Ashen 3D Visualizing

Ashen 3D Visualizing ...සැනසුමක් ගෙනෙන සෙනහසේ නවාතැන...

14/04/2026
⏩ පඩි පෙළක වාස්තු විද්‍යාත්මක පැතිකඩ               නිවසක් සැලසුම් කිරීමේදි වාස්තු විද්‍යාව නැතිනම් වාස්තු සංකල්ප අද සමාජ...
20/10/2025

⏩ පඩි පෙළක වාස්තු විද්‍යාත්මක පැතිකඩ

නිවසක් සැලසුම් කිරීමේදි වාස්තු විද්‍යාව නැතිනම් වාස්තු සංකල්ප අද සමාජයේ නැතිවම බැරි සාධකයක් වී ඇත. මේ වාස්තු සංකල්ප හා බැඳුණු විද්‍යාත්මක පැතිකඩ අධ්‍යනය කිරීමේදි අපට " වාස්තු විද්‍යාව " නිවසක් සෑදීමේදි කිසියම් හෝ ආකාරයකින් බැහැර කල හැකි විෂයක් නොවේ.

දෙමහල් නිවසක පඩිපෙළක් නිර්මාණය කිරීමේදි සලකා බැලිය යුතු වාස්තු කරුණු පිළිබඳව නිවස් හිමියා සහ නිවසක් සැදීමට බලාපොරොත්තු වන ඔබ දැන සිටීම වැදගත් වේ.

⏹️ පඩිපෙළක් ඉරට්ටේ සංඛ්‍යාවකින් පඩි නැග්මක් නිමාවිය යුතු ය. ( සුබ පාදයකින් පටන් ගෙන සුබ පාදයකින් නිමාවිය යුතුය. )
⏹️ පඩිපෙළක හැරීමක් සිදු වුවහොත් එය දකුණු අත පැත්තට හැරවිය යුතු ය.
⏹️ පඩි දහයක් අතර නැවැත්මක් (Landing) තිබිය යුතු ය.
⏹️ පඩිපෙළක, පඩියක පළල අඟල් දහයක් සහ උස අඟල් හතක් නොවික්මිය යුතු ය.
⏹️ පඩි පෙළක් දකුණු, නැගෙනහිර, බටහිර යන දිශා වලට පිහිට වීම සුබ වන අතර උතුර, නිරිත, ගිණිකොණ, වයඹ සහ ඊෂාණ යන දිශා අසුබයි.
⏹️ නිවසක මංගල ද්වාරය ඉදිරියෙන් පඩිපෙළ නිරමාණය කිරීම අසුබයි.
⏹️ පඩිපෙළ ඉදිරියෙන් උළුවස්සක් නොතිබෙන ආකාරයෙන් නිවාස සැලසුම නිර්මාණය කරගත යුතු ය.
⏹️ පඩිපෙළ යට පාඩම් කිරීමේ ස්ථාන, නාන කාමර සෑදීම ඉතා අසුබයි.
⏹️ පඩිපෙළ යටින් උළුවහු වලට ගමන් කිරීම නොවන ලෙස පඩිපෙළ ස්ථාන ගතකිරීම සුදුසු ය.

⏺️ විද්‍යාත්මක පැත්ත

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් පඩිපෙළක් නැඟීම ආරම්භ කරන්නෙ තමන්ට හුරු පාදයකිනි. මෙම ස්ථාවර තාවය පවත්වාගෙන යන මිනිසා පඩිපෙළ නැඟ අවසන් කල යුත්තේ තමන්ට හුරු පාදය ඉහළ මහලයට තබමිනි. එවිට එ පුද්ගලයා සුරක්ෂිතව පඩිපෙළ නැඟ අවසන්‍ ය.
පඩිපෙළක හැරවුමක් ඇතිව නිර්මාණය කිරීම වර්තමානයෙ සුලබව දැකගත හැකිය. නමුත් සැබවින්ම පඩිපෙළක හැරවුම දක්ෂිණාවර්ථව තිබිය යුතු ය. පුද්ගලයෙක් වාමාර්ථ හැරවුමකට වඩා දක්ෂිණාවර්ත හැරවුමක් සිදුවන්නෙ නිරායාසයෙනි. එයට හේතුව ශක්තීන් ගමන් කරන දිශාව දකුණු දිශාව වීමයි. උදාහරණයක් විඳියට බෞද්ධයෙක් චෛත්‍යයක් වන්දනා කරන්නේ ද දක්ෂිණාවර්ථව ය.
පඩිපෙළක් නැඟීම තරුණ පුද්ගලයකුට නම් ඉතාමත් සරල කටයුත්තකි. නමුත් පඩිපෙළක් භාවිතා කරන්නෙ මේ ඉහත කියූ කණ්ඩායම පමණක් නොවේ. පොදුවේ ගත්කල වයසක පුද්ගලයින් සහ කුඩා දරුවන්ද පඩිපෙළ භාවිතා කිරීම සිදු කරයි. ඉතින් මේ දෙපාර්ශවයටම එක හුස්මට පඩිපෙළ නැඟ අවසන් කල නොහැකිය. එම නිසා පඩි දහයක් නැඟ අවසානයේදි නැවැත්මක් (Landing) තිබීම විද්‍යාත්මකව ඉතා වැදගත් වේ. තවද පඩියක පළල උස යන හේතු විද්‍යාත්මකව බලපාන අයුරු අපි දැන් බලමු. පඩියක පළල අඩු වුවහොත් පඩිපෙළ භාවිතා කරන පුද්ගලයකුට පාදය සම්පූර්ණයෙන් පඩිය තුල රඳවාගැනීමට නොහැකිව එ පුද්ගලයාගෙ ස්ථායිතාව ගිලිහී අනතුරක් සිදුවිය හැකිය. පඩියක උස වැඩි වීමේදිත් මේ අයුරින්ම බලපායි. කුඩා දරුවකු, වයසක පුද්ගලයකු පඩිපෙළ නැඟීමේදි පඩියේ උස වැඩි අවස්ථාවක පාදය පැටලීමක් සිදු වී අනතුරක් සිදුවීම වලක්වා ගැනීමට පඩියෙ උස අඟල් හතක් නොයික්මන ලෙස නිර්මාණය කිරීම විද්‍යාත්මක ව ඉතා වැදගත් වේ.

සැලකිය යුතුයි,
අතීතයේ දෙමහල් නිවාස සංකල්පය නොතිබි බැවින් වාස්තු මූලධර්ම පැහැදිලි කර ඇති " ස්කන්ධ පුරාණ, අග්නි පුරාණ, ගරුඩ පුරාණ, විශ්ණු පුරාණ, බ්‍රහත්සම් හිත, කාස්සප ශිල්ප, ආගම ශාස්ත්‍ර සහ විශ්වකර්ම වාස්තු ශාස්ත්‍ර " යන ග්‍රන්ථ වල පඩිපෙළ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදු කර නොමැති අතර, වර්තමානයේ දෙමහල් නිවාස සංකල්පය ආරම්භ වීමත් සමඟ වාස්තු විෂයට අලුතින් එකතු වූ වාස්තු කරුණු ඉහත සඳහන් කර ඇත. තවද වාස්තු කරුණු ලී වලින් නිර්මාණය කරන පඩිපෙළක් සම්බන්ධයෙන් නොසලකනු ලැබේ.

⏩ඔබට අපෙන් ලබාගත හැකි සේවාවන්...♦️ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් ඇඳීම♦️ ත්‍රිමාණ සැලසුම් ඇඳීම (3D Design)♦️ ගොඬනැඟිල...
21/09/2025

⏩ඔබට අපෙන් ලබාගත හැකි සේවාවන්...

♦️ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් ඇඳීම
♦️ ත්‍රිමාණ සැලසුම් ඇඳීම (3D Design)
♦️ ගොඬනැඟිලි සැලසුම් ඇඳීම
♦️ බැංකු ණය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම (BOQ)
♦️ පැරණි නිවාස අලුත් වැඩියාව සඳහා වාස්තු විද්‍යානුකූල සැලසුම් ඇඳීම

⏩ ඔබට අපෙන් ලබාගත හැකි සේවාවන්...♦️ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් ඇඳීම♦️ ත්‍රිමාණ සැලසුම් ඇඳීම (3D Design)♦️ ගොඬනැඟි...
14/09/2025

⏩ ඔබට අපෙන් ලබාගත හැකි සේවාවන්...

♦️ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් ඇඳීම
♦️ ත්‍රිමාණ සැලසුම් ඇඳීම (3D Design)
♦️ ගොඬනැඟිලි සැලසුම් ඇඳීම
♦️ බැංකු ණය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම (BOQ)
♦️ පැරණි නිවාස අලුත් වැඩියාව සඳහා වාස්තු විද්‍යානුකූල සැලසුම් ඇඳීම

Address

Ratnapura

Telephone

+94775996579

Website

Alerts

Be the first to know and let us send you an email when Ashen 3D Visualizing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ashen 3D Visualizing:

Share