Jayawardhana Engineering

Jayawardhana Engineering Manufacture, agricultural machinery and equipments.

Happy New Year 2026 🎇🎊💚
01/01/2026

Happy New Year 2026 🎇🎊💚

Agri Expo නුවරඑළිය කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය ඔක්තෝබර් මස (10) සහ (11) දින පැවති අතර මෙම ප්‍රදර්ශනය සදහා සහභාගි වීමට (Agri M...
12/10/2025

Agri Expo නුවරඑළිය කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය ඔක්තෝබර් මස (10) සහ (11) දින පැවති අතර මෙම ප්‍රදර්ශනය සදහා සහභාගි වීමට (Agri Master SL) ආරාධනා ලැබුණා.

අපගේ නවෝත්පාදන යන්ත්‍ර ප්‍රදර්ශනය කිරීම සහ ගොවියන්ට හඳුන්වාදීම මෙහිදී සිදු කෙරුණු අතර ගොවීන්ගෙන් හා නිළධාරීන්ගෙන් ඉහළ ප්‍රසාදයක් හිමි වුණා!🙌

💡 අපගේ අරමුණ ගොවීන්ට කාලය හා වියදම් ඉතිරි කර ගනිමින් වැඩි ඵලදායීත්වයක් ලබාදීමයි. ඉදිරියේදී අනෙකුත් ප්‍රදේශවලට ද අපගේ නවතම තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමට අපි ඇප කැපවී සිටිනවා.

🚜🌱 AgriBed Pro – ගොවිතැනේ නව යුගයක ආරම්භය!🌾✨🔹 AgriBed Pro කුමක් සදහාද?✅ පාත්තිය සැකසීම ද , පාත්තියට ජලය ලබාදීමට අවශ්‍ය ජ...
05/09/2025

🚜🌱 AgriBed Pro – ගොවිතැනේ නව යුගයක ආරම්භය!🌾✨

🔹 AgriBed Pro කුමක් සදහාද?
✅ පාත්තිය සැකසීම ද , පාත්තියට ජලය ලබාදීමට අවශ්‍ය ජල නල එලීම ද, එම පාත්තිය මතුපිටට ඉටිකොල ආවරනයක් එලීම ද යන සියල්ල එකවර සිදු කරයි
✅ ගොවීන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කරයි
✅ ඵලදායිතාව වැඩි දියුණු කරයි, පිරිවැය අඩු කරයි

මගේ ඉලක්කය සරලයි - කාර්යක්ෂම, දැරිය හැකි හා තාක්ෂණයෙන් උසස් කෘෂි යන්ත්‍ර ගොවීන්ට ලබා දීමයී. 💡💚

මෙය ආරම්භය පමණයි, ඉක්මනින් තවත් යාවත්කාලීන කිරීම්, වීඩියෝ සහ ක්ෂේත්‍ර පරීක්ෂණ බෙදා ගැනීමට මම බලාපොරොත්තු වෙමි. 🙌

සියලු සහයෝගයට ස්තූතියි!

#ගොවිතැන්නවෝත්පාදනය #කෘෂිකර්මය #නවසොයාගැනීම

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් දඹුල්ල ලොකු ළුණු ගොවීන් සදහා අප විසින් නිර්මාණය කරන ලද නව තාක්ෂණික යන්...
09/07/2025

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් දඹුල්ල ලොකු ළුණු ගොවීන් සදහා අප විසින් නිර්මාණය කරන ලද නව තාක්ෂණික යන්ත්‍ර හදුන්වාදීමේ වැඩසටහන මෙම ජුලි මස 08 වැනි දින සීගිරිය සහ කළුන්දෑව ප්‍රදේශවලදී සාර්ථකව පැවැත් වුණා.

මෙම වැඩසටහනට නිළධාරින් 200කටත් වඩා සහ ගොවීන් 300කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර අපගේ යන්ත්‍රවල උසස් ක්‍රියාකාරීත්වය ගැන ගොවීන්ගේ හා නිළධාරීන්ගේ ඉහළ ප්‍රසාදයක් හිමි වුණා.!🙌

💡 අපගේ අරමුණ ගොවීන්ට කාලය හා වියදම් ඉතිරි කර ගනිමින් වැඩි ඵලදායීත්වයක් ලබාදීමයි. ඉදිරියේදී අනෙකුත් ප්‍රදේශවලට ද අපගේ නවතම තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමට අපි අදිටන් කරගෙන සිටිනවා.

13/03/2025

සැම සිත් සැනසෙන පින්බර මැදින් පොහෝ දිනක් වේවා!

Agri Master Bed Makerඇග්‍රි මාස්ටර් පාත්ති තැනිමේ යන්ත්‍රය!මෙම යන්ත්‍රය විසින්ම පස බුරුල්කොට පාත්තිය සකසනු ලබයි.වැඩි විස...
10/03/2025

Agri Master Bed Maker
ඇග්‍රි මාස්ටර් පාත්ති තැනිමේ යන්ත්‍රය!

මෙම යන්ත්‍රය විසින්ම පස බුරුල්කොට පාත්තිය සකසනු ලබයි.

වැඩි විස්තර සඳහා අමතන්න:
0774512480, 071 521 6016

jayawardhanaengineering.com

09/03/2025
කෘෂිතාක්ෂණ පුනරුදය,යන මැයෙන් 2025.03.02 දින අනුරාධපුර ,පුලියන්කුලම පිහිටි FMTC ආයතනයේදී ගොවීන් 2000 කට අධික ප්‍රමාණයකට ...
08/03/2025

කෘෂිතාක්ෂණ පුනරුදය,
යන මැයෙන් 2025.03.02 දින අනුරාධපුර ,පුලියන්කුලම පිහිටි FMTC ආයතනයේදී ගොවීන් 2000 කට අධික ප්‍රමාණයකට අපගේ ජයවර්ධන ඇග්‍රි ඉන්ජිනියරින් ආයතනයේ නිෂ්පාදිත නවෝත්පාදන යන්ත්‍ර ප්‍රදර්ශනය කිරීමට සහ එම යන්ත්‍ර සම්බන්ධව ගොවීන්ට මනා අවබෝධයක් ලබාදීමට කටයුතු කරන ලදි.

මෙම ප්‍රදර්ශනයට ආයතන 10ක් තෝරාගත් අතර එයින් එක් අවස්ථාවක් අපගේ ජයවර්ධන ඇග්‍රි ඉන්ජිනියරින් ආයතනය වීම සුවිශේෂී කරුණකි.

ශ්‍රී ලංකාවේ ගොවි බිමේ තත්ත්වයන්ට ගැලපෙන කාර්යක්ෂම හා ශක්තිමත් කෘෂි යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ පුරෝගාමියෝ, ඇග්‍රි මාස්ටර්!...
06/03/2025

ශ්‍රී ලංකාවේ ගොවි බිමේ තත්ත්වයන්ට ගැලපෙන කාර්යක්ෂම හා ශක්තිමත් කෘෂි යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ පුරෝගාමියෝ, ඇග්‍රි මාස්ටර්!

ඇග්‍රි මාස්ටර්, අපගේ සුවිශේෂත්වය වන්නේ ලංකාවේ ගොවි බිමේ ඇති රළු තත්ත්වයන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව වඩාත් ගැලපෙන, ශක්තිමත් සහ කාර්යක්ෂම කෘෂි යන්ත්‍ර නිෂ්පාදනය කිරීමයි. එමෙන් ම ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන කම්කරු හිගයටද, අපගේ නිෂ්පාදන ඔස්සෙ අපි පිළියම් ඉදිරිපත් කරන්නෙමු.

වැඩි විස්තර සදහා අමතන්න:
0774512480, 0715216016

jayawardhanaengineering.com

26/02/2025

‘ඇග්‍රි මාස්ටර්’ බීජ සිටුවීමේ සහ පොහොර යෙදීමේ යන්ත්‍රය.
Agri Master Seeder cm Fertilizer Drill

ට්‍රැක්ටරයකට අමුණා ක්‍රියාත්මක කරන මෙම යන්ත්‍රයෙන් වගා බිමේ බීජ සිටුවීමට අවශ්‍ය කාණු හෑරීම, පොහොර යෙදීම, බීජ සිටුවීම සහ කාණු නිසි පරිදි වසා දැමීම යන කාර්යයන් හතරක් එකවර සිදු කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා අමතන්න:
0774512480, 0715216016
jayawardhanaengineering.com

Address

Jayawardena Engineering, Galkanda, Dewalahinda
Ampara
32038

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

0774512480

Alerts

Be the first to know and let us send you an email when Jayawardhana Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share