IRU Engineering Consultants

IRU Engineering Consultants IRU Engineering Consultants is your trusted partner for professional civil engineering consultancy service

🏗️ මේ දක්වා අපි කතා කරපු Construction Tips එක තැනකින්!නිවසක් හදන එක ජීවිතයේ ලොකුම ආයෝජනයක්. ඒ නිසා නිවැරදි තීරණ ගන්න විශ...
01/10/2026

🏗️ මේ දක්වා අපි කතා කරපු Construction Tips එක තැනකින්!

නිවසක් හදන එක ජීවිතයේ ලොකුම ආයෝජනයක්. ඒ නිසා නිවැරදි තීරණ ගන්න විශ්වාසදායක තොරතුරු තිබීම ඉතා වැදගත්.

පසුගිය දින කිහිපය තුළ අපි BOQ, Structural Design, Slab & Beam Reinforcement, Site Inspection, Concrete, Cement Selection, Quotations, Site Changes සහ තවත් වැදගත් Engineering කරුණු ගැන සරලව කතා කළා.

ඔබට ඒ Posts මගහැරුණා නම්, මේ Post එකේ ඇති Links හරහා ඒ සියල්ලම එක තැනකින් කියවන්න පුළුවන්.
අපගේ අරමුණ වන්නේ ආරක්ෂිත, ගුණාත්මක සහ වියදම පාලනය කළ හැකි ඉදිකිරීම් පිළිබඳ නිවැරදි දැනුම ඔබට ලබා දීමයි.

📌 Posts වල Links පහතින් එකතු කරලා තියෙනවා. ඔබට වැදගත් වෙන අයටත් Share කරන්න.

1.🏗️ ගෙයක් හදද්දී වැඩියෙන්ම කරන වැරදි 4ක්! 🛑🏡

https://www.facebook.com/share/p/1GVwFzGJbU/

2.​🏠 ලස්සන විතරක් මදි! ඔබේ නිවස හැදීමේදී Structural Engineer කෙනෙක් අත්‍යවශ්‍ය ඇයි? 🤔👇

https://www.facebook.com/share/p/1Crw97o4bV/

3.​🚨 කෝටි ගණනක ගොඩනැගිල්ලක් හැදුවත් වැඩක් නෑ, අත්තිවාරම යට තියෙන "පස" ගැන දන්නෙ නැත්නම්!

https://www.facebook.com/share/p/1BVYc3q7do/

4.🚧 Retaining Wall එකක් Fail වෙන්න කලින් මේ ලකුණු හඳුනා ගන්න! ⚠️

https://www.facebook.com/share/p/1EkiSBB496/

5.​🏗️🛑 නිසි ඉංජිනේරු අධීක්ෂණයකින් තොරව ඉදිකරපු ඔබේ ගෙදර බිත්ති වලත් ඉරි තැලීම්ද? හේතුව කුමක් විය හැකිද?

https://www.facebook.com/share/p/1AqLbvG8mT/

6.🏗️ කම්බි නිවැරදි පරතරයකින් (Spacing) යෙදීම ඇයි වැදගත්?

https://www.facebook.com/share/p/1JUt1eGxSP/

7.🏗️ Over-Designing vs Optimized Design in Slabs

https://www.facebook.com/share/p/1DMdhPbXJY/

9.🏗️ Why Site Changes Without Engineer Approval Are Dangerous

https://www.facebook.com/share/p/1Bd35udWoS/

10.📋 What is a BOQ and Why is it Important?

https://www.facebook.com/share/p/1CqTPHMc7G/

11.📋 5 Biggest Mistakes People Make When Building a House Without a BOQ

https://www.facebook.com/share/p/19J3ksCf7H/

12.📋 BOQ එකක් කියවන්නේ කොහොමද? නිවසක් හදන හැමෝම දැනගත යුතු දේ

https://www.facebook.com/share/p/1HYc13kNWs/

13.📋 BOQ එකක් භාවිතා කරලා Contractorsගේ Quotations සංසන්දනය කරන්නේ කොහොමද? ⭐

https://www.facebook.com/share/p/1BZiKFafFL/

14.⚠️ අඩුම Quotation එක තෝරාගැනීම හොඳම තීරණයද?

https://www.facebook.com/share/p/18ymCh2HRL/

15.🏗️ Slab එකක බහුලව සිදුවන වැරදි

https://www.facebook.com/share/p/1993jsfnA2/

16.🏗️ ආරක්ෂිත Residential Slab එකක් Design කරන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/19A9zLdAHs/

17.🏗️ Beam Reinforcement වලදී සිදුවන ලොකුම වැරදි

https://www.facebook.com/share/p/1CJEaBjMq6/

18.🤔කොන්ක්‍රීට් වලට හොදම cement එක මොකද්ද?
🤔මොනවද මේ cement බැග් එකේ ගහලා තියෙන SLS 107, 1247 වගේ අoක ?

https://www.facebook.com/share/p/1Gsrm8SdYq/

19.🤔Column කොන්ක්‍රීට් කරලා බිත්ති බදිනවද?බිත්ති බැදලා column කොන්ක්‍රීට් කරනවද?
🤔බිත්ති බැදලා slab එක කොන්ක්‍රීට් කරනවද? Slab කොන්ක්‍රීට් කරලා බිත්ති බදිනවද ?

https://www.facebook.com/share/p/1E8SwpW1Ag/

20.🏗️ කොන්ක්‍රීට් කිරීමට පෙර Site Inspection එකක් අනිවාර්ය වන්නේ ඇයි?

https://www.facebook.com/share/p/14svR9aw3MU/

21.🏗️ Beam වල ඉරිතැලීම් (Cracks) ඇතිවෙන්නේ ඇයි? ඒවායේ ප්‍රධාන වර්ග මොනවාද?

https://www.facebook.com/share/p/19Ebj6Hc55/

22.🏗️ Slab වල ඉරිතැලීම් (Cracks) ඇතිවෙන්නේ ඇයි?

https://www.facebook.com/share/p/1GbgER21my/

23.💧 Septic Tank එකක් නැතුව Concrete Rings විතරක් භාවිතා කරන එක හොඳද?

https://www.facebook.com/share/p/1JPXyJRcSB/

24.🏗️ Foundation Settlement වලට හේතු වන බහුල වැරදි

https://www.facebook.com/share/p/18yqZFpVo1/

25.💧 කොන්ක්‍රීට් වල ශක්තියට Concrete Curing ඇත්තටම කොච්චර වැදගත්ද?

https://www.facebook.com/share/p/1Jiegs9uwR/

26.🏗️ Concrete Honeycombing කියන්නේ මොකක්ද? හේතු සහ වළක්වා ගන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/1FcGGu1yYW/

27.🏗️ Reinforcement සඳහා Concrete Cover එක ඇත්තටම ඇයි වැදගත්?

https://www.facebook.com/share/p/1GCqujQdK9/

28.🚫 යකඩ කම්බි පසට ස්පර්ශ වන ලෙස තැබීම ඇයි භයානක?

https://www.facebook.com/share/p/1EQxdVwzRe/

29.🏗️ Foundation Settlement වලට හේතු වන බහුල වැරදි

https://www.facebook.com/share/p/1LDkFoSkbD/

30.🏗️ ඔබේ නිවසට ගැලපෙන Foundation වර්ගය තෝරා ගන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/1LgdhPdLF5/

31.🔗 Reinforcement සඳහා Lap Length එක ඇත්තටම ඇයි වැදගත්?

https://www.facebook.com/share/p/1DNeqk9Ro5/

32.🏗️ Ready-Mix Concrete ද? Site-Mix Concrete ද? කොයි එකද හොඳ?

https://www.facebook.com/share/p/1EKvyKYsaT/

33.🏗️ Footing එකේ ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/1c67rcKHa1/

34.🏠 Ground Floor එකට DPC එකක් අවශ්‍ය ඇයි?

https://www.facebook.com/share/p/19GUar8YTX/

35.💧 බිත්තිවල Dampness එන්නේ ඇයි? හේතු සහ විසඳුම්

36.🧱 Brick Wall vs Cement Block Wall – Which Is Better?

https://www.facebook.com/share/p/1BpaEnmKia/

37.⚠️ බිත්තිවල Vertical Cracks සහ Diagonal Cracks කියන්නේ මොනවාද?

https://www.facebook.com/share/p/1EV9pWrrWb/

38.🏗️ Column Size එක අඩු කරලා වියදම අඩු කරන්න පුළුවන්ද?

https://www.facebook.com/share/p/1FecXKHAzy/

39.🔩 Column Reinforcement වලදී සිදුවන Common Mistakes

https://www.facebook.com/share/p/1EPbaATnSS/

40.🏗️ Beam Size එක තීරණය කරන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/1BFHQ94Dy1/

41.🔗 Beam–Column Joint එක මෙච්චර වැදගත් ඇයි?

https://www.facebook.com/share/p/1Bw38f8Mvy/

42.🏗️ Slab Formwork & Concrete Work එක Contract දෙන්න නම් ඉන්නේ මේ කරුණු ඔබටයි.

https://www.facebook.com/share/p/19TagbY4tn/

43.🏗️ Slab එකේ Main Bars සහ Distribution Bars හඳුනාගන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/16ECssa6AdA/

44.🧪 Concrete Cube Test කියන්නේ මොකක්ද? ඒකෙන් මොනවා දැනගන්න පුළුවන්ද?

https://www.facebook.com/share/p/1boF3wDAoV/

45.🏠 Roof Leakage ඇතිවීමට ප්‍රධාන හේතු 5ක්

https://www.facebook.com/share/p/1JkM47PGda/

46.⚠️ Concrete Segregation කියන්නේ මොකක්ද?

https://www.facebook.com/share/p/1EDyXT6AnG/

47.🌧️ Terrace & Balcony වල Waterproofing වැදගත් ඇයි?

https://www.facebook.com/share/p/1JEw7JbJaW/

48.💧 Bathroom Waterproofing නොකළොත් මොනවා වෙයිද?

https://www.facebook.com/share/p/1HEJc7ahmL/

49.⚡ Electrical Conduits Slab එකේ දාද්දී Engineerගේ අවධානය අවශ්‍ය ඇයි?

https://www.facebook.com/share/p/1CA6fkzCAy/

50.🏠 නිවසේ Ventilation එක හොඳින් Design කරන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/1KLBCC7iH9/

51. ☀️ නිවසේ Natural Lighting සහ Ventilation වැඩි කරගන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/1LozNCoGVW/

52. 💰ඉදිකිරීම් වියදම වැඩිවීමට හේතු වන සැඟවුණු වියදම් 10ක්

https://www.facebook.com/share/p/1H8CkRcNs7/

53. 🏠 House Plan එකක් Finalize කිරීමට පෙර බලන්න ඕනේ කරුණු 10ක්

https://www.facebook.com/share/p/1Em1TfL3yn/

54. 🏗️ Foundation එකේ Excavation Depth එක තීරණය කරන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/19bc99zvZs/

55. 🧱 බිත්ති බඳිද්දී Verticality & Alignment පරීක්ෂා කරන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/1GVn1sYEcF/

56. 🏗️ Construction Joint සහ Expansion Joint අතර වෙනස මොකක්ද?

https://www.facebook.com/share/p/1DSY6HBLjQ/

57. 🧱 බිත්තියට කොලම් සම්බන්ධ කරන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/1DzFwqoPtr/

58. 🏠 Lintel Beam සහ Sill Beam – දෙකම වැදගත් ඇයි?

https://www.facebook.com/share/p/19hhtH6FER/

59. 🏗️ Staircase Design එකේ බහුලව සිදුවන වැරදි 5ක්

https://www.facebook.com/share/p/1DR7npTfLL/

60. 🏠 Roof Slab එකක් Design කිරීමේදී විශේෂයෙන් බලන්න ඕනේ කරුණු

https://www.facebook.com/share/p/1F61yyrgUd/

61.🧱 Plastering වල Cracks ඇතිවෙන්නේ ඇයි?

https://www.facebook.com/share/p/1DURbmFzEP/

62.🏗️ කපරාරු කිරීමට පෙර Surface Preparation එක වැදගත් ඇයි?

https://www.facebook.com/share/p/1eVDX7vQk3/

63.🏠 Tile එකක් තෝරාගැනීමේදී බලන්න ඕනේ Technical Properties

https://www.facebook.com/share/p/19JWm9Fbdy/

64.🧱 Tile වල Hollow Sound එකක් එන්නේ ඇයි?

https://www.facebook.com/share/p/19rZyzUMkS/

65.🌊 Concrete වලට Sea Sand භාවිතා කරන්න පුළුවන්ද?

https://www.facebook.com/share/p/1doQXXBDkS/

66.🚰 Water Pressure අඩු වීමට හේතු සහ විසඳුම්

https://www.facebook.com/share/p/1C9Si1XucC/

67.☀️ නිවසේ Natural Lighting වැඩි කරගන්න Smart Design Tips

https://www.facebook.com/share/p/1DkzDiYjm3/

68.🌧️ Rainwater Harvesting System එකක් නිවසකට අවශ්‍යද?

https://www.facebook.com/share/p/1FJCSNzgyQ/

69.💰 ගෙයක් ඉදිකිරීමේදී Budget එකට අනිවාර්යයෙන්ම එකතු කළ යුතු වියදම් 10ක්

https://www.facebook.com/share/p/19WWZAAL6w/

70.🏗️ Concrete කරන්න කලින් Engineer Check කරන්න ඕනේ කරුණු 10ක්

https://www.facebook.com/share/p/1CcFoQfmms/

මාදුරු ඔය පැරණි සෝරිව්ව: හෙළ වාරි තාක්ෂණයේ නොමියෙන ආශ්චර්යය​ශ්‍රී ලංකාවේ අභිමානවත් වාරි සංස්කෘතියේ සහ හෙළ ඉංජිනේරු මහඟු ...
25/09/2026

මාදුරු ඔය පැරණි සෝරිව්ව: හෙළ වාරි තාක්ෂණයේ නොමියෙන ආශ්චර්යය

​ශ්‍රී ලංකාවේ අභිමානවත් වාරි සංස්කෘතියේ සහ හෙළ ඉංජිනේරු මහඟු නුවණේ අසිරිය ලොවටම කියාපාන ජීවමාන සාක්ෂියක් ලෙස මාදුරු ඔය පැරණි සෝරිව්ව (Ancient Sluice Gate of Maduru Oya) හැඳින්විය හැකිය. අතීත හෙළයන් සතුව තිබූ වාරි තාක්ෂණික විශිෂ්ටත්වය කෙතරම්ද යත්, නවීන විද්‍යාව හා තාක්ෂණය දියුණු 20 වන සියවසේදී පවා නවීන ඉංජිනේරුවන් පුදුමයට පත් කිරීමට මෙම නිර්මාණය සමත් විය.

​අහඹු ලෙස සිදුවූ ඓතිහාසික සොයාගැනීම
​1980 දශකයේ මුල් භාගයේදී කඩිනම් මහවැලි සංවර්ධන යෝජනාක්‍රමය යටතේ මාදුරු ඔය ජලාශය ඉදි කිරීමට සැලසුම් කෙරිණි. මේ සඳහා කැනඩා රාජ්‍යයේ ඉංජිනේරු තාක්ෂණික සහාය සහ චන්ද්‍රිකා ඡායාරූප මෙන්ම නවීන මිනුම් උපකරණ භාවිතා කරමින් නවීන ඉංජිනේරුවන් විසින් ජලාශයේ සෝරිව්ව (මඩ සෝරිව්ව/වාන් දොරටුව) පිහිටුවිය යුතු හොඳම ස්ථානය තීරණය කරන ලදී.

​නමුත් එම ස්ථානයේ පස් කපා ඉවත් කරමින් කැණීම් කටයුතු සිදු කිරීමේදී, මීට වසර දහස් ගණනකට පෙර අතීත හෙළ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද පැරණි සෝරිව්වක් සහ බිසෝකොටු පද්ධතියක් එතැනම තිබී හමු විය. නවීන තාක්ෂණය භාවිතයෙන් සොයාගත් නිවැරදිම ඉංජිනේරු පිහිටීම, අතීත මුතුන්මිත්තන් සිය නිරීක්ෂණ නුවණින් පමණක් සොයාගෙන තිබීම විදේශීය ඉංජිනේරුවන් පවා මවිතයට පත් කළ සිදුවීමක් විය.

​වාරි තාක්ෂණික විශිෂ්ටත්වය
​මාදුරු ඔය පැරණි සෝරිව්ව පරීක්ෂා කිරීමේදී හෙළයන්ගේ උසස් නිර්මාණශීලීත්වය පැහැදිලිවම කැපී පෙනේ:
​නිර්මාණ අංග: මෙම සෝරිව්ව නිපදවා ඇත්තේ ගඩොල්, කැටයම් කළ ගල්පුවරු, මැටි නළ (Terracotta pipes) සහ විශේෂිත බදාම වර්ග භාවිතයෙනි.

​ද්විත්ව නළ පද්ධතිය: ජල පීඩනය පාලනය කිරීම සඳහා නළ මාර්ග දෙකක් (Twin conduits) යොදාගෙන තිබූ අතර, ජලයේ වේගය පාලනය කිරීමටත්, වේල්ල ඛාදනය වීම වැළැක්වීමටත් බිසෝකොටු තාක්ෂණය ඉතා සියුම් ලෙස යොදාගෙන ඇත.
​කල්පැවැත්ම: සියවස් ගණනාවක් තිස්සේ පස්වලට යටවී තිබුණද, එහි ගඩොල් සහ බදාම ව්‍යුහය කිසිදු බිඳ වැටීමකින් තොරව සුරක්ෂිතව පැවතීම හෙළ බදාම තාක්ෂණයේ ඇති ශක්තිමත්භාවයට හොඳම උදාහරණයකි.

​කාල පරාසය සහ අතීත උරුමය
​පුරාවිද්‍යාත්මක පරික්ෂණ සහ කාබන් දත්ත පරික්ෂණ (Carbon Dating) අනුව මෙම සෝරිව්ව ක්‍රිස්තු පූර්ව 2 වන සියවසත් ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසත් අතර කාලයට අයත් බව අනුමාන කෙරේ. මහසෙන් රජු, සද්ධාතිස්ස රජු හෝ ධාතුසේන රජු වැනි වාරි කර්මාන්තයට විශාල සේවයක් කළ ශ්‍රේෂ්ඨ රජ සමයක මෙය ඉදිවන්නට ඇති බව විද්වතුන්ගේ මතයයි.

​වර්තමාන තත්ත්වය සහ සංරක්ෂණය
​නව මාදුරු ඔය වේල්ල ඉදි කිරීමේදී මෙම පැරණි ඓතිහාසික සෝරිව්වට කිසිදු හානියක් සිදු නොවන පරිදි එය සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලදී. අද වන විට මාදුරු ඔය ජලාශ පරිශ්‍රයට පිවිසෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට සහ පර්යේෂකයන්ට මෙම අභිමානවත් වාරි උරුමය දැකබලා ගැනීමේ අවස්ථාව හිමිව ඇත.
​මාදුරු ඔය පැරණි සෝරිව්ව යනු හුදෙක් ගඩොල් සහ ගල් ගොඩක් නොව, සොබාදහම සමඟ අනුගත වෙමින් යෝධ වාරි ශිෂ්ටාචාරයක් ගොඩනැඟූ අතීත හෙළයන්ගේ අප්‍රතිහ ධෛර්යය සහ විශිෂ්ට ඉංජිනේරු ඥානය ලෝකයටම විදහාපාන සදාතනික ස්මාරකයකි.

🏗️ Concrete කරන්න කලින් Engineer Check කරන්න ඕනේ කරුණු 10ක්Concrete pour එකක් පටන් ගන්න කලින් “කම්බි ටිකත් බැඳලා, formwo...
23/09/2026

🏗️ Concrete කරන්න කලින් Engineer Check කරන්න ඕනේ කරුණු 10ක්

Concrete pour එකක් පටන් ගන්න කලින් “කම්බි ටිකත් බැඳලා, formwork එකත් ගහලා ඉවරයි” කියලා concrete දාන එක ප්‍රමාණවත් නෑ.

Concrete දාලා ඉවර වුණාට පස්සේ වැරැද්දක් හඳුනාගත්තොත් ඒක නිවැරදි කිරීම බොහෝවිට අමාරුයි, වියදම් අධිකයි, සමහර අවස්ථාවල structural safety එකටත් බලපාන්න පුළුවන්.

ඒ නිසා concrete pour එකකට පෙර Engineer විසින් අවම වශයෙන් පහත කරුණු පරීක්ෂා කළ යුතුයි.

1️⃣ Formwork නිවැරදිද?

Beam, slab, column ආදී කොටස්වල dimensions, level, alignment සහ verticality drawings වලට අනුව තිබෙනවාද කියලා පරීක්ෂා කළ යුතුයි.

Formwork එක concrete pressure එක දරාගන්න තරම් ශක්තිමත්ද, supports නිවැරදිව තිබෙනවාද කියලත් බලන්න ඕනේ.

2️⃣ Reinforcement Bar Size සහ Number

Drawing එකේ සඳහන් bar diameter, number of bars සහ reinforcement arrangement site එකේ නිවැරදිව යොදා තිබෙනවාද කියලා check කළ යුතුයි.

“කම්බි තියෙනවා” කියන එක විතරක් ප්‍රමාණවත් නෑ. කොයි diameter එකේ කම්බිද, කීයක්ද, කොහෙද තියෙන්නේ කියන එක වැදගත්.

3️⃣ Reinforcement Spacing

Main bars සහ distribution bars වල spacing structural drawing එකට අනුව තිබෙනවාද කියලා පරීක්ෂා කළ යුතුයි.

Spacing වෙනස් වුණොත් reinforcement area එක සහ structural behaviour එක වෙනස් වෙන්න පුළුවන්.

4️⃣ Concrete Cover

Reinforcement එක formwork එකට අවශ්‍ය concrete cover සහිතව තබා තිබෙනවාද කියලා check කළ යුතුයි.

Cover අඩු වුණොත් reinforcement corrosion වැනි durability problems ඇතිවිය හැකි අතර, cover අධික වීමත් structural performance එකට බලපාන්න පුළුවන්.

ඒ නිසා cover blocks/chairs නිවැරදිව යොදා තිබීම වැදගත්.

5️⃣ Lap Length සහ Anchorage

Reinforcement bars වල lap lengths, anchorage lengths සහ bar curtailment/details drawings වලට අනුව තිබෙනවාද කියලා පරීක්ෂා කළ යුතුයි.

විශේෂයෙන් beam-column joints සහ reinforcement termination areas ගැන වැඩි අවධානයක් අවශ්‍යයි.

6️⃣ Beam–Column / Slab Connections

Beam, column සහ slab එකිනෙකට සම්බන්ධ වන ස්ථානවල reinforcement detailing නිවැරදිද කියලා check කළ යුතුයි.

විශේෂයෙන් beam-column joints වගේ critical locations concrete කිරීමට පෙර අනිවාර්යයෙන් inspect කිරීම වැදගත්.

7️⃣ Electrical & Plumbing Services

Concrete ඇතුළට යන electrical conduits, sleeves, plumbing pipes, openings සහ embedded items drawings වලට අනුව නිවැරදි ස්ථානවල තිබෙනවාද කියලා check කළ යුතුයි.

Concrete දාලා පස්සේ slab/beam එක කපාගෙන services දාන්න සිදුවීම avoid කළ යුතුයි.

⚠️ විශේෂයෙන් structural members හරහා අනවශ්‍ය openings හදන එක බරපතළ ගැටලුවක් විය හැකියි.

8️⃣ Formwork ඇතුළත Clean ද?

Concrete කිරීමට පෙර formwork ඇතුළත තිබෙන wood pieces, binding wire pieces, dust, debris සහ වෙනත් unwanted materials ඉවත් කර තිබෙනවාද කියලා පරීක්ෂා කළ යුතුයි.

Formwork release agent එකත් නිවැරදිව යොදා තිබෙනවාද බලන්න.

9️⃣ Concrete Specification & Pouring Arrangement

Concrete grade, required quantity සහ concrete supply method drawings/specification අනුව තිබෙනවාද කියලා check කළ යුතුයි.

Ready-mix නම් delivery arrangement, concrete grade සහ required quantity කලින් තහවුරු කරගැනීම වැදගත්.

Site-mix නම් mix proportions සහ batching method නිවැරදිද කියලා බලන්න ඕනේ.

🔟 Site එක Concrete Pour එකට සූදානම්ද?

අවසානයේ concrete pour එක අතරමග නතර නොවීමට අවශ්‍ය labour, vi****or, tools, lighting, access, water, backup arrangements සහ safety measures සූදානම්ද කියලා බලන්න ඕනේ.

Concrete pour එක පටන් ගත්තට පස්සේ unnecessary delays ඇතිවීම quality එකට බලපාන්න පුළුවන්.

Concrete කියන්නේ “දාලා ඉවර කළාම check කරන්න පුළුවන්” වැඩක් නෙවෙයි.

Reinforcement එක, formwork එක සහ embedded services වගේ බොහෝ දේ concrete ඇතුළට වැසී යන නිසා, concrete කිරීමට පෙර inspection එක තමයි අවසාන වැදගත් අවස්ථාව.

එම නිසා structural drawings සහ project specifications අනුව Engineer inspection එකක් ලබාගෙන concrete pour එක ආරම්භ කිරීම ආරක්ෂිත සහ ගුණාත්මක construction එකකට ඉතා වැදගත්.

🏗️ නිවැරදි construction එකක් කියන්නේ concrete දාන එක විතරක් නෙවෙයි — concrete දාන්න කලින් නිවැරදිව පරීක්ෂා කිරීමත් ඒකේ කොටසක්.

📌 Safe Construction | Quality Construction | Cost-Controlled Construction
IRU ENGINEERING CONSULTANTS

💰 ගෙයක් ඉදිකිරීමේදී Budget එකට අනිවාර්යයෙන්ම එකතු කළ යුතු වියදම් 10ක්ගෙයක් ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර “Total Construction...
21/09/2026

💰 ගෙයක් ඉදිකිරීමේදී Budget එකට අනිවාර්යයෙන්ම එකතු කළ යුතු වියදම් 10ක්

ගෙයක් ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර “Total Construction Cost එක කොච්චරද?” කියන එක ගැන පැහැදිලි අවබෝධයක් තිබීම ඉතා වැදගත්.

බොහෝ දෙනෙක් Budget එක හදන විට Cement, Sand, Steel සහ Labour Cost වැනි ප්‍රධාන වියදම් ගැන පමණක් අවධානය යොමු කරනවා. නමුත් Construction Project එක අතරමගදී Budget එක ඉක්මවා යාමට හේතු වන තවත් වියදම් රාශියක් තිබෙනවා.
ඒ නිසා ගෙයක් ඉදිකිරීමේදී පහත වියදම් 10 මුල සිටම Construction Budget එකට ඇතුළත් කිරීම වැදගත්.

01. 🏗️ Site Preparation & Earthwork

ඉඩම Level කිරීම, Cut & Fill, Excavation, Soil Disposal සහ අවශ්‍ය නම් Retaining Structures වැනි වැඩ සඳහා යන වියදම් මෙයට ඇතුළත් වේ.

02. 🧱 Foundation & Structural Work

Foundation, Columns, Beams, Slabs සහ අනෙකුත් Structural Elements සඳහා Concrete, Reinforcement Steel, Formwork සහ Labour Cost ඇතුළත් කළ යුතුයි.

03. 🧱 Masonry & Plastering Work

Brick/Block Work, Mortar, Internal Plastering සහ External Plastering සඳහා අවශ්‍ය Materials සහ Labour Cost මෙයට ඇතුළත් වේ.
04. 🏠 Roofing & Waterproofing

Roof Structure, Roofing Sheets/Tiles, Gutters, Ceiling-related Works සහ Roof Slab, Balcony, Bathroom වැනි ස්ථානවල Waterproofing සඳහා වන වියදම්ද Budget එකට ඇතුළත් කළ යුතුයි.

05. 🚪 Doors, Windows & Joinery

Doors, Windows, Frames, Locks, Handles සහ අනෙකුත් Joinery Works සඳහා යන වියදම්ද සැලසුම් කළ යුතුයි.

06. ⚡ Electrical Installation

Electrical Cables, Conduits, Switches, Sockets, Distribution Board, Lighting Points සහ Electrical Installation Labour සඳහා වන වියදම්.

07. 🚰 Plumbing & Sanitary Work

Water Supply, Drainage, Sanitary Fittings, Taps, Sinks, Water Tank සහ Pumps වැනි items සහ ඒවායේ installation cost ඇතුළත් වේ.

08. 🎨 Flooring & Finishing Work

Floor Tiles, Wall Tiles, Painting, Ceiling, Kitchen Finishes, Bathroom Finishes සහ අනෙකුත් Finishing Works සඳහා යන වියදම්ද Budget එකේ තිබිය යුතුයි.

09. 🚛 Labour, Transportation & Site Expenses

Material Transportation, Loading/Unloading, Scaffolding, Temporary Electricity & Water, Site Storage සහ අනෙකුත් Site-related Expenses ද අමතක නොකළ යුතුයි.

10. ⚠️ Contingency Allowance

Construction අතරතුර Unexpected Site Conditions, Design Changes, Material Price Changes හෝ Additional Works ඇතිවිය හැකියි.
ඒ නිසා Construction Budget එකේ Contingency Allowance එකක් තබා ගැනීම වැදගත්. මෙය අනපේක්ෂිත වියදම් සඳහා Financial Buffer එකක් ලෙස ක්‍රියා කරයි.

Construction Budget එකක් කියන්නේ Cement, Steel සහ Labour Cost එකතු කිරීමක් විතරක් නෙවෙයි.
නිවැරදිව සැලසුම් කළ Drawings → Quantity Take-off → BOQ → Detailed Estimate → Budget Control ක්‍රමවේදයක් හරහා Project එකේ සම්පූර්ණ වියදම සැලසුම් කිරීම වඩාත් ප්‍රායෝගිකයි.
හොඳ Construction Budget එකක් = වියදම පාලනය කරමින් Project එක සාර්ථකව අවසන් කිරීමට ඇති හොඳම ආරම්භය.

Professional Guidance
Eng. W.M. BUDDHIKA SANDAKELUM
BSc. Eng. (Hons.), A.Eng(ECSL), AMIE(SL)

Iru Engineering Consultants-
For smart, safe, and cost-effective constructions

💬 ඔබේ නිවාස ඉදි කිරීමේ අත්දැකීම් comments වල share කරන්න!

අමතර විස්තර සඳහා අප සමග සම්බන්ධ වන්න. +94 71 666 17 84

🌧️ Rainwater Harvesting System එකක් නිවසකට අවශ්‍යද?වැසි වතුර කියන්නේ නිවසකදී නිකම්ම drain එකකට හෝ පාරට යවලා ඉවත් කරන දෙය...
20/09/2026

🌧️ Rainwater Harvesting System එකක් නිවසකට අවශ්‍යද?

වැසි වතුර කියන්නේ නිවසකදී නිකම්ම drain එකකට හෝ පාරට යවලා ඉවත් කරන දෙයක් විතරක් නෙවෙයි. නිවැරදිව එකතු කරලා භාවිතා කළොත්, water consumption එක අඩු කරගන්නත්, වියළි කාලයේදී water source එකක් ලෙස භාවිතා කරන්නත් පුළුවන්.

නමුත් වැදගත් ප්‍රශ්නය තමයි,
“හැම නිවසකටම Rainwater Harvesting System එකක් අවශ්‍යද?”
පිළිතුර — අනිවාර්යයෙන්ම නැහැ.
එය නිවසේ water requirement, වර්ෂාපතනය, roof area, storage capacity සහ available water supply අනුව තීරණය කළ යුතුයි.

🌧️ Rainwater එකෙන් මොනවා කරන්න පුළුවන්ද?

නිවැරදිව collect කරලා filter කරගත් rainwater එක,
🔹 Gardening
🔹 Toilet flushing
🔹 Cleaning / washing
🔹 Vehicle washing
🔹 වෙනත් non-potable uses
සඳහා භාවිතා කළ හැක.
පානීය ජලය ලෙස භාවිතා කිරීමට නම් සුදුසු treatment සහ water-quality control අවශ්‍යයි.

🏠 System එකේ මූලික කොටස්

සාමාන්‍ය Rainwater Harvesting System එකක,
Roof → Gutter → Downpipe → First-Flush → Filter → Storage Tank → Distribution
වගේ flow එකක් තියෙනවා.
විශේෂයෙන් First-Flush Diverter එක වැදගත්. වහලයේ එකතු වන dust, leaves සහ වෙනත් අපද්‍රව්‍ය මුල් වැසි ජලය සමඟ tank එකට යාම අඩු කිරීමට එය උපකාරී වෙනවා.

📐 Tank එක කොච්චර ලොකු වෙන්න ඕනද?
“ගෙදරකට 5,000 L tank එකක් ඇති” වගේ fixed value එකක් දාන්න බැහැ.
Tank capacity එක තීරණය කිරීමේදී,
Roof catchment area
Local rainfall pattern
Runoff coefficient
Household water demand
Dry-period duration
Required reliability
වැනි කරුණු සලකා බලන්න ඕන.
සරලව,
Harvested Water ≈ Rainfall × Roof Area × Runoff Coefficient
කියන සංකල්පයෙන් ලැබෙන ජල ප්‍රමාණය මුලින් estimate කරන්න පුළුවන්.

⚠️ Design එකේදී අමතක නොකළ යුතු දේවල්
❌ Gutter එකක් දාලා tank එකකට වතුර ගන්න එක විතරක් Rainwater Harvesting Design එකක් නෙවෙයි.
✔️ Overflow arrangement
✔️ Filter maintenance
✔️ First-flush system
✔️ Mosquito-proof tank
✔️ Safe access for cleaning
✔️ Structural capacity of the tank/support
✔️ Separate potable/non-potable water connections

වැනි කරුණුත් නිවැරදිව සැලසුම් කළ යුතුයි.
🌱 එහෙනම් ඔබේ නිවසට අවශ්‍යද?
ඔබේ ප්‍රදේශයේ වර්ෂාපතනය හොඳ නම්, roof area එක ප්‍රමාණවත් නම් සහ gardening/cleaning/toilet flushing වැනි uses සඳහා water demand එකක් තිබේ නම්, Rainwater Harvesting System එකක් ප්‍රයෝජනවත් investment එකක් වෙන්න පුළුවන්.

නමුත් system එකේ වටිනාකම තීරණය වෙන්නේ tank එකේ size එකෙන් විතරක් නෙවෙයි — ඔබට ඇත්තටම කොපමණ ජලයක් එකතු කරගත හැකිද සහ එය කොපමණ ප්‍රමාණයක් භාවිතා කළ හැකිද යන්න මතයි.

🏗️ හොඳ Rainwater Harvesting System එකක් කියන්නේ වැසි වතුර එකතු කිරීමක් විතරක් නෙවෙයි — ජලය, වියදම සහ පරිසරය smart ලෙස කළමනාකරණය කිරීමක්.

Professional Guidance
Eng. W.M. BUDDHIKA SANDAKELUM
BSc. Eng. (Hons.), A.Eng(ECSL), AMIE(SL)

Iru Engineering Consultants-
For smart, safe, and cost-effective constructions

💬 ඔබේ නිවාස ඉදි කිරීමේ අත්දැකීම් comments වල share කරන්න!

අමතර විස්තර සඳහා අප සමග සම්බන්ධ වන්න. +94 71 666 17 84

☀️ නිවසේ Natural Lighting වැඩි කරගන්න Smart Design Tipsනිවසකට හොඳ Natural Lighting එකක් තිබීමෙන් දවල් කාලයේ විදුලි ආලෝකය...
19/09/2026

☀️ නිවසේ Natural Lighting වැඩි කරගන්න Smart Design Tips

නිවසකට හොඳ Natural Lighting එකක් තිබීමෙන් දවල් කාලයේ විදුලි ආලෝකය භාවිතය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම නිවස ඇතුළත පරිසරය වඩාත් සුවපහසු සහ ජීවත්වීමට සුදුසු තත්ත්වයක පවත්වාගැනීමටත් උපකාරී වෙනවා.
නමුත් Natural Lighting කියන්නේ ජනේල විශාල කරන එක විතරක් නොවෙයි. නිවසේ orientation, window position, room layout, shading සහ interior finishes වැනි කරුණු කිහිපයක් එකට සලකා බලන්න ඕන.

☀️ 1. නිවසේ Orientation එක නිවැරදිව සැලසුම් කරන්න

ඉඩමේ පිහිටීම අනුව නිවසේ කාමර සහ ජනේල ස්ථානගත කිරීම වැදගත්.
➡️ Direct sunlight එක අවශ්‍ය ප්‍රමාණයට ලබාගන්නත්, අධික heat gain එක වළක්වාගන්නත් orientation එක සැලසුම් කළ යුතුයි.

🪟 2. ජනේලවල ප්‍රමාණය සහ ස්ථානය

ජනේලයක් ලොකු වීම පමණක් ප්‍රමාණවත් නැහැ.
➡️ ජනේලය කාමරයේ කොතැනද තියෙන්නේ,
➡️ sill height එක,
➡️ head height එක,
➡️ window එකේ orientation එක
වැනි කරුණු natural light එක කාමරය තුළට පැතිරෙන ආකාරයට බලපානවා.

🏠 3. Light එක ගැඹුරට ගෙන යන්න
විශාල ජනේලයක් තිබුණත් කාමරයේ ජනේලයට ආසන්න ප්‍රදේශය පමණක් ආලෝකමත් වෙලා ඇතුළත කොටස අඳුරු වෙන්න පුළුවන්.

➡️ High-level windows, clerestory windows, skylights වැනි design solutions සුදුසු අවස්ථාවල භාවිතා කළ හැක.

🌿 4. Shading අමතක කරන්න එපා

Natural lighting වැඩි කරන අතරේ නිවස අධික ලෙස රත් වීම වළක්වාගැනීමත් වැදගත්.
➡️ Roof overhangs
➡️ Sunshades
➡️ Louvers
➡️ External shading
වැනි ක්‍රම භාවිතයෙන් daylight ලබාගනිමින් unwanted direct solar radiation අඩු කළ හැක.

🎨 5. Interior Colours නිවැරදිව තෝරන්න

Light-coloured walls සහ ceilings වලින් ලැබෙන ආලෝකය කාමරය තුළ වඩා හොඳින් reflect කරගන්න පුළුවන්.
➡️ ඒ නිසා dark colours පමණක් භාවිතා කරනවාට වඩා light-coloured finishes භාවිතය ප්‍රයෝජනවත්.

🚪 6. Room Layout එකත් වැදගත්

Corridor, partition walls සහ furniture placement නිසා natural light එකේ ගමන් මාර්ගය අවහිර වෙන්න පුළුවන්.
➡️ Openings සහ internal layout එක එකට සලකා සැලසුම් කිරීමෙන් එකම ජනේලයකින් වැඩි ප්‍රදේශයකට daylight ලබාගත හැක.

හොඳ Natural Lighting Design එකක් = විශාල ජනේල + වැඩි sunlight කියන සරල සංකල්පයක් නෙවෙයි.
Orientation + Window Design + Shading + Room Layout + Interior Finishes යන කරුණු සියල්ලම එකට සලකා බලන එක තමයි smart approach එක.

🏗️ නිවසක් සැලසුම් කරන විට ලස්සන පෙනුමට අමතරව, දවස පුරා එය භාවිතා කරන ආකාරයත් engineer/architect සමඟ සැලසුම් කරන්න.

Professional Guidance
Eng. W.M. BUDDHIKA SANDAKELUM
BSc. Eng. (Hons.), A.Eng(ECSL), AMIE(SL)

Iru Engineering Consultants-
For smart, safe, and cost-effective constructions

💬 ඔබේ නිවාස ඉදි කිරීමේ අත්දැකීම් comments වල share කරන්න!

අමතර විස්තර සඳහා අප සමග සම්බන්ධ වන්න. +94 71 666 17 84

🚰 Water Pressure අඩු වීමට හේතු සහ විසඳුම්නිවසේ tap එකෙන් වතුර එන වේගය අඩුයිද? Shower එකේ pressure එක මදිද? මේක හැමවිටම w...
18/09/2026

🚰 Water Pressure අඩු වීමට හේතු සහ විසඳුම්

නිවසේ tap එකෙන් වතුර එන වේගය අඩුයිද? Shower එකේ pressure එක මදිද? මේක හැමවිටම water supply එකේ ප්‍රශ්නයක්ම නොවෙයි. Plumbing system එකේ design එක, pipe size එක, tank එකේ elevation එක වගේ කරුණු කිහිපයක් නිසාත් water pressure අඩු වෙන්න පුළුවන්.

🔹 1. Overhead Tank එකේ උස ප්‍රමාණවත් නොවීම

Gravity system එකකදී tank එක සහ water outlet එක අතර vertical height difference එක pressure එකට සෘජුව බලපානවා.
➡️ Tank එකේ උස අඩු නම් pressure එකත් අඩු විය හැක.
🔹 2. Pipe Diameter එක අඩු වීම

අවශ්‍ය flow එකට වඩා කුඩා pipe භාවිතා කළොත් friction loss වැඩි වෙනවා.
➡️ විශේෂයෙන් දිගු pipe runs සහ outlets ගොඩක් තියෙන systems වල මේක බලපානවා.

🔹 3. Pipe එකේ දිග සහ Bends වැඩි වීම

Elbows, tees, valves සහ දිගු pipe lengths වැඩි වීමෙන් head loss වැඩි වෙනවා.
➡️ Plumbing layout එක design කරන විට මේවාත් සැලකිල්ලට ගත යුතුයි.

🔹 4. Pipe Blockage / Sediment

පරණ galvanized pipes, valves, filters හෝ fittings ඇතුළත scale සහ sediment එකතු වීමෙන් flow එක අඩු වෙන්න පුළුවන්.
➡️ එක outlet එකක විතරක් pressure අඩු නම් blockage එකක්ද කියලා පරීක්ෂා කරන්න.

🔹 5. Leaks

Pipe system එකේ leak එකක් තිබුණොත් available pressure සහ flow අඩු විය හැක.
➡️ Hidden leaks තිබේද කියලා පරීක්ෂා කිරීම වැදගත්.

🔹 6. එකවර Outlets කිහිපයක් භාවිතා කිරීම

එකම supply line එකෙන් tap, shower, washing machine වගේ outlets කිහිපයක් එකවර භාවිතා කළොත් available flow එක බෙදී යනවා.

🔧 විසඳුම් මොනවාද?

✅ අවශ්‍ය නම් pipe diameter වැඩි කිරීම
✅ Tank එකේ elevation නිවැරදි කිරීම
✅ Pipe blockage / filters / valves පරීක්ෂා කිරීම
✅ Leak detection සහ repair කිරීම
✅ Plumbing layout එක නිවැරදිව සැලසුම් කිරීම
✅ අවශ්‍ය pressure එක ලබාගැනීමට booster pump එකක් භාවිතා කිරීම

Water pressure අඩුයි කියලා එකවර pump එකක් දාන්න එපා. මුලින්ම pressure අඩුවීමට හේතුව හඳුනාගන්න. Pipe size, elevation, friction losses සහ system demand සලකා බලලා නිවැරදි solution එක තෝරාගැනීම තමයි හොඳ engineering practice එක.
හොඳ Plumbing Design එකක් කියන්නේ වතුර ගෙන ඒම විතරක් නෙවෙයි — අවශ්‍ය ස්ථානවල අවශ්‍ය flow සහ pressure එක ලබාදීමයි. 🏠🔧

Professional Guidance
Eng. W.M. BUDDHIKA SANDAKELUM
BSc. Eng. (Hons.), A.Eng(ECSL), AMIE(SL)

Iru Engineering Consultants-
For smart, safe, and cost-effective constructions

💬 ඔබේ නිවාස ඉදි කිරීමේ අත්දැකීම් comments වල share කරන්න!

අමතර විස්තර සඳහා අප සමග සම්බන්ධ වන්න. +94 71 666 17 84

17/09/2026
🌊 Concrete වලට Sea Sand භාවිතා කරන්න පුළුවන්ද?“Sea sand concrete වලට හොඳ නෑ” කියන කතාව සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ. ඒ වගේ...
17/09/2026

🌊 Concrete වලට Sea Sand භාවිතා කරන්න පුළුවන්ද?

“Sea sand concrete වලට හොඳ නෑ” කියන කතාව සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ. ඒ වගේම “Sea sand තියෙන නිසා ඕනෑම concrete එකකට දාන්න පුළුවන්” කියන එකත් වැරදියි.

🔬 Research අනුව ප්‍රධාන ගැටලුව Strength එකට වඩා Durability එකයි.

Sea sand වල chloride salts අඩංගු විය හැකියි. මේ chloride ions concrete එක තුළින් reinforcement steel වෙත ළඟා වුණොත්, steel corrosion ආරම්භ වීමේ අවදානම වැඩි වෙනවා.

➡️ Steel corrosion
➡️ Rust expansion
➡️ Concrete cracking
➡️ Cover spalling
➡️ Reinforcement section loss
➡️ Long-term durability අඩුවීම

ඒ නිසා untreated / untested beach sand එක RCC වලට direct use කිරීම සුදුසු නැහැ.
💡 Washed sea sand ගැනත් අවධානයෙන්!
“Washed” කියන එකෙන් පමණක් sand එක suitable කියලා තීරණය කරන්න බැහැ.
භාවිතයට පෙර අවම වශයෙන්,

✔️ Chloride content
✔️ Sulphate content
✔️ Silt & clay content
✔️ Shell/organic impurities
✔️ Grading
✔️ Specific gravity & absorption

වැනි properties test කරලා relevant specification එකට comply වෙනවාද බලන්න ඕනේ.

🏗️ Plain concrete සහ RCC එක එකම විදිහට බලන්න බැහැ.

Sea sand properly processed, tested සහ suitable mix design එකක් සමඟ certain applications සඳහා භාවිතා කළ හැකි බව research මඟින් පෙන්වා දී තිබෙනවා.
නමුත් RCC වලදී reinforcement corrosion risk එක නිසා වැඩි අවධානයක් අවශ්‍යයි.

Concrete එකේ 28-day strength එක හොඳයි කියලා විතරක් බලලා material එක safe කියලා තීරණය කරන්න බැහැ.
Strength tells us how strong the concrete is.
Durability tells us how long it can perform safely.

ඒ නිසා Sea Sand භාවිතා කරනවා නම් “sand එක මුහුදෙන්ද?” කියන ප්‍රශ්නයට වඩා “එහි properties test කරලා specification requirements satisfy කරනවාද?” කියන ප්‍රශ්නය වැදගත්.

📚 Research References:• Structures (2026) – Seawater Sea Sand Concrete: A Critical Review
• Construction and Building Materials (2023) – Research on the Performance of Seawater Sea-Sand Concrete
• Construction and Building Materials (2024) – Chloride Pe*******on & Steel Corrosion in Sea-Sand Concrete
• Structures (2024) – Feasibility Assessment and Application of Sea Sand in Concrete Production
Safe Construction | Quality | Engineering Knowledge

Address

Padeniya
Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when IRU Engineering Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share