17/04/2026
ඔබ කවදාහරි දුර ගමනක් යද්දී, කඳු මුදුන් වල හරි විශාල තැනිතලා වල හරි අහස උසට හිටවලා තියෙන සුදු පාට යෝධ සුළං ටර්බයින් (Wind Turbines) දැකලා තියෙනවද? මේවා ඇත්තටම ඉංජිනේරු විද්‍යාවේ පුදුම සහගත නිර්මාණ. හැබැයි ඔයා කවදාහරි එක දෙයක් හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා නම්, ලෝකයේ කොහේ ගියත්, ඇමරිකාවේ වුණත්, චීනයේ වුණත්, ලංකාවේ වුණත් මේ හැම සුළං ටර්බයිනයකම තියෙන්නේ හරියටම තල 3ක් විතරයි! 🌬️⚙️
ඇයි 2ක් නැත්තේ? ඇයි 4ක් හරි ඊට වැඩියෙන් හරි නැත්තේ? ඇයි කරන්ට් එක හදන මේ යෝධ මැෂින් වලට තල 3ක් විතරක්ම දැම්මේ? මේක නිකන්ම නිකන් ලස්සනට කරපු ඩිසයින් එකක් නෙවෙයි. මේ 3 කියන ඉලක්කම පිටිපස්සේ තියෙන්නේ භෞතික විද්‍යාවේ, ඉංජිනේරු විද්‍යාවේ සහ මිනිස්සුන්ගේ මනෝවිද්‍යාවේ අපූරු එකතුවක්! 🌪️💡
ගොඩක් අය හිතන් ඉන්නේ සුළඟ ඇවිත් මේ තල වල හැප්පුණාම ෆෑන් එකක් වගේ මේක කැරකෙනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. Wind turbine එකක තලයක් හරියටම වැඩ කරන්නේ ගුවන් යානයක තටුවක් වගේ. ✈️
සුළඟ මේ වක්වුණු තලය හරහා යද්දී, තලයට උඩින් සහ යටින් යන සුළඟේ වේගය වෙනස් වෙනවා. මේකෙන් පීඩන වෙනසක් ඇතිවෙලා "Lift" (ඉහළට එසවෙන) කියන බලයක් හැදෙනවා. මේ බලය නිසා තමයි තලය ඉස්සරහට ඇදිලා කැරකෙන්න ගන්නේ.
ඔයාට එතකොට හිතෙන්න පුළුවන් "තල ගොඩක් දැම්මොත්, සුළඟ ගොඩක් අහුවෙලා ඉක්මනින් කැරකෙයි නේද?" කියලා. 🐌
ඇත්තටම තල ගොඩක් දැම්මොත් (උදා: තල 4ක් හෝ 5ක්) එතන හැදෙන කැරකෙන බලය (Torque) ගොඩක් වැඩියි. හැබැයි ලොකුම ප්‍රශ්නය තමයි එක තලයක් කැරකිලා යද්දී ඒකෙන් පස්සේ තියෙන වාතය කැළඹෙනවා (Turbulence). එතකොට ඊළඟ තලය එන්නේ අර කැළඹුණු වාතය අස්සෙන්. තල ගාණ වැඩි වෙන්න වැඩි වෙන්න මේ වාතයේ තියෙන ප්‍රතිරෝධය වැඩි වෙලා මුළු සුළං මෝලම හරිම හිමින් කැරකෙන්න ගන්නවා.
වතුර අදින්න, ධාන්‍ය අඹරන්න මේ වගේ හිමින් කැරකෙන මහා බලයක් තියෙන ඒවා හොඳයි. හැබැයි විදුලිය නිපදවන්න අපට ඕනේ වේගයෙන් කැරකෙන එකක්. තල ගාණ අඩු වෙන්න අඩු වෙන්න වේගය වැඩි වෙනවා. ඒ නිසයි තල 4, 5 අතෑරලා දැම්මේ.
හරි, තල ගාණ අඩු වෙද්දී වේගය වැඩි වෙනවා නම්, ඇයි තල 2ක් දාන්නේ නැත්තේ? එතකොට තලයක් හදන්න යන ලක්ෂ ගාණක සල්ලිත් ඉතුරුයිනේ! 🪀💥
ඇත්තම කිව්වොත් ඉංජිනේරුවෝ තල 2ක ඒවා හැදුවා. හැබැයි එතනදී භයානක ප්‍රශ්නයක් ආවා. ඒකට කියන්නේ "The Wobble" කියලා.
හිතන්න තල 2ක් තියෙන සුළං ටර්බයින් එකක් කැරකෙනවා. එක තලයක් හරියටම උඩට එද්දී, අනිත් තලය හරියටම පල්ලෙහාට (කණුව ගාවට) එනවා. උඩින්ම තියෙන තලයට ලොකු සුළං පාරක් වදිනවා. හැබැයි පල්ලෙහා තියෙන තලයට කණුව නිසා සුළඟ බ්ලොක් වෙනවා. මේ නිසා එකපාරටම උඩට විතරක් ලොකු බලයක් එනවා. මේක හැම වටයකදීම දෙපාරක් සිද්ධ වෙනවා.
මේ අසමතුලිතතාවය නිසා මුළු සුළං මෝලම ඩග් ඩග් ගාලා හෙල්ලෙන්න, දෙදරන්න ගන්නවා. කාලයක් යද්දී මේ කම්පනයට කණුව මැදින් කැඩිලා යනවා! ඒ වගේම තල 2ක් තියෙද්දී වේගය වැඩි නිසා මහා ඝෝෂාවක් එනවා.
තල 1ක් දැම්මොත් ඊටත් වඩා අමාරුයි. ඒක බැලන්ස් කරන්න අනිත් පැත්තට බර යකඩ කුට්ටියක් දාන්න ඕනේ. ඒක කැරකෙන්නේ හෙලිකොප්ටරයක් වගේ ලොකු සද්දෙකින්.
දැන් ඔයාට තේරෙනවා ඇති ඇයි තල 3 තෝරගත්තේ කියලා. තල 3ක් තියෙද්දී එක තලයක් කණුව ගාවට ආවත්, අනිත් තල 2ක තියෙන්නේ V අකුරක් වගේ කෝණයකින්. ඒ නිසා කවදාවත් අර තල 2කේ වගේ අසමතුලිත බලයක් හැදෙන්නේ නෑ. බර සහ බලය හැමතිස්සෙම 3ටම ලස්සනට බෙදිලා යනවා. ඒ වගේම තව වාසිත් තියනවා. ⚖️🎯
Aerodynamic Efficiency: වාතය කපාගෙන යන්නත් තල තුනක් හොඳයි.
Structural Stability: කණුවට එන කම්පනය අඩු නිසා කැඩෙන්නේ නෑ.
Noise & Looks: ඝෝෂාව අඩුයි වගේම, අපේ ඇස් වලට මේ 3 කැරකෙන රිද්මය හරිම ලස්සනට, ආරක්ෂිතව පේනවා.
අන්න ඒ නිසයි ඉංජිනේරුවෝ 3 කියන ඉලක්කම තෝරගත්තේ!
එතකොට මේ යෝධ කණුව ඇතුළේ වැඩ වෙන්නේ කොහොමද? මේ තල එකක් මීටර් 80 ඉඳන් 140 දක්වා සාමාන්‍යයෙන් දිගයි (ෆුට්බෝල් පිටියකටත් වඩා දිගයි!). මේවා හදලා තියෙන්නේ Fiberglass සහ Carbon fiber වලින්. ⚙️🔌
මේ තල සවි කරලා තියෙන මැද කොටසට කියන්නේ Hub එක කියලා. මේ Hub එක ඇතුළේ තියෙන මෝටර් වලින් සුළඟ එන දිශාවට අනුව තල වල කෝණය වෙනස් කරනවා.
Hub එකට පිටිපස්සෙන් තියෙන බස් එකක් තරම් ලොකු පෙට්ටියට කියන්නේ Nacelle (නැසෙල්) කියලා. මේක තමයි එන්ජින් රූම් එක. මේක ඇතුලෙ කොටස් කිහිපයක්ම තියනවා.
Main Shaft: තල කැරකෙද්දී මේ ලොකු යකඩ කූර කැරකෙනවා. හැබැයි මේක කැරකෙන්නේ විනාඩියට වට 15ක් වගේ හරිම හිමින්.
Gearbox: අර හිමින් කැරකෙන Shaft එක මේකට සම්බන්ධ කළාම, මේකෙන් ඒ වේගය 100 ගුණයකින් වැඩි කරනවා (විනාඩියට වට 1500ක් විතර).
Generator: මේක තමයි වැදගත්ම කොටස. Gearbox එකෙන් එන වේගයෙන් කැරකෙන Shaft එක Generator එකට දුන්නාම, ඒක ඇතුළේ තියෙන චුම්භක සහ කොයිල් (Rotor and Stator) මඟින් විදුලිය නිපදවනවා.
හැබැයි අපේ ගෙවල් වලට කරන්ට් එක එන්න නම් හරියටම 50Hz සංඛ්‍යාතයක් තියෙන්න ඕනේ. හැබැයි සුළඟ සැරින් සැරේ වෙනස් වෙනවානේ. එතකොට කැරකෙන වේගය වෙනස් වෙලා මේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. මේක විසඳන්න Generator එක ඇතුළේ වෙනම Controller එකක් තියෙනවා. සුළඟ අඩු වෙද්දී ඒකෙන් අමතර කරන්ට් එකක් දීලා අඩුවෙන සංඛ්‍යාතය හදනවා. සුළඟ වැඩි වෙද්දී වැඩිවෙන සංඛ්‍යාතය අඩු කරනවා. ඒ නිසා සුළඟ කොහොම තිබුණත් අපිට එක දිගටම හරියටම 50Hz කරන්ට් එකක් ලැබෙනවා! ⚡
අන්තිමට මේ හැදෙන වෝල්ට් 690ක විතර කරන්ට් එක, කණුව පල්ලෙහා තියෙන Transformer එකෙන් වෝල්ට් 33,000ක් විතර දක්වා වැඩි කරලා (Step-up) ජාතික පද්ධතියට එකතු කරනවා.
නිකන්ම නිකන් හුළඟට කැරකෙන පෙත්තක් වගේ පෙනුණට, Wind Turbine එකක් කියන්නේ මිනිස් මොළයෙන් බිහිවුණු අතිවිශිෂ්ට ඉංජිනේරු කලාවක්. තල 3ක්ම පාවිච්චි කරන්නේ ඇයි කියන එකෙන් පටන් අරන්, ඇතුළේ තියෙන සංකීර්ණ Generator එක දක්වා හැමදේම ඩිසයින් කරලා තියෙන්නේ සොබාදහමේ තියෙන අදෘශ්‍යමාන බලයක්, අපේ ගෙදරට එන විදුලිය බවට පත් කරන්න. 🌟
අද වෙනකොට ලෝකය පුරාම ගල් අඟුරු, ඩීසල් වෙනුවට මේ වගේ පිරිසිදු බලශක්තියට මාරු වෙමින් ඉන්නවා.
ඊළඟ වතාවේ අහස උසට තියෙන මේ සුළං මෝලක් දැක්කාම මේ හැංගුණු රහස් ටික මතක් කරගන්න. තල 3ක්ම තියෙන්නේ ඇයි කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියාද? මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තාද? ඔයාගේ අදහස පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා, විද්‍යාවට සහ තාක්ෂණයට ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! 🌬️💡👍💬🗣️
Written By : Sulochana Dissanayake
Source : Internet