23/11/2025
💯 හෙට ගැන ගේම් ප්ලෑන් තියාගෙන,
අද කාට හරි අංචියක් ඇදලා,
කාගේ හරි ජොබ් එහෙකට කෙළලා, කේලම් කියලා,
තාත්තව ගෙදරින් එළවලා, අම්මව මහළු නිවාසෙට දක්කලා, යාළුවෝ හලලා, වටේම බොරුව වපුරලා !
තමන් තමයි පොර කියලා ජිවත්වෙන මිනිස්සු තේරුම් ගන්න ඕනි දෙයක් තියනවා!
හැමදේම තාවකාලිකයි !
මේ ජිවිතේ මේ තප්පර කොයිවෙලේ කොතැනක වෙනස් වෙයිද කියලා අපි දන්නේ නෑ !
අන්න ඒ නිසා ජිවත්වෙන ජිවිතේ අනුන්ට හිරිහැරයක් නොවි කදරයක් නොවි සාමකාමිව ජිවත්වෙන්න,
අපිට යද්දී අන්න ඒ මානසික තෘප්තිය ඒ සතුට අරන් යන්න පුළුවන් විදිහට ජිවත්වෙන්න ඉතිරි වෙන්නේ එච්චරයි !
කාටම හරි සාමයක් වෙන්න 🙏
මේ තුච්ච සමාජේට පාඩමක් උගන්වලා
මියගිය අපේ උන් හැමෝටම නිවන් සුව !