ලබාදුන්, පළාත් පාලන ඉංජිනේරු සංගමයේ (LGEA) හිටපු සභාපති හා ජල සම්පාදන හා ජලාපවහන අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු R. A. T. P. රණවක මහතාට,
අද (2025/10/17) දින විශ්‍රාම දිවියට පියමන් කරන අවස්ථාවේ,
සුවයෙන් පිරුණු, සතුටින් හා සමාධියෙන් පිරි දිගු විශ්‍රාම දිවියක් ලැබේවායි අපේ ආශිර්වාද...! 🌸🙏🎉

පළාත් පාලන ඉංජිනේරු සංගමයේ ජේෂ්ඨ තම සාමාජිකයෙකු වන ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත Kumudu Lal  මහතා නිවාස, ඉදිකිරීම් ...
13/10/2025

පළාත් පාලන ඉංජිනේරු සංගමයේ ජේෂ්ඨ තම සාමාජිකයෙකු වන ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත Kumudu Lal මහතා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙන ලදී.

මෙම නව පත්වීම ප්‍රදානය කරන අවස්ථාව වන විට, එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

உள்ளூராட்சி பொறியாளர்கள் சங்கத்தின் மூத்த உறுப்பினரான பொறியியலாளர் எல். குமுது லால் போகாவத்த, வீடமைப்பு, கட்டுமானம் மற்றும் நீர் வழங்கல் அமைச்சின் செயலாளராக நியமிக்கப்பட்டுள்ளார்.

ஜனாதிபதி செயலகத்தில் இன்று (13) காலை ஜனாதிபதி செயலகத்தில் ஜனாதிபதியின் செயலாளர் டாக்டர் நந்திக சனத் குமநாயக்க அவர்களால் தொடர்புடைய நியமனக் கடிதம் அவருக்கு வழங்கப்பட்டது.

புதிய நியமனம் வழங்கப்பட்ட நேரத்தில், எல். குமுது லால் போகாவத்த நகர அபிவிருத்தி அதிகாரசபையின் தலைவராகப் பணியாற்றி வந்தார்.

Engineer L. Kumudu Lal Bogahawatte Appointed as Secretary to the Ministry of Housing, Construction and Water Supply

Engineer L. Kumudu Lal Bogahawatte, a senior member of the Local Government Engineers Association, has been appointed as the Secretary to the Ministry of Housing, Construction and Water Supply.

The official appointment letter was presented to him by the Secretary to the President, Dr. Nandika Sanath Kumanayake, at the Presidential Secretariat this morning (13).

Prior to this appointment, Eng. Bogahawatte served as the Chairman of the Urban Development Authority (UDA).

Family Trip of Local Government Engineers' Association – 2025 🚌✨An unforgettable journey from 05th to 07th September to ...
08/09/2025

Family Trip of Local Government Engineers' Association – 2025 🚌✨
An unforgettable journey from 05th to 07th September to the historic beauty of Sigiriya, filled with laughter, bonding, and memories to cherish forever. ❤️🏞️

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ අභිනව සභාපති ඉංජිනේරු අයි. එම්. එස්. බණ්ඩාර මහතාට පළාත් පාලන ඉංජිනේරු සංගමයේ උණුසුම් සුභ පැත...
01/08/2025

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ අභිනව සභාපති ඉංජිනේරු අයි. එම්. එස්. බණ්ඩාර මහතාට පළාත් පාලන ඉංජිනේරු සංගමයේ උණුසුම් සුභ පැතුම්...

A new chapter begins!
Congratulations to Eng. Dr. I.M.S. Bandara on being elected as President of APSE.
Your leadership and expertise will shape a stronger future for public service engineering.

28/07/2025

~Emailed to all members... Posted on Announcement Group. Links provided there ~~~

Dear Esteemed Members of APSE,

We are pleased to invite you to the 44th Annual General Meeting (AGM) of the Association of Public Service Engineers (APSE), scheduled as follows:

Date: 30th July 2025

Time: 9.30 a.m. onwards

Venue: Foundation Institute, Colombo 7

Attire: Formal

The AGM is a pivotal event to discuss future initiatives and strengthen our collective vision. Your participation is invaluable to its success.

Key Attachments:

Resolutions Letter_APSE_AGM.pdf—Guidelines for submitting resolutions (deadline: 20th July 2025, 7.00 p.m.).

Invitation Letter - Members_APSE_AGM.pdf—Detailed AGM agenda and RSVP link.

Lunch will be provided post-sessions.

We look forward to your presence and active engagement.

Thank you

--
Eng. L.S. Sooriyabandara
Hony Secretary
Association of Public Service Engineers

අද දින කොළඹ මහා නගර සභාවේ අභිනව අධ්‍යක්‍ෂ ඉංජිනේරු (නාගරික කර්මාන්ත) ලෙස රාජකාරී ආරම්භ කළ පළාත් පාලන ඉංජිනේරු සංගමයේ (LG...
24/07/2025

අද දින කොළඹ මහා නගර සභාවේ අභිනව අධ්‍යක්‍ෂ ඉංජිනේරු (නාගරික කර්මාන්ත) ලෙස රාජකාරී ආරම්භ කළ පළාත් පාලන ඉංජිනේරු සංගමයේ (LGEA) ජේෂ්ඨ සාමාජිකාවක් වන ඉංජිනේරු මංජුලා ඉඩම්පිටිය මහත්මියට, සංගමය විසින් උණුසුම් සුභ පැතුම් එක්කරයි.

ඔබගේ නව වගකීම තුළදී ඉහළ සාර්ථකත්වයක් අපේක්ෂා කරමු...!

~~~ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ නිහඬ පිටවීම – ජාතික අවදිවීමක් අවශ්‍යයි.~~~පසුගිය වසර කිහිපය තුළ, ශ්‍රී ලංකාව නිහඬවම විනාශක...
03/05/2025

~~~ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ නිහඬ පිටවීම – ජාතික අවදිවීමක් අවශ්‍යයි.~~~

පසුගිය වසර කිහිපය තුළ, ශ්‍රී ලංකාව නිහඬවම විනාශකාරී තත්වයකට ගමන් කරමින් තිබේ. එය මේ වන විට රට තුළ නව පුවත් මවන්නේ නැති උනත්, ජාතික සංවර්ධනයේ කොඳු නාරටිය සෙමින් සෙමින් බිඳ වැටෙන බව කිවයුතුමය. රජයේ සේවය කරන පළපුරුදු ඉංජිනේරුවන් නැතහොත් රටේ සංවර්ධන කාර්යයෙහි යටිතල පහසුකම් ගොඩනඟන ප්‍රධාන පාර්ශවකරුවන පවතින දෝෂ සහිත පද්ධතියෙන් ඉවත් වෙමින් පවතී. බොහෝ දෙනෙක් රට හැර යනවා. රටට ආදරය කළ ඉංජිනේරුවන් අපේ රටේ ඉංජිනේරුවන්ට හිමි කර දී ඇති පද්ධතියෙන් වෘත්තිය එපා කරවා ඇත. වෘත්තිකයන් තුළ කලකිරීම ඉතිරි කොට ඇත. රට හැරයාම බුද්ධිමතුන් රට හැර යාමක් පමණක් නොවේ. එය හදවත් බැහැරවීමක්. මේ මිනිසුන් තම දැනුම, නිර්මාණශීලිත්වය, සහ කැපවීම රටට ලබාදීමට එක් වූවෝ වෙති. සංවර්ධිත රටක් වෙනුවෙන් සිහින දුටුවෝ වෙති. ඒ සඳහා සියලු ප්‍රයත්න දැරුවෝ වෙති. ඒත්, දවසින් දවස, ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ ඔවුන්ගේ වටිනාකම, මූල්‍යමය වශයෙන් මෙන්ම වෘත්තීය වශයෙන් අවතක්සේරු කරන පද්ධතියකයි. රජයේ ඉංජිනේරුවන්ට ලැබෙන වැටුප, ගෝලීය සුදුසුකම්ලත් ඉංජිනේරුවන්ට ලැබෙන දෙයින් දශම ගණනක් විතරයි. ලෝකයේ ඉල්ලුමට අපේ රටේ ඉංජිනේරුවන් පහසුකම් ඉල්ලන්නේ නැත. ඒ වෙනුවට අසාධාරණ තත්වයක්ම නිර්මාණය කරදීමට පද්ධතිය ආත්මාර්ථකාමි වී ඇත.
ඉංජිනේරුවන්ට බරපතල වගකීම් සහිතව යල්පැනගිය පරිපාලන ක්‍රම සහ ඉදිරි යාමට හෝ පිළිගැනීමට අවම අවස්ථා තිබෙන ලෝකයක වැඩ කරන්න සිදු වෙලා. අඩු සම්පත් සමඟ ජාතික ගැටලු විසඳන්න, ලොකු පීඩනයකින් යුතුව සේවය කරන්න ඉංජිනේරුවන්ට සිදුවෙනවා.ඊටත් වඩා නරක දේ නම්, ඉංජිනේරුවන් තාක්ෂණික වශයෙන් ඉහළ වගකීම් සහගත තනතුරු වලට පවා පත් නොකරමින් අන්ත දූෂිත තත්වයක් ඇති වන පරිදි "අත්සන් කරන්නන්" ව නායකත්ව පුටුවේ තැබීමයි. ඒ නිසා, සුදුසුකම් ඇති ඉංජිනේරුවන්ට තම හැකියාවන් යොදවන්න බැරි, ඔවුන්ගේ උනන්දුව බිඳ වැටෙන තත්ත්වයකට පත්වෙනවා.ඒ නිසා, එකින් එකා එකින් එකා රට හැර යයි. බොහෝ දෙනෙක් පදිංචි වන්නටම විදේශ ගත වෙනවා. ඔවුන් යන්නේ රටට ආදරය නැති නිසා නෙවෙයි. ඒ ඔවුන්ගේ දක්ෂතාවලට මෙහි අනාගතයක් නැති බව ඔවුන්ට දැනෙන නිසා. මෙය සෑම පුරවැසියෙකුටම බලපාන අර්බුදයක්. පළපුරුදු ඉංජිනේරුවන් නැතිව, රාජ්‍ය ව්‍යාපෘතිවල ගුණාත්මක බව, ඵලදායී බව අඩුවීමේ සහ වියදම් ඉහළ යාමේ අවදානම වැඩිවී තිබෙනවා.
රාජ්‍ය සේවා ඉංජිනේරුවන්ගේ සංගමය (APSE) මහජනතාවගෙන්, ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන්, සහ සියලුම වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ වර්ධනය වන ඛේදවාචකය හඳුනා ගන්න. අපි නැති කරන්නේ ඉංජිනේරුවන් විතරක් නෙවෙයි, ජාතික සංවර්ධනයේ පදනම.ප්‍රමාද වෙන්න ඉස්සර අවදි වෙමු. අපේ ඉංජිනේරුවන්ට ගරු කරන, ඔවුන්ට වටිනාකමක් ලබාදෙන, සහ ඔවුන් රඳවා ගන්නා රාජ්‍ය සේවා පද්ධතියක් නිර්මාණය කරමු. ඒ ඔවුන් වෙනුවෙන්ම පමණක් නෙවෙයි, අපේ පුරවැසියන්ගේ අනාගතය වෙනුවෙන්.

11/04/2025

ගරු. ජනාධිපතිතුමා ගැටලුව නිවැරදිවම හෙළි කොට ඇත.

ඉංජිනේරුවන්ට සුවිශේෂී ගැටලුව නම් අලුතින් බඳවාගත් පමණින් ගැටලුවට විසඳුමක් නොලැබේ.

අත්දැකීම් සහිත ඉංජිනේරුවන් විදේශ ගත වීම සුලභ වී ඇත. "ලංකාවට ඩොලර්" ගේන්න රට ගියාට කමක් නැත.

නව බඳවාගැනීම් කළ පමණින් අත්දැකීම් සහිත ඉංජිනේරුවන්ගේ අඩුව පිරවෙන්නේ නැති බවත්, බඳවාගන්නා ඉන්ජිනේරුවන්ද රට හැර යාම සුලබ වීම තුල *පවතින පද්ධතිය* තුළම විසඳුම් නොමැති බව සියලුම දේශපාලන පක්ෂ, දේශපාලකයන්, ඉහළ නිළධාරීන් / බලධාරීන් දැනුවත් කොට ඇත.

Address

Town Hall
Colombo
0007

Telephone

+94777537894

Website

Alerts

Be the first to know and let us send you an email when LGEA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share