ASC Technologies

Directions Website Contact the business

ASC Technologies Energy News | Trainings & Job Adverts | Business Solution
(3)

17/09/2026
16/09/2026

Dankotuwa. 30kW. Live. ⚡✅

DC Fast Charger - installed & commissioned. 🇱🇰
Another smart investor. Another income stream. 💰

📞 077 692 0000 | 🌐 www.chargemaster.lk


16/09/2026

🔴 දුම්රිය වෘත්තීය සමිති 26ක්
අද මධ්‍යම රාත්‍රියේ සිට
පැය 48ක හදිසි වැඩවර්ජනයක!

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට එරෙහිව සහ ඔහුව වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසින් ගෙන එන ලද තීරණාත්මක වැඩවර්ජන ක්‍රියාමාර්ගය අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව නිවේදනය කර තිබේ. දුම්රිය රියදුරන්, පාලකයන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු ප්‍රධාන වෘත්තීය සමිති 26ක් මෙයට නිල වශයෙන් එක්ව සිටින අතර, මෙම තත්ත්වය හමුවේ මෙරට සමස්ත දුම්රිය සේවයම දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.

දුම්රිය පරිපාලන තන්ත්‍රයේ පවතින ගැටලු සහ වෘත්තීය සමිති නායකයන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව බිඳ වැටීම මෙම වර්ජනයට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබේ. පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියා හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි බව පවසන වෘත්තීය සමිති නායකයෝ, බලධාරීන් විසින් තම ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වීම නිසා මෙම දැඩි තීර ගැනීමට සිදුවූ බව අවධාරණය කරති.

මෙම හදිසි වර්ජනයත් සමඟ හෙට දිනයේ සිට දින දෙකක් පුරා දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුවී ඇති අතර, එය දිනපතා සේවාස්ථාන හා විවිධ අවශ්‍යතා සඳහා ගමන් ගන්නා ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවගේ දෛනික කටයුතුවලට දැඩි ලෙස බලපානු ඇත. අර්බුදය විසඳීම සඳහා අදාළ අංශ ගත් උත්සාහයන් අසාර්ථක වීම නිසා, ඉදිරියේදී රජය සහ ප්‍රවාහන බලධාරීන් මෙම වෘත්තීය සමිති අර්බුදය හමුවේ කුමන ආකාරයේ හදිසි මැදිහත්වීමක් සිදු කරනු ඇද්ද යන්න පිළිබඳව මේ වන විට දැඩි ජාතික අවධානයක් යොමු වී තිබේ.

16/09/2026

⚙️ Efficient Machinery Replacement Support Training Programme 🌱
Discover practical approaches to improving energy efficiency through the replacement and upgrading of energy-intensive machinery and systems.
🔹 Boiler System Replacement
🔹 Compressor System Replacement
🔹 Motor System Replacement
🔹 Chiller System Replacement

Join us to explore efficient machinery replacement strategies, energy-saving opportunities, and practical considerations for improving industrial energy performance.

🌿 Upgrade your machinery. Reduce energy consumption. Build a more efficient and sustainable future.

✨ FREE Training Programme
📅 22 September 2026
🕗 Time: 8.30 a.m. – 4.30 p.m.
📍 Venue: Industrial Development Authority (Western Province) Auditorium, Gangodawila, Nugegoda

🎯 Limited opportunities available for selected applicants.

📲 Register now and take the next step towards a greener, more sustainable business!

Link: https://forms.gle/7qc6aobNyMJRJhGX7
🤝 Jointly organized by Industrial Development Authority – Western Province

16/09/2026

වෛද්‍ය පරීක්ෂණ මිල ගණන් ඉක්මවා පෞද්ගලික රෝහල් විසින් අය කළොත් පහත අංක අමතන්න !

හැමෝටම දැනගන්න Share කරොත් ලොකු උදව්වක් වෙයි. පෞද්ගලික රෝහල් මාෆියාවෙන් කරන හොර වැඩෙත් නවත්තන්න පුළුවන් වෙයි.

16/09/2026

ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍යවේදීන් වෙතයි!

දේශගුණික මූල්‍යකරණය, පාරිසරික ප්‍රතිපත්ති, ජෛව විවිධත්වය සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ඔබේ ගවේෂණාත්මක වාර්තාකරණය ශක්තිමත් කර ගැනීමට ඔබ සූදානම්ද?
'හරිත සංක්‍රාන්ති වාර්තාකරණය' (Green Transition Reporting) පිළිබඳ පුහුණු වැඩසටහන සඳහා දැන්ම අයදුම් කරන්න. මෙය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පැවැත්වෙන ප්‍රායෝගික, නේවාසික වැඩසටහනක් වන අතර, යුරෝපා සංගමයේ 'EU Green Recovery Facility' හරහා ඊට සහාය ලබා දෙනු ලැබේ. මෙය 'Expertise France' ආයතනය විසින් 'Canal France International' (CFI) සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

අයදුම් කරන්නේ ඇයි?

- ප්‍රායෝගික නේවාසික පුහුණුව: 2026 ඔක්තෝබර් මාසයේ සති අන්ත දෙකක්, කොළඹ අසල පහසු ස්ථානයක පිහිටි හෝටලයක.
- 100% ආවරණය: සම්පූර්ණ නවාතැන්, ආහාර සහ ගමන්/ප්‍රවාහන වියදම් ආපසු ගෙවීම සපයනු ලැබේ
- උපදේශනය සහ ක්ෂේත්‍ර දීමනා: විෂය විශේෂඥයින්ගෙන් සෘජු මග පෙන්වීම + අනුමත කතා ඉදිරිපත් කිරීම් සඳහා ක්ෂේත්‍ර වාර්තාකරණ දීමනා.
- නිල පිළිගැනීම: පදනම් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කරන සහභාගිවන්නන්ට Expertise France සහ Canal France International (CFI) විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද නිල සහතිකයක් ලැබෙනු ඇත.
- සැමට විවෘතයි: පළාත් 9 පුරාම (මුද්‍රිත, විකාශන සහ ඩිජිටල්) වැඩ කරන මාධ්‍යවේදීන්. ස්ථාන සීමිතයි! මෙහි අයදුම් කරන්න:

සිංහල - https://forms.gle/UTttY2VtRHfJyGem8
අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය: 2026 සැප්තැම්බර් 25

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when ASC Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ASC Technologies:

Shortcuts

Share