27/04/2026
🏠 ඔබේ නිවසේ "නියුට්‍රල් එකේ විදුලිය එනවා" කියලා CEB එකට දැනුම් දුන්නාද? ⚡
මේක ලංකාවේ බොහෝ දෙනෙක් අත්විඳින ඉතාමත් බැරෑරුම් සහ ගැටලුකාරී තත්වයක්
1️⃣ පෝෂකය (Feeder) වෙන් කර හඳුනා ගැනීම
මුලින්ම කරන්නේ ට්‍රාන්ස්ෆෝමරයේ LV බෙදාහැරීම් පැත්තේ ඇති ෆියුස් ඩිස්කනෙක්ටර් සෙට් එකේ නියුට්‍රල් බාර් එකට නියොන් ටෙස්ටර් එක තබා ගැනීමයි.
පරීක්ෂාව: ෆියුස් එකින් එක ඕෆ් කරයි.
හඳුනා ගැනීම: යම් ෆියුස් එකක් ඕෆ් කළ විට නියුට්‍රල් බාර් එකේ ටෙස්ටර් එළිය නැති වුණොත් — අන්න ඒ පේස් (Phase) එකේම ලීක් එක තියෙනවා කියලා ඉතා සරලව හඳුනාගන්න පුළුවන්.
2️⃣ රැහැන් මාර්ගය කොටස් වශයෙන් පරීක්ෂා කිරීම (Sectionalizing)
දෝෂය ඇති පේස් එක හඳුනාගත් පසු:
ට්‍රාන්ස්ෆෝමරය අසල කෙනෙකු තබාගෙන, රැහැන් මාර්ගයේ මැදකින් හෝ ප්‍රධාන ජම්පර් පොයින්ට් එකකින් සම්බන්ධතාවය විසන්ධි කරයි.
ඉන්පසු ට්‍රාන්ස්ෆෝමරය අසල සිටින අයට විදුලිය දෙන්නැයි දන්වා නැවත නියුට්‍රල් එකට ටෙස්ටර් එක තබා පරීක්ෂා කරයි.
ප්‍රතිඵලය:
ටෙස්ටර් දැල්වුණොත් ➔ ලීක් එක ට්‍රාන්ස්ෆෝමරය සහ ජම්පර් එක අතර කොටසේ පවතී.
ටෙස්ටර් දැල්වුණේ නැත්නම් ➔ ලීක් එක ජම්පර් එකෙන් ඉදිරියට ඇති කොටසේ පවතී.
3️⃣ දෝෂය ඇති නිවස සොයා ගැනීම
දෝෂය ඇති කොටස හඳුනාගත් පසු, ඒ කොටසේ ඇති නිවාස වල මීටරය අසල ඇති MCB එකින් එක ඕෆ් කරමින් පරීක්ෂා කරයි. (මෙහිදී MCB එකේ Incoming Neutral එකට ටෙස්ටර් තබා පරීක්ෂා කිරීම සිදු කරයි.)
විසඳුම: දෝෂය ඇති නිවසේ MCB එක ඕෆ් කර, විදුලි කාර්මිකයෙකු ලවා එය නිවැරදි කරගත යුතුය.
තහවුරු කිරීම: නිවැරදි කිරීමෙන් පසු MCB එක ඔන් කර නැවත පරීක්ෂා කර තහවුරු කරගනු ලැබේ.
💡 මේ ක්‍රමයේ ඇති වාසි:
✅ වේගවත්: මැනුම් උපකරණ සම්බන්ධ කිරීමට කාලය වැය නොවේ.
✅ නිරවද්‍ය: භෞතිකව පද්ධතිය කොටස් කරන නිසා සැකයක් ඉතිරි නොවේ.
✅ සරල: මෙගර් පරීක්ෂා වැනි සංකීර්ණ ක්‍රියාවලියකට කලින් දෝෂයේ දිශාව සෙවීමට ඉතා පහසුයි.
⚠️ වැදගත් සටහන:.
මේක නිවැරදි නම Earth Leakage (එර්ත් ලීකේජ්). එනම් Phase එක Ground එකට ලීක් වීමකි. ලංකාවේ බොහෝ තාක්ෂණිකයින් "නියුට්‍රල් ලීක්" කියලා කතා කරන්නේ නියුට්‍රල් එකේ ටෙස්ටර් එක දැල්වෙන නිසා පමණයි.
මේ ක්‍රමය දැනගෙන තිබීම ඔබේ නිවසේ විදුලි ආරක්ෂාවටත්, නිවැසියන්ගේ ආරක්ෂාවටත් ඉතාමත් ප්‍රයෝජනයක් වනවා ඇත.
අමිත් කුමාර ලියනගේ (ඉංජිනේරු තාක්ෂණවේදී)