WAK House Design

WAK House Design අපගේ අරමුණ වන්නෙ ඉතා විශ්වාසවන්ත ලෙස සේවාව සැපයිමයි.අදම එක්ව ඔබගේ සිහින නිවාස සැලසුම් කර ගන්න
( Architectural House plans,Estimate)

ගෙයක් හදාගන්න අරමුණක් තියෙන අය අනිවාර්යයෙන්ම කියවන්න...බාස් කෙනෙක්ට කියලා ගෙයක් හදාගන්නකොට පිළිපැදිය යුතු කරුණු ටිකක්......
21/10/2025

ගෙයක් හදාගන්න අරමුණක් තියෙන අය අනිවාර්යයෙන්ම කියවන්න...

බාස් කෙනෙක්ට කියලා ගෙයක් හදාගන්නකොට පිළිපැදිය යුතු කරුණු ටිකක්...

නැකත හදන අතරෙ බාසුන්නැහැලගෙන් ගණන් අහගන්න. 10කගෙන් හරි කමක් නෑ අහන්න. දැන් ගොඩක් අය දවස් පඩියට කරන්නෙ නෑ. එහෙම අය ගන්නත් එපා විශ්වාස නැත්නම්. මොකද උන් වැඩේ අදිනව අදිනව දවස් පඩිය ගන්න ඕනි නිසා. ඒක නිසා කන්ට්‍රෑක් ටයිප් එකට දෙන්න. එතකොට ප්‍ර‍ශ්ණයක් නෑ. ගණන් අඩුම කෙනා නෙමේ වැඩත් හොදම කෙනා හොයාගන්න. පුළුවන්නම් කරපු වැඩ බලන්න. එක එක්කෙනා කියන ඒවා අහල වැඩ දෙන්නෙපා. ඔයාගෙ ගේ. ඔයාගෙ සල්ලි. නැති නාස්තිකරගන්න ආස නෑනෙ. ඒක නිසා හොදට හොයල බලලා වැඩේ දෙන්න.

අනික බාසුන්නැහැලගෙන් ගණන් මිනුම් අහද්දි මේ දේවල් ටික හොදට මතක තියාගන්න. ගණන් මිනුම් පැහැදිලිව අහගන්න. ආ ඒක ඒ වෙලාවට බලමුකො මහත්තයො, එහෙම නැත්නම් අඩුවට මං වැඩේ කරල දෙන්නම්කො ඔය වගේ චාටු බස් වලටනම් අහුවෙන්න එපා පුතෝ. මොකද උන් වැඩි හරියක් අපිට ඇතිකමට ඉන්න එවුන් නෙමෙයි. පැහැදිලිව අහගෙන පැහැදිලිව ලියාගන්න මෙන්න මේ ටික.

1 බේස් වලක් කපන්න ගාන
2 අත්තිවාරම කපන්න ගාන
3 බේස් වලක් බදින්න ගාන (කම්බි දමා)
4 අත්තිවාරම බදින්න ගාන. (සමහරවිට කියුබ් ගානට වෙන්නත් පුළුවන්)
5 සිමෙන්ති ගලක් බදින්න ගාන
6 කොන්ක්‍රීට් කණුවක් බදින්න යන ගාන.
7 ලින්ටල් අඩියක ගාන
8 උළුවස්සක් තියන්න ගාන
9 කපරාරුව වර්ග අඩියක් කීයද.
10 බිම පස් තලල කොන්ක්‍රීට් කරන්න
11 බදාම කපන්න
12 ටයිල් අල්ලන්න
13 කණු කපරාරුව සදහා (දික් අඩියක්)
14 පොටි ඇදල පිලර් කෝඩ් දෙක ගාන්න කීයද
15 කම්බි බැද සැටරිම ගහන්න වර්ග අඩියකට කීයද? (සැටරිම එයාලා ගෙනත්)
16 ස්ලැබ් එක දාන්න කීයද? (ඔයාගෙන් බඩු දාලා)

අංක 09න් කියපු දේ තව පැහැදිලි කරන්න ඕනි. මොකද උළුවහු තිබ්බට පස්සෙ කපරාරු කරද්දි උළුවහු පට්ටම් හදන්න බාස්ලා ආයෙත් සල්ලි ඉල්ලනව. සාමාන්‍යයෙන් ඒ ගාන වැඩියි. දික් අඩියක් 85ක් විතර වෙනව. බාසුන්නැහැල ක්‍ර‍ම දෙකකට මේක කරනව. එකක් තමයි බිත්තියෙ වර්ග අඩි ගාණයි, පට්ටම් වල දිග් අඩි ගාණයි වෙන වෙනම ගණන් හදනව. (බිත්තියෙ වර්ග අඩි ගාණ බලද්දි ජනෙල් වල ඉඩ අඩුකරල) එහෙම නැත්නම් ජනෙල් වල ඉඩ අඩුකරන්නෙ නැතුව සම්පූර්ණ බිත්තයට ගාණ හදනව. හැබැයි එතකොට පට්ටම වලට ගාණ හදන්නෙ නෑ හොදේ. ඒක දෙවිදියෙන්ම කතා කරන් එන්න. ඒ කිව්වෙ පට්ටම වලට ගාණත් අහගන්න. පට්ටම් වලට නැතුව කරන්න කැමති ද කියලත් අහගන්න. ඊටපස්සෙ ගෙදර ඇවිත් ලාභ කොයි වැඩේද කියල ගණන් හදල බලල ලාභ ක්‍රමේට වැඩේ කරන්න දෙන්න.

අංක 12 කියපු දේත් තව පැහැදිලි කරන්න ඕනි. මෙතනදි ටයිල් අල්ලන එකේ ගාන අදාල නොවෙන තැන් දෙකක් තියනව. එකක් ඔයාගෙ පැන්ට්‍රි එක. අනික බාත් රූම් එක. ඒකට වෙනම ගාණක් කතාකරගන්න ඕනි. ඒක දැන්ම කතාකරගන්න එපා. ඒවා පස්සෙ කතාකරගන්න පුළුවන්. කතාකරගන්න ඕනි තැනදි මම කියන්නම්.

ඊටපස්සෙ මේ දේ කරන්න. ගන්න පුංචි පිටු 40 පොත් දෙකක්. එකක් තියාගන්න ඔයාට ගේ හදන්න අවශ්‍ය ගල් වැලි සිමෙන්ති අරව මේවා ගේන්න යන වියදම. අනික තියාගන්න බාසුන්නැහැලට සල්ලි දීපුව ලියන්න. අමතක නොකර ඒ පොතේ බාසුන්නැහැට සල්ලි දුන්නම දවස, ගාන, බාසුන්නැහැගෙ අත්සන දාගන්න එයා භාරගත්තා කියල. ඒ වගේම ලියන්න ඒ මුදල දුන්නෙ මොහොකටද කියලත්. මොකද ගගේ මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනි. නැත්නම් සල්ලි ඉවරවෙන්නෙ හිතාගන්න බැරි විදියට. තව ඉස්සරහට ඔය දේ පැහැදිලි වෙයි.

අර බාසුන්නැහැගෙන් ගත්තු ගණන් ටික තියනව නේද. ඒ ටික මේ බාසුන්නැහැලට දෙන සල්ලි ලියන පොතේ පළවැනි පිටුවේ පැහැදිලිව ලියන්න. ලියල බාසුන්නැහැගෙන් අත්සනක් ගන්න. හොදට හිනාවෙලා අපි දෙන්නගෙම විශ්වාසෙට මෙහෙම හොදයිනෙ කියල චාටුවක් දාලා අත්සන දාගන්න. මොකද මේ කියපු දේ මේ වෙනස් කරන මිනිස්සු ඉන්නවනෙ. නැත්නම් අනේ මහත්තයා මං කිව්වෙ ඔය ගාන නෙමේ මේ ගාන කියල කියයි වැඩේ ඉවර වුණාම. ඔහොම කළාම ඔයාට ඔය පොත පෙන්නුවෑකි කිසි අවුලක් නැතිව. අනික ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඩොලර් එකකින් ඉහල ගියත් සිමෙන්ති ගල බදින ගාන වැඩිකරන ජාතියක් බාස්ලා කියන්නෙ.

ඊටපස්සෙ ප්ලෑන් එක පෙන්නල අහගන්න අත්තිවාරම් බදින්න දවස් කීයක් යනවද, ගල් ටික බදින්න දවස් කීයක් විතර යනවද කියල. මොකද අද වැඩට එනව හෙට තව තැනක වැඩට යන මිනිස්සුනෙ. අපට වැඩේ ඉක්මණට කරගන්නනෙ ඕනි. ඒ දවස් ටිකත් ඊළග පිටුවෙ ලියාගන්න.

ඊටපස්සෙ බාස්ට කියන්න ඔයාට කෑම දෙන්න පුළුවන්ද බැරිද කියල. ඔයාට කෑම දෙන්න පුළුවන්නම් කෑම වල ගාණ අඩුකරන්න කතාකරගන්න. නැත්නම් ප්‍ර‍්ණයක් නෑ. ඔයාට පුළුවන් වෙලාවක් තියේනම් තේ ටිකක් දෙන්න. පුළුවන් වෙලාවක් තියේනම් කෑම වේලක් දෙන්න. (හැමදාම නෙමේ) මොකද මොනව වුණත් තමන් ජීවත්වෙන ගේ හදන මනුස්සයනෙ. අනික කෑම වේලක් කෙනෙකුට දුන්නට පවු නෑනෙ.

ඕන් ඊටපස්සෙ තමයි අවශ්‍යම දේ කතාකරන්න තියෙන්නෙ. ඒ තමයි බාසුන්නැහැ අපෙන් සල්ලි ගන්නෙ කොහොමද කියල. හිගන්නා වගේ හැමදාම උදේට 500යි දවල්ට කන්න 500යි හවසට බොන්න 1000යි ඉල්ලන එවුන් ඉන්නවා. එහෙම සල්ලි දෙන්න පුරුදුකරගන්න එපා. අන්තිමට සල්ලි ටික යයි. වැඩේ එතනමයි. කොහොමත් අත්තිවාරම කපන දවසට බාසට 5000ක් වගේ දෙන්න. ඒක අවුලක් නෑ. හැබැයි අත්තිවාරමට යන මුදලෙන් අඩුකරගන්න. බාස් එක්ක මෙහෙම කතා කරගන්න. අපේ ගෙයි පළවැනි කොටස අත්තිවාරම. ඒ කොටස ඉවර වුණාම ඒ කොටසට අදාල මුදල මං ඔයාට දෙනව. හැමදාම හවසට සල්ලි දෙන්න බෑ මට. මොකද මමත් රෝලක් ගහල තමා සල්ලි හොයන් මේ වැඩේ කරන්න හදන්නෙ. අපි කොටසින් කොටස ඔයාට සල්ලි දෙන්නෙ. අත්තිවාරම බැදල ඉවරවුණාම පලවැනි කොටස. ඊටපස්සෙ බිත්ති භාගයක්වත් ඉවරවුණාම. ඊටපස්සෙ බිත්ති සම්පූර්ණයෙන් ඉවර වුණාම. සමහරවිට බාස් කැමති වෙයි. අකමැති වෙලා එයා කිව්වොත් මං හවසට ගෙනියන මුදලින්නෙ මහත්තයො අපි හෙට කන්නෙ. ඒක නිසා ඒ විදියට මට කරන්න අමාරුයි කියල ඔයා මෙහෙම කියන්න. හරි එහෙමනම් මං ඔයාට හවසට සල්ලි දෙන්නම්. හැබැයි ඔයා ඉල්ලන ගාන නෙමේ. වැඩේ කෙරිල තියෙන ප්‍රමාණයට. ඔයා තනියෙන් එක දවසින් සිමෙන්ති ගල් 1000ක් බැන්දොත් මම හවසට ඔයාට ඕනිනම් සිමෙන්ති ගල් 1000ම බදින්න ගිය ගාණ දෙන්නම්. ඔයා බාස්ල 10ක් ගෙනත් ගල් ගෙඩි 10ක් බැන්දොත් මං දෙන්නෙ ගල් ගෙඩි 10 බදින්න ගිය ගාණ විතරයි. එහෙම කැමතිද? කියල අහන්න. එතකොට බාස් දෙකෙන් එකකට කැමති වෙනව. හැබැයි අන්තිමට කියන්න හැබැයි බාසුන්නැහැ හවසට හෙට ගාණින් අඩුකරගන්න රුපියල් 1000ක් දෙන්නකො 2000ක් දෙන්නකො කියල ඉල්ලන්න එපා. ඒක ඔයාටයි මටයි දෙන්නටම කරදරයි කියල. (මේ හැමදේම බොහොම චාටු බසින් කියන්න. මොකද අපේ වැඩෙත් කරගන්න එපැයි)

එකගතාවයකට ආවද? හරි එහෙනම් ඒකත් අර පොතේ ලියන්න. මං මේ හැමදේම පොතේ ලියන්න කියන්නෙ ඇයි කියල ඔයාලා හිතනව ඇති. මොකද දන්නවද? මිනිස්සු වෙනස් වෙනව. අද ඉන්න මනුස්සයා නෙමේ හෙට. අද කියපු දේ නෙමේ හෙට කියන්නෙ. අන්න ඒකයි.


බාසුන්නැහැගෙන් අහන්න අත්තිවාරම සම්පූර්ණ වෙනකම් අවශ්‍ය වෙන කළුගල්, වැලි, සිමෙන්ති, කම්බි (සයිස් එකත් එක්ක) ප්‍ර‍මාණය.

ඊටපස්සේ ළගම තියෙන හාඩ්වෙයාර් වලට යන්න.
කළු ගල් කියුබ් 01හරි බාස්ගෙ ප්‍ර‍ශ්ණ ටික දැන් ඉවරයි.

මං කිව්වනෙ මං මේ කියන්නෙ තට්ටු දෙකේ නිවසකට කියල. හරි එතකොට බේස් වලවල් එහෙම කපන්න ඔනිනෙ. තමන්ට යාළුවො එහෙම ඉන්නවනම් 10ක් 12ක් කට්ටිය හොයාගන්න පුළුවන්නම් ගෙපල කපන දවසට ඒ අයට කතාකරල අත්තිවාරම් කපාගන්න පුළුවන්නම් ලොකු ඉතිරියක්. කන්න වේලයි තේ ටිකටයි විතරනෙ වියදමක් යන්නෙ. එහෙම නැත්නම් පොඩි බැකෝ එකකින් අහල බලන්න බේස් වලක් කපන්න කීයක් යනවද කියල. තමන් ගණන් හදල බලන්න බාස්ලා කපන එකද වාසි බැකෝ එකද කියල. මොකද ඉතුරුවෙන රුපියලත් ඉස්සරහට මසුරන් වටිනව. හැබැයි බැකෝ එක ඉක්මණ් හොදේ.

වැලි කියුබ් 01
කම්බි (ලංවා/මෙල්වා) නූල් 10, නූල් 12
සිමෙන්ති ගලක් 4 * 8 * 16
මෙන්න මේවට කොටේෂන් එකක් ගන්න. යන්න ළග ගල් වලක් තියේනම් ඒකටත්. ඒකෙනුත් ගණන් අහන්න. බ්ලොක් ගල් ගහන වැඩපොලවල් තියේනම් ඒවටත් ගිහින් ගණන් අහන්න. හැබැයි එයාලා ගෙනත් දෙනවදදින්න බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දි ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නෙ. ඒක නිසා කොහොම හරි තමන්ට ඕනි තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නෙ නැති වෙන්න දාගන්න.
ඊටපස්සෙ අඩුම මිල හොදම විශ්වාසය තියෙන තැන මොකක්ද කියල. විශ්වාසය ගැන කිව්වෙ මේකයි. මනම්පිටිය කියල වෙලේ වැලි ගෙනත් දාලා යන මිනිස්සු ඉන්නව. ඒකයි. සිමෙන්තිනම් කොහෙත් එක ගණන් වගේ තමයි. බාසුන්නැහැ කියපු ගානට වඩා කියුබ් භාගයක් හරි වැඩිය ගෙනාවට පාඩුවෙන්නෙ නෑ. මොකද ඕවා දිරන්නෙ නැති නිසා. ගල් වැලි සිමෙන්ති කම්බි ටික දවස් දෙකකට විතර කලින් ගෙනත් දාගන්න පිළිවෙලකට. ගෙනත් දානකොටත් මතක තියාගන්න. ආපහු වෙනතැනකට අදින්න බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දි ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නෙ. ඒක නිසා කොහොම හරි තමන්ට ඕනි තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නෙ නැති වෙන්න දාගන්න.

හරි දැන් නැකත හදල ඉවරයි. බාසුන්නැහැලත් හොයාගත්තා. දැන් නැකත දවස කිට්ටුවෙද්දි කරන්න දේවල් ටිකක් තියනව. ඒ තමා මුල් ගලක් ගේන එක. ඒවා කඩේ ගන්න තියනව අර ඇතුලට දාන ජාතිත් එක්කම. බාසුන්නැහැට කියන්න නැකත වෙලාවට කලින් එන්න කියල. නැත්නම් මිනිහත් එයි විනාඩි පහකට විතර කලින්. ඇවිත් අරක කෝ මේක කෝ කියල කලබල කරයි. ඒක නිසා පැයකටවත් කලින් එන්න කියන්න. ආයුධ එහෙම පනපොවල ලෑස්ති කරල තියාගන්න. ගෙදර ආයුධ නැත්නම් අදුරන අයට කියල තියන්න ඕනි කියල. නැකතට කලින් දවසෙ ගිහින් බඩු ටික අරන් එන්න. ගොක් අතු ටිකක් ඕනි පහන් පැලවල් හදන්න. පන්සලේ හාමුදුරුවන්ට ආරාධනා කරන්න පිරිත් ටිකක් දේශණා කරන්න. බාසුන්නැහැගෙන් අහන්න නූල් අදින්න නූල් බෝල කීයක් විතර ඕනිද කියල. බැකෝ එකෙන් කපනවනම් නූල් අදින්න බැහැ. අළු හුණු පැකට් එකක් ගෙනත් තියාගන්න. කූඤ්ඥ හරිගස්සගන්න. සංග්‍ර‍හ වලට දෙන්න අවශ්‍ය කළමනා ගෙනත් තියාගන්න. කිරිබත් එහෙම හදන්නත් ඕනිනෙ... 😇

ඔබේ නිවාස සිහිනය ඉක්මනින් ඉටුවේවා කියලා මං ප්‍රාර්ථනා කරන්නම්.. 🙏❤️

අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න..

ස්තුති!

18/11/2024

නිවසක් හදන්න ඉඩමක් තෝරගන්නා විටදී සලකා බලන කරුනු 🏡

__________________________________________________

පාරිසරික සාධක ලෙස ,

💠ඉඩම නාය යයිද
💠ගංවතුර තත්වය ,
ආදිය බොහො අය දන්නා දේවල් නිසා සටහන් නොවේ

💠ඉඩමට අදාල නීතිමය තත්වයන්
💠තමාගේ සමාජ තත්වය
💠යටිතල පහසුකම්
💠තමාගේ අනාගත අරමුනු ,,,,,ආදිය බොහො අය සලකා බලයි

මීට අමතරව ඉඩමේ හැඩතලය බලන්න ඕනි ,ඒ අනුවත් ඉඩමේ සුබ අසුබ බව තීරනය වෙයි,

වාස්තු විද්‍යාවට අනුව විවිධකාරයේ ඉඩම්

1 චතුරස්‍ර
2,ත්‍රිකෝන
3,විශම
4,වෘර්ත
5,වක්‍ර
6,දන්ඩ
7,බෘහත්
8,ශකට
9,ව්‍යාජන
10,ධනවා
11,පනවා
12,ශුර්ජි
13,මුර්ජාකාර
14,පතාකාර
15,කේවලාකාර ලෙස භූමිය හැඩතලය අනුව වර්ග කර තිබෙයි,

මේඅතුරින්

✴️ චතුරස්‍ර
එනම් සෘජුකෝනාස්‍ර හෝ සම චතුරස්‍රාකාර ඉඩම්ද

✴️වෘර්ත
එනම් වට මායිම වක්‍රාකාර ඉඩම්ද

✴️පතාකාර
එනම් ඊතලයක කෙලවර ,තලයේ ආකාරයේ ඉඩමද,සෘජුකෝනාස්‍ර ලෙස පෙනෙන නමුත් පලල දෙකොටසේ එක් කොටසක් තරමක් අඩුවක් සහිත ඉඩම්ද,වාසයට වඩාත් සුදුසු ලෙස දක්වයි ,

අනික් ඉඩම් වර්ග සුබපල නොදෙතත්,සුබපල දෙන ඉඩම්වල ආකාරයටවට මායිම සකසාගන්නෙනම් සුදුසුවෙයි මේ ඉඩම් වර්ග පසුව විස්තර කරනවා,

තවද,
ඉඩමේ මතුපිට තත්වය අනුවද,සුබ අසුබ බව තීරනයවෙයි,(එම විස්තර පසුවට)

ඉඩමේ මතුපිට තත්වය කෙසේ වුවද නිවස හදන කොටසේ ,ජලය ගලායන දිසාව ,උතුරු නැගෙනහිර ඊසාන වලට යොමුකිරීමෙන් නිවැරදිවෙයි,

ඉඩමක් ප්‍රදාන දිසාවලට මුහුනලා තිබීම සුබදායකය ,නමුත් මේ සියලු සාධක සම්පූර්න ඉඩම් සෙවීම අපහසුවෙන අතර ,එය සුබ ලෙස සකසා ගන්න පුලුවන්,

මීට අමතරව ඉඩමේ සුබ අසුබ බලන වෙනත් ක්‍රම තිබේ ,අමතර දනුමට පමනක් සටහන් වෙයි,

1 ගෙහිමියාගේ අතේ රියනට සමාන වලක් ඉඩමේ හාරන්නමේ වල දිග පලල උස ගෙහිමියගේ රියනට සමාන වෙයි,ඉන් පසු එම පස්වලින් තද නොකර වල වහන්න වල වසා පස් ඉතිරි වේනම් සුබයි

2 පෙර පරිදි වලක් ඉඩමේ හාරන්න
වලේ ගොම සහිත මටිගාන්න වේලුනු පසුව අලුත් පහන් පහක් වලේ හතර කොනේ හා මද තියන්න ,එලගිතෙල් පහන් වලට දමා අලුත් තිර දමා දල්වන්න පහන් හොදින් දල්වෙයි නම් සුබයි,පහන් වල ආලෝකය නොමතිව අදුරු ස්වබාවයක් ගනීනම් අසුබයි,
,,,,,,,,,,,,,,,,,,,,,,,,තවත් ක්‍රම පසුවට,(අතීත දේ මෙවනි දේ ඔබේ සිතගිවලට අනුව බාරගන්න)

ඊලගට ඔබ ඉඩමේ නිවස හදන්න සුදුසු ස්තානය තෝරාගන්න ඕනි මේ සදහා ඉඩමේ පාද බෙදිය යුතයි....

15/11/2024

🏠️නිවසක ප්‍රධාන දොර කියන්නේ එම නිවසේ ගෘහ මූලිකියාව නියෝජනය කරන නිවසක ප්‍රධාන අංගයක් .

ඉතින් ප්‍රධාන දොර දුබල කරනවා කියන්නේ ගෘහ මූලිකයාව දුබල කරනවා වගේ දෙයක්.
ප්‍රධාන දොර ශක්තිමත් කරනවා එහෙමත් නැත්නම් බලවත් කරනවා කියන්නේ ගෘහ මූලිකයාව බලවත් කිරීමක් හා සමානය.

🏠️නිවසක ප්‍රධාන දොර ගැන සැලකිලිමත් වෙනකොට මේ දේවල් ගැන දෙපාරක් හිතන්න, 🤔

🏅නිවසට ධනාත්මක ශක්තීන් ප්‍රධාන දොරින් නිවසට පැමිණේ.

නිවසක ප්‍රධාන දොර අනෙක් දොරවල් වලට වඩා විශාල විය යුතුයි. ( පළල මෙන් දෙගුණයක් උස විය යුතුය ). නිවසකට නම් වඩාත්ම සුදුසු පළල අඩි 4' උස අඩි 8' ඉතාම හොඳයි .

නිවසක ප්‍රධාන දොර ප්‍රධාන දිශා හතරට පමණක් යොදාගන්න.

ඒ වගේම ප්‍රධාන දොරට සහාය ලබා දෙන අනිත් දොරවල් ඒ කියන්නේ නිවසින් එළියට යන අනෙක් දොරවල් ප්‍රධාන දොරට උදව් වන පරිදි දොරටු චක්‍රයට අනුව හොඳ දිශාවන් වලට ගැලපෙන විදිහට තියන්න. එතකොට තමයි සුබ ශක්තින් නිවසට ගැලපෙන විදිහට ලැබෙන්නේ ( එහෙම ක්‍රමවේද 16 ක් තියෙනවා ඒකෙන් සුභ 09 ක් සහ අසුභ 07 තියෙනවා.

( පහත ඇති ලිපියකින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු තියෙනවා. සිරිකත කැන්දන මංගල දොරටුව කියලා. )

ඒ ක්‍රම වලින් හොඳම එකක් තමයි උතුර දකුණ ,නැගෙනහිරට දොරවල් තියපු "ධනද " වර්ගය නිවසකට ධනය සෞභාග්‍ය වාසනාව පරිපූර්ණව ලැබෙන සුදුසු ක්‍රමයක්.

එය හරියට රූපවාහිනිය නැරඹීමට ඇන්ටනාවක් සවි කර හොඳින් රූපවාහිනී නැරඹීම පැහැදිලි කර ගැනීම සඳහා ඇන්ටනාව සුදුසු දිශාවකට කරකවනවා හා සමානය. ඒ කියන්නේ අපට අවශ්‍ය හොඳ දේ ලබාගැනීමට හොඳ දිශාවකට දොරටු තියන්න ඕනේ.

🏅තවද ප්‍රධාන දොර පියන සහ මල් ලෑල්ල කැටයම් කරනකොට, එසඳහා පුන්කලස වගේ කැටයම් යොදා ගන්නවා නම් ඉතාම හොඳයි. ඊට අමතරව වෙනත් සුබ කැටයම්ද සුදුසුය.

( මේ පිළිබඳව ඉතිහාසගත හොඳම උදාහරණයක් තියෙනවා මෙම page එකේ ඉහළින්ම තියෙන නැගෙනහිරට ඇති දොරටුව කියල කියන ලිපියේ )

පියන් දෙකේ දොරත් නිවසකට ඉතාම සුදුසුය. එය නිවසට හොද පෙනුමකුත් ලබා දෙනවා.

🏅තවත් වැදගත් දෙයක් තියෙනවා ඒ තමයි ප්‍රධාන දොරට ආසන්නයෙන් තබන සුභ සංකේත.

ප්‍රධාන උළුවස්සට උඩින් වී කරල් මිටියක් තියන්න එතකොට ගෙදරින් එළියට ගිහිල්ලා එනකොට නිවස ඇතුලටම එද්දී දකින්නේ පරිපූර්ණ වීකරල් මිටියක්. මේක ඔබගේ හිත ධනාත්මක භාවයෙන් පිරී යන්න හේතුවක් වෙනවා. Low of Attraction කියල කියන්නෙත් මේකම තමයි.

ඊට අමතරව ඉර හඳ සංකේතය, නැව්ම් මල් පිරවූ බදුනක් එහෙමත් ප්‍රධාන දොර අසලින් තියාගන්න පුලුවන් .

මේ ගැනත් කුඩා ලිපියක් තියෙනවා පහතින් සුභ සංකේත කියලා.

තවත් වැදගත් කරුණක් තියෙනවා කිසිම විටෙක ප්‍රධාන දොර ගිනිකොණ , නිරිත යන දිශාවන් අහුවෙන විදිහට තියන්න එපා. හිතනවටත් වඩා වියදමත් අධික වෙයි. කේන්තියත් වැඩිවෙයි. උෂ්ණාධික රෝග තත්ත්වයන් ද ඇතිවෙන්නත් පුළුවන්.

( පුරාණ වාස්තු පොත් පත් වල " අග්නි ද්වාරය " කියන්නෙ මේ ගිනිකොණ දිශාවේ අති දොරටුව ) අනෙකුත් නිවසින් පිටවීමේ දොරටුද මේ දිශාවන්වල තියාගන්න එපා.

ප්‍රධාන දොරට මුළුතැන්ගෙයි උදුන පේන විදිහට සැලසුම් කරගන්නත් එපා.

නිවසේ බිත්තිය කෙරවලටම වෙන්න ප්‍රධාන දොර සැලසුම් කරන්න එපා. එ සදහා පාද කියලා සුබ ස්ථාන තියෙනවා .

ඒ වගේම ප්‍රධාන දොරට හරියටම ඉදිරියෙන් විශාල කණු , එන විදිහට නිවාසය සැලසුම් කරගන්නත් එපා.

ඒ වගේම නිවසක හරි මැදට Center point කෙලින් නිවසේ ප්‍රධාන දොර සැලසුම් කරගන්න එපා.

මේ අටදශා වේද දෝෂ කියල කියන කරුණු මේ පිළිබඳවත් ලිපියක් තියෙනවා .

ඒවගේම ප්‍රධාන දොරට ඉදිරියෙන් ආලෝක රේඛාවක් වගේ සිටින ලෙස පිටවීමේ වෙනත් දොරටුවක් හෝ ජනේලයක් තබන්නත් එපා. ( නිවසේ සුභ ශක්ති ගලනයට මේක බාධාවක් ) නූතන විද්‍යව අනුව උණුසුම පාලනය කරගන්න බාධාවක් .

08/11/2024

ගෘහ නිර්මාණ ශිල්පය යනු ගොඩනැගිලි හා අනෙකුත් ද්‍රව්‍යමය ආකෘතීන් නිර්මාණය කිරීම හා ඉදිකිරීමේ කලාව යි.ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ස්කන්ධය, අවකාශය, ස්වරූපය, පරිමාව, ස්වාභාවය (සෑදී තිබෙන ආකාරය), ආකෘතිය, ආලෝකය, සෙවනැලි වැනි දෑ මෙහෙයවීමෙන් හා වියදම්, ඉදිකිරීම් හා තාක්ෂණය වැනි දෑ උපයෝගී කරගනිමින් අවසානයේ සෞන්දර්යාත්මක වූත්, ක්‍රියාකාරී වූත්, කලාත්මක වූත් නිර්මාණයක් කරනු ලබයි.

එමෙන්ම වාස්තු විද්‍යාවේදී ද, මිනිසා විසින් සාදන ලද ගොඩනැගිල්ලක් අවට පරිසර සමග සංකලනය වීමේ සිට ඉතා සියුම් විද්‍යාත්මක හා ඉදිකිරීමේ විස්තරයන් ද ඇතැම්විට ගෘහ භාණ්ඩ ද ඇතුළුව මෙය පුලුල් ව අර්ථකථනය කෙරේ. ඒ නිසා වාස්තු විද්‍යාව අතීතයේ සිට පැවත ආ ගෘහ නිර්මාණ ශිල්පයක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.

නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට අමතරව සංවේදනය මුලික කොටගෙන කර්ණික(ඇසෙන දෑ), දෘශ්‍ය(පෙනෙන දෑ), ආඝ්‍රාණ(ගද සුවද දැනීම) හා ස්පර්ශක(ස්පර්ශකල හැකි දෑ) ගෘහ නිර්මාණ ශිල්පය ගොඩනැගී ඇත. අපගේ නවීන ගෘහ නිර්මාණ ශිල්පයේදී දෘශ්‍ය සංනිවේදනය ගැන වැඩි සැලකිල්ලක් ගෙන අනෙකුත් සංවේදනයන් ගැන වැඩි අවධානයක් නොදෙන බවක් පෙනෙන්නට තිබේ.

නිවසක් හෝ අනෙකුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ගොඩනැගිල්ලේ පිහිටීම, පිහිටන භූමිය, නිවසෙහි හැඩය, නිවසට වාතාශ්‍රය හිරුඑළිය ජලය ලැබෙන ආකාරය, අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී කාරණා ගැනත් සැලකීම වැදගත් වෙයි. මේ කාරණා ගැනත් අවධානය දීමෙන් දියුණුව සහ සමගිය පවතින සුන්දර නිවසක් ඉදිකිරීමේ සිහිනය සැබෑ කරගත හැක.

06/11/2024

නිවසක බ්‍රහ්ම පාදය , ගිනි කතිරය , මධ්‍ය ලක්ෂ්‍යය මොනාද මේ..........😮🤔🤔

🏡 ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ බ්‍රහ්ම පාදය , ගිනි කතිරය , මධ්‍ය ලක්ෂ්‍යය කියන්නේ මොකක්ද කියන එක. ඒක පෑගෙන්න හොඳ නැද්ද ඒ හරහා යන විකර්ණ වලට උළුවහු වැටෙන්න හොඳ නැද්ද ඒ කෙළින් බාත්රූම් තියෙන්න හොඳ නැද්ද මාරම ප්‍රශ්න ගොඩක්.

මේ ලිපියෙන් අපි ඒ හැමදේකටම වාස්තු විද්‍යානුකූලව විසඳුම් ගේන්න හිතුවා. මුලින්ම අපි හිතමු නිවසක මධ්‍ය ලක්ෂ්‍යය කියන්නේ මොකක්ද? ඔබ හිතන්නකො පෙට්ටියක් ගැන; පෙට්ටියක බර ක්‍රියා කරන තැන හිතලා බලන්න. පහළ රූප සටහනක පෙන්වා තියෙනවා ඝන වස්තු බර ක්‍රියා කරන ස්ථානය. මේ ස්ථානය ඇත්තටම තියෙන්නේ පෘෂ්ඨය මත නොවේ, එම පෘෂ්ඨයට උඩින් වෙන්න. එසේ නම් නිවසක් ගැන ඔබ ත්‍රිමාණව සිතන්න. එහි බර ක්‍රියා කරන්නේ ඒ මධ්‍ය ලක්ෂ්‍යයෙන්ම තමයි. එතකොට වාස්තු පරීක්ෂකයින් මේ මධ්‍ය ලක්ෂ්‍යය සොයා ගන්න නිවසෙහි බිත්ති පිටින් පිට ලකුණු කරගෙන විකර්ණ දෙකක් ගහනවා. ඒ කැපෙන තැන තමයි මධ්‍ය ලක්ෂ්‍යය ලෙස හඳුන්වන්නේ. ගිනි කතිරය ලෙස හඳුන්වන්නේද මෙම රේඛා දෙකටමයි. ඒ රේඛා දෙක අප මැද ලක්ෂ්‍යය සොයා ගැනීමට අඳින දල රේඛා දෙකක් පමණයි.ගිනි කතිරය කියන්නෙ ඔන්න ඔය රේඛා දෙකට..

🏡 දැන් ඔබ සිතන්න එම මධ්‍ය ලක්ෂ්‍යය පොළව හරහා බර පහළට ක්‍රියා කරන විට ඒ මත අප ගමන් කිරීම හොඳ නෑ , පාගන්න හොඳ නෑ කියලා කියන එක සාදාරනද කියලා. බිත්ති, මල් පෝච්චි, උළුවහු ආදී තව නොයෙක් දේවල් ඒ හරහා තැබීම නිවැරදි කාර්යයක්ද?පෙට්ටියක වුණත් ඒ මාධ්‍ය ලක්ෂ්‍යයෙන් පහළ කොටසක් කපා ඉවත් කළ විට බර ක්‍රියා කරන ස්ථානය වෙනස් වෙනවා නේද?

🏡 එනිසා නිවසක එම ලක්ෂ්‍යය හරහා කිසියම් දෙයක් තබා බාධා කළහොත් එම නිවාස මඟින් එන සියළුම බලයන් පීඩනය නිවැරදිව පොළවට ගමන් කරන්නේ නහැ. එම නිසා මෙම මාධ්‍ය ලක්ෂ්‍යය පහළට ක්‍රියා කරන ප්‍රදේශය නිතරම විවෘතව තබා ගන්න. ඔබ එම ස්ථානයෙන් එහා මෙහා ගමන් කළත් කවදාවත් මධ්‍ය ලක්ෂ්‍යය ඔබට පෑගෙන්නෙ නැහැ. එසේනම් ඔබ හඳේ නිවසක් සෑදිය යුතුයි. 😂😂😂🙄 මොකද ඒ ස්ථානය නිවසේ තිබෙන්නේ පෘෂ්ඨයට උඩින් නිසා.. මෙම මධ්‍ය ලක්ෂ්‍යය සෑමවිටම බ්‍රහ්ම පාදය තිබෙන ස්ථානයට පැමිනෙනවා. බ්‍රහ්ම පාදය යනුවෙන් හඳුන්වන්නේ වාස්තු විද්‍යාවෙන් අපට සෘෂිවරුන් සොයා දුන් නිවසක වටිනාම ස්තානය. පුරාණ සෘෂිවරු මේ සොබාදහම, විශ්ව ශක්තිය, සුළඟ, ආලෝකය, දිශාව, හඳ සහ ගහකොළ වල බලපෑම පෘථිවියේ ගුරුත්ව ශක්තිය චුම්බක බලය , අනෙක් ග්‍රහලෝක වලින් ලැබෙන බලපෑම සදෙන් ලැබෙන බලපෑම හැමදේම සලකලා දෙව් රූපයක් නිර්මාණය කලා ඒ ශක්තිය හදුන්වන්නේ වාස්තු දෙවිතුමා කියලයි..ගොඩක් දෙනා ගහයින්ගෙන් ලැබෙන බලපෑම විශ්වාස නොකලත් හදෙන් ලැබෙන බලපෑම නම් විශ්වාස කරන්නම වෙනවා . මුහුදු රල වඩදිය බාදිය ඇතිකරන්නෙ හදෙන් වන බලපෑමෙන් කියල අපි ඉගනගන තියෙනවනේ.පුරට ගස් කපන්න එපා කියල අහලා ඇතිනේ.නරියා හූකියන්නෙත් සද දවසටලු. පිස්සො මෝල් වෙනවා කියලත් අහලා තියෙනවා ඇති..මේ හැම ශක්තියක්ම එකතු කරපු නිර්මිත දෙවි කෙනා නිවසක් තුල වැතිරිලා ඉන්නවලු. ගොඩ දෙනා මේක දකින්නේ ද්විමාන රූපයක් විදියට නමුත් ඇත්තටම ඒ තිමාන රූපයක් . සුලන් හමන් දිශා හෑමදේම හිතලා අදයනය කරලා හදපු දෙයක්. ඉසිවරැ හැම දේම ඒ කාලෙ හිටිය මිනිසුන්ට පැහැදිලි කරන්න ගියා නම් පිස්සු කියලා හිතයි.

🏡 අද නූතන විද්‍යාඥයින් විසින් මේ දේවල් අධ්‍යනය කර සොයා ගත් නමුදු පුරාණ සිටි සෘෂිවරුන් මේ දේවල් සොයා ගෙන ලිව්වේ සුරකින ලද්දේ ශ්ලෝක වලයි. අපේ කරුමෙට වර්තමානයේ වාස්තු විද්‍යාව පිළිබඳව පොත් ලියන පුද්ගලයින් මිනිසුන් බිය ගන්වා මෙම විද්‍යාත්මක හේතූන් යට ගැහුවා, සැඟවූවා. ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි අයුරින් සෘෂිවරුන් විසින් මෙම සංසිද්ධීන් අධ්‍යනය කර මෙම කාරණා ගොඩ නැඟුවේ වර්තමාන සයන්ටිස්ට්ලා මෙනි. මෙම ලිපිය කියවන ඔබ මීළඟට පවසයි බුදුරජාණන් වහන්සේ මේ කිසිවක් දේශනා කර නැතැයි කියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ අපට සසරින් එතෙර වන මාර්ගයයි. උන්වහන්සේ දේශනා කරන ලද මඟ යනවා නම් මේ සැමදෙයක්ම අත්හළ යුතුයි.

🏡 නමුත් අපට නිවන් මාර්ගයට එකපාර යන්න බැහැනෙ . හැමදෙනාම බලන්නෙ කම් සැප උපරිම විදින්න තමා ඉන්න ජීවත් වන් නිවස ලස්සනට තියාගන්න. එවිට මනස පිරිසිදුව තබා ගෙන ජීවත් වීමට හැකි වෙන නිසා මන්දයත් අප සෑමදෙනාම මෙම ලෝකයේ ජීවත් වන කාලය තුළ සෑමදෙයක්ම සාර්ථක කර ගැනීමට ඒ පස්සේම දුවනවා මිසක් ජීවිතය සැලසුම් කර අවසාන මොහොතේ සංසාරය කෙළවර කර ගැනීමට සිත සාදා ගන්නවත් ඔබ හිතලද නැනෙ වයසට යන විට සියල්ල සිදු වී හමාරය. සමාජ රාමුව තුළ ජීවත් වෙන්නත් අවශ්‍යයි නේද? ආතල් එකේ ඉමු කිව්වට සමාජය විසින් අපිට පැටවෙන වගකීම් එක්ක හැම දේම බැලන්ස් කරගන මෙම රාමුව තුළ සැමදා ජීවත් නොවී අන්තිම මොහොතෙවත් මෙයින් ඉවත් වෙන්න හිත පුහුනු කරන්න. වාස්තු විද්‍යාව ඉස්සර ඉසිවරුන්ගෙ කාලේ ඒගොල්ලො භාවිතා කලේ එයාලා කරපු පරීක්ෂන නිරීක්ෂණ සිත දියුනු කර ගන්න සොබාදහම උපයෝගී කරගන ඔවුන්ට විශ්ව ශක්තිය එන ආකාරයට ආරාම තනා ගැනීම සදහායි වාස්තු විද්‍යාව යොදාගන තියෙන්නෙ. ඉතින් ඒ නිවරදි වාසිතු කරුනු අපේ නිවසට එක් කරගතහොත් කොපමන මානසික නිදහසක් අපිට නිවස තුල ගොඩනගාගන්න පුලුවන් වේවිද. එම නිසා ඔබ බිය කරන බොරු වාස්තු කරුණු වලට බිය වෙලා ඔබේ මුදල් නාස්ති කරන්න එපා. ඒවා විද්‍යාත්මකව තහවුරු කර ගන්න. මනස නිරවුල්ව තියෙන්නෙ නිවරිදිව සොබාදහමට අනුකූලව ඉදිකරපු නිවසක් තුලයි.අපේ මෙම Group එකේ අරමුන තමයි ඔබට නිවරදි වාස්තු විද්‍යාවට , විද්‍යානුකූලව ඉදිරිපත් කරන එක. අපේ group එකට ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව තියෙනවා.මේ ලිපි කියෙව්වාම ඔබේ අදහස් coment කරගන යන එක අපිට ඉතාමත් වටිනවා
අදහස coment කරන්න. සාරාංශයක් ලෙස ඔබට මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූයේ බ්‍රහ්ම පාදය, මධ්‍ය ලක්ෂ්‍යය සහ ගිනි කතිරය පිළිබඳවයි. මම හිතනවා මෙමඟින් සමාජයේ තිබෙන බොහෝ දුර්මත බැහැර වෙන්න ඇති කියලා. ඔබේ අදහස් අපට වටිනවා. ඉතින් ඔබේ අදහස් පහළින් Comment කරගෙන යන්න.

✍ මෙවැනි වටිනා ලිපි කියවා තවත් කෙනෙකුට බලන්න Share කරන්න.

✍ හරවත් රසවත් වටිනා ලිපි හැමදාම කියවන්න දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

✍ අපේ Group එකට එකතු වෙන්න.

05/11/2024

වඩු රියන 🏠

__________________________________________________

සාමාන්‍ය රියනකට අගල්18ක් පමනවෙයි නමුත් නිවසක් සැලසුම් කිරීමේදි ,මූලිකව ගන්නා මිනුම් ඒකකය වඩු රියනයි.

මේ වඩු රියනට අදාල අඟල් ගනන පිලිබදව
විවිද මත තිබේ,

මේ වඩු රියන ආකාර දෙකකින් ගනනය කරයි එනම්
ගෙහිමියාට අදාලව හා සමාජ ස්ථර අනුව තෝරගත් වඩු රියන ලෙසයි

ගෘහමූලිකයාට අදාලව වඩු රියන සෙවීම

මෙහිදී විවිද මත අනුව

ගෘහ මූලිකයා යනු
නිවසේ ප්‍රදානියාය
බිරිද
පවුලේ වඩිමහල් පුතා යනුවෙන් තිබේ,

මෙසේ ගනනය කරන්න

#1 ගෘහ මූලිකයාගේ දකුනු අතේ වලමිටේ සිට මදගිල්ලේ කෙලවර දක්ව දුර +

#2 එම අතේම වියතක දුර +

#3 එම අතේම මදගිල්ලේ අගිලි පුරුකක දිග මෙන් හතර ගුනයක් = ගෙහිමියාගේ වඩු රියන

වර්තමානයේ මේ ක්‍රමය එතරම් නොමැත

දෙවෙනි ක්‍රමය

අගල් 33 ගත් වඩු රියන
වෙහෙර ,විහාර පූජනීය ස්තාන ඉදිකිරීමේදී බාවිතා කර තිබේ,

අගල් 32 ගත් වඩු රියන
උසස් පුද්ගලයින්ගේ නිවාස ඉදිකිරීමේදි බාවිතා කර තිබේ

අගල් 31ක් ගත් වඩු රියන
සාමාන්‍ය පුද්ගලයින්ගේ නිවාස ඉදි කිරිමේදි බාවිතා කර තිබේ

අගල් 29ක් ගත් වඩු රියන
පහත් ලෙස සලකන ලද අයගේ නිවාස ඉදිකිරීමේදී බාවිතා කර තිබේ

අගල් 28ක් ගත් වඩු රියන
සතුන්ගේ නිවාස ඉදිකිරීමේදී බාවිතා කර තිබේ
මෙහිදී වර්තමානයේ බොහෝ දෙනා නිවාස කටයුතුවලදී වඩු රියනට අගල් 31 ක් ලෙස බාවිතා කරයි

වඩු රියනට අගල් 31 ගැනීම හොදය ,නමුත් වඩු රියනට අගල් 32 ක් ගන්නේ නම් ඊටත් වඩා හොදය.

අපි නිවස හදන්න

ඉඩමක් තෝරා
සුබ අසුබ බලා
ඉඩමේ පාද බෙදා
වඩු රියනද සොයා අවසන්.

ඊලගට නිවසකට හරියන වර්ග පලයක් ගන්න ඕනි

මෙහිදී නිවසේ දිග
වඩු රියන් ඔත්තේ ගනනකින්ද,,,,3,5,7,9,,,,,,,,ලෙසද
නිවසේ පලල වඩුරියන ඔත්තේ ගනනකින්ද,,,,,,3,5,7,9,,,,,,ලෙසද ගත යුතුයි

එවිට නිවසේ වර්ග පලය(දිග * පලල = වර්ගපලය) ඔත්තේ ගනනකින් ගන්න පුලුවන් මෙය අනිවාර්යයි

ඊලගට ලබාගත් වර්ග පලයට අයිති නිවස
කුමන වර්ගයට අයත්ද කියා බලන්න ඕනි ,ඒක මෙහෙම හොයන්න
ලබාගත් වර්ග පලය 8 බෙදන්න,

උදාහරන :

දිග * පලල= වර්ගපලය
දිග වඩුරියන් 11×පලල වඩුරියන් 9 =වර්ග පලය වඩු රියන් 99 යි

99÷8=12ඉතිරි 3 යි
මෙහිදී මෙන්ම ඉදිරියේදී ඕනි වෙන්නේ ඉතිරි ගාන බව මතක තබාගන්න

ශේශය අනුව සුබ අසුබ

💠එකනම් අස්ව සුබයි ,
💠දෙකනම් කොටලු අසුබයි
💠තුනනම් සින්හ සුබයි
💠හතරනම් සුනක අසුබයි
💠පහනම් වුශබ සුබයි
💠හයනම් ධූම අසුබයි
💠හතනම් ගජ සුබයි
💠අටනම් කාක අසුබයි

ඉහත උදාහරනයට අනුව තුනට හිමි වන්නේ සින්හ වර්ගයේ සුබ නිවසකි

අසුබව යෙදුනොත් වර්ග පලය වෙනස් කර යලිහදන්න ඕනි

ඊලග පාඩමෙන් මෙම වර්ග පලය සුබ වුවත් එය තමන්ගේ උපන්නකතට සුබද කියල බලන අයුරු,,

මතු සම්බන්ධයි...

04/11/2024

ප්ලෑනක් පාස් කෙරෙන්නෙ කොහොමද කියන එක තමා අද අපි ඔයාලට පැහැදිලි කරන්නේ.

ඔයා ලග බිම් කට්ටි සැලස්මක් (block out Plan/Surveyor Plan) හෝ ගොඩනැගිලි සැලසුමක් (Building/House Plan) තිබුණට විතරක් මදි. නියමිත පරිදි නාගරික සංවර්ධන අධිකාරියෙන්/පළාත් පාලන ආයතන වෙතින් ඒවා අනුමත කරගෙන තියෙන්නත් ඕනේ.

සේනාධිපති හෝම්ස් & කන්ස්ට්‍රක්ශන් ආයතනයක් වශයෙන් රටේ පවතින නීති වාතාවරණය තුළ විය යුතු නෛතික තත්වය පැහැදිලි කරද්දි ඇතමෙක් කියාවි කලින් කියපු මුකුත් කරන් නැතුවම ප්ලෑනක් පාස් කරන්න යනකොට අදාල ආයතනයේ තාක්ෂණික නිලධරයෙක්ට මොණර කොළ කිහිපයක් අතමිට මෙලෙව්වනම් මේ කියන නීති මුකුත් නැහැ කියල.

නමුත් රට යන අත කොයික වෙතත් අපි නෛතික නොවන දෙයක් අල්ලසින් හෝ ඉටුකරවා ගැනීම අනුමත කළ යුතු නැහැ. එවැනි කටයුතු වලට උඩගෙඩි දිය යුතු වන්නේද නැහැ. අල්ලස් දීමත් අල්ලස් ලබා ගැනීමත් නීති විරෝධියි.

නීතියක්/රෙගුලාසියක් පවතින්නේ ඔයාගෙත් මගෙත් යහපත පිණිස මිසක් ඔයාල-අපි ඉඩම් ගන්න එකවත් ගෙයක් හදන එකවත් නවත්තන්න නෙවෙයි.

✍️ ප්ලෑනක් අනුමත කරන්න බලය තියෙන්නෙ කාටද?

1978 නාගරික සංවර්ධන අධිකාරී පනත අනුව මුලු රටේම ගොඩනැගිලි සැලසුම් සහ සංවර්ධන සැලසුම් සකස් කිරීම / අනුමත කිරීම ඇතුලු අනුශාංගික කටයතු සිදු කිරීම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී තිබුණා.ඒ නිසා අදටත් මෙම කාර්යය කිරීමේ නෛතික බලය පනතින් තියෙන්නෙ නාගරික සංවර්ධන අධිකාරියට.

එසේ කටයුතු සිදුකරමින් සිටියදී ජනතාවට හා ඒකාධිපති ආයතනයකට සිදුවූ ගැටලු මගහරවා ගැනීම සඳහා 1985/1987 (ප්‍රාදේශිය සභා අතුරු ව්‍යවස්ථාවෙන්)වසරේදි ගොඩනැගිලි සහ වෙනත් සංවර්ධන සැලසුම් අනුමත කිරීම,අනුකූලතා නිකුත් කිරීම,විථි රේඛා /ගොඩනැගිලි රේඛා හා සංවර්ධන බලපත් නිකුත් කිරීම සහ නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම,මූලික සැලසුම් නිරාකරණය කිරීම වැනි කරුණු ඉටුකර දීම ඉඩමට අදාල පළාත් පාලන ආයතන වෙත පවරනු ලැබුවා.

ඒ අනුව ගොඩනැගිලි තැනිය යුතු ප්‍රදේශය/ ගොඩනැගිලි තනන අමුද්‍රව්‍ය/ වාතය සංසරණය වීමට අවශ්‍ය විධිවිධාන/ ජලාපවාහන ක්‍රමවේදයන් වැසිකිළි පහසුකම්/ අත්තිවාරම් ස්වභාවය තීරණය කිරීම පරීක්ෂා කරමින් රෙගුලාසි පිළිපැද ඇත්ද සොයමින් සැලසුම් අනුමත කිරීම පළාත් පාලන ආයතන හරහා සිදු කරනව.

ඒ වගේම මේ කියන ප්ලෑන් අනුමත කළ යුතුයි යන කතාව අදාල වන්නේ නාගරික සංවර්ධන පනත යටතේ සංවර්ධිත ප්‍රදේශ ලෙස හදුනාගත් පිළිගත් ප්‍රදේශ තුල පමණයි කියලත් මතක් කරනවා.

ඒ කටයුතු සිදු කිරීමට සැලසුම් කමිටුවක්ද පත් කළා. ඊට:-
නගරාධිපති/ සභාපති, නියෝජිත නගරාධිපති /සභාපති,නාගරික කොමසාරිස්/ ලේකම්,ඉංජිනේරු/තාක්ෂණික නිලධාරි,සැලසුම් නිලධාරි,ගොඩනැගිලි විෂයභාර ලිපිකරු ඇතුළත්.

-මේ අයට අමතරව අවශ්‍ය විටක:
මාර්ග සංවර්ධන අධිකාරියේ/පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්,ගොවිජන සේවා කොමසාරිස්,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි,ඛණිජ හා පතල් කාර්යංශය,පහත් බිම් සංවර්ධන මණ්ඩලය,පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත්/දිස්ත්‍රික් ඉංජිනේරුවන් සහභාගි කරවා ගන්න පුලුවන්.

(පහුගිය ටිකේ වැල්ලවත්ත ආදි තැන් වල අනවසර ඉදිකිරීමක් කඩා වැටීමේ සිද්ධියෙන් පස්සේ ඇස් ඇරැණු නිසි බලධාරින් සැලසුම් කමිටු ඔවුන්ව පත් කරපු වැඩේ හරියට නොකරන නිසාත් වැඩ වල තියෙන තාක්ෂණික/පුද්ගල අඩුපාඩු නිසා මෙම කටයුත්ත නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන නව වේශයකින් කටයුතු කරන්න යනව කියලත් දැන් දැන් කතාවක් තියෙනව.සමහර විට ඒක අදාල වෙන්නේ ගෙවල් හදන ඈයෙන්ට නෙවේ.පොඩි ඉඩම් වල ලොකු බිල්ඩින් ගහන ඈයොන්ට. ඒ වගේම පුංචි ඡන්දෙන් පස්සේ මේ කටයුතු පරිඝණක ගත කරන්නත් යනව කියල ආරංචියි)

✍️ අනුමත බිම් කට්ටි කිරීමේ සැලසුමක්/ ගොඩනැගිලි සැලැස්මක් තිබිය යුත්තේ ඇයි?

▪️නගර සභා සහ ප්‍රාදේශිය සභා සීමාවක් තුල අනවසරයෙන් කිසිම ගොඩනැගිලි ඉදි කිරීමක් හෝ වෙනස් කිරීමක් කරන්න බැහැ.එය නීතිමය වශයෙන් ඳඬුවම් ලැබිය හැකි හා දඩයන්ට යටත් වන ක්‍රියාවක්.එවැනි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ හැකියාවත් ඔවුන්ට තියෙනව.

▪️අනුමත බිම් කට්ටි සැලස්මක් නැතුව නිවාස සැලැස්ම අනුමත කරන්නේ නැහැ.

▪️ගොඩනැඟිල්ල ඉදි කිරීමට මුදල් ප්‍රමාණවත් නොවී මූල්යාතනයකින් නිවාස ණයක් ලබා ගැනීමේදී නිරවුල් ඔප්පු සහ අනුමත වු බිම් කට්ටි හා නිවාස සැලසුම අනිවාර්යයෙන් ඉදිරිපත් කල යුතුයි.

▪️පසු කාලීනව සිදුවන දැවැන්ත ඉදිකිරීමකදී (අධිවේගී මාර්ග ) ඔබේ නිවස/ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට සිදු උනොත් ඒ සඳහා වන්දියක් ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුයි.(විථි රේඛා සහතික ඕන මේවා බලන්න. ඒත් ඉතින් රාජ්‍ය ප්‍රතිපත්ති මත වන අත්පත් කර ගැනීම් මේ සහතික වලින් කියන්නෙ නැහැ.ඒවැනි සිදු වීම් වලදි වන්දි ගන්න අනුමත සැලැසුම ඔිනේ)

▪️හදිසි විපතකින් ඔබේ නිවසට හානි වුවහොත් ඒ සඳහා වන්දි ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුයි.

▪️පසු කාලීනව ගොඩනැගිල්ලේ වෙනසක් කර එය නැවත අනුමත කර ගැනීමේදී පෙර සැලසුමේ අනුමත පිටපතක් ද ඉදිරිපත් කල යුතුය.
(අනුමත නොකරගෙන සාදන ලද ගොඩනැඟිල්ලක් පසුව අනුමත කිරීමට යාමේදී පසුගිය වසර ගනනට අපස්සට අනුව දඩ මුදලක් ගෙවීමට සිදුවෙනවා.)

▪️ගේ හදන්න සංවර්ධන බලපත ගන්නත්, ඊට පස්සේ අනුකූලතා සහතිකය ගන්නත් අනුමත සැලැස්මක් නැතුව බැහැ.

▪️ඉඩමේ දැනටමත් තියෙන ගෙය සැලසුමක් අනුමත වන රෙගුලාසි (මේ ගැන අපි කළින් ලිපියකින් දැනුවත් කළා) වලින් පරිභාහිර නම් ඒ ගෙය අතහැර *ඉඩම පමණක් අනුමත කරන* බවට සටහන් යොදා ඇතිවිට ණයක් ගැනීමට ඉදිරිපත් වුණත් ඔබට අවශය මුලු ණය මුදල ලබා දීම සදහා නිවසේ වටිනාකම ගණනය නොවීමේ අවධානම තියෙනව.

✍️ ගොඩනැගිල්ලක සැලැස්‌ම අනුමත කරගැනීම සඳහා නගර සභාවට හෝ සභාවට භාරදිය යුතු ලිපි ලේඛන:

▪️ගොඩනැගිලි අයදුම් පත( පොත) අදාළ මුදල් ගෙවා පළාත් පාලන කාර්යාලයෙන් ලබා ගත යුතුයි.‍ ඉල්ලුම්පත් ගාස්තු වෙනස් වෙනව ඔවුන්ගේ රෙගුලාසි අනුව.

▪️අයදුම්පත විධිමත් පරිදි සම්පූර්ණ කොට පහත ලේඛන සමග ඉදිරිපත් කළ යුතුය.

▪️පිටපත් 04කින් යුතු සැලසුම- නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාල පරිමාණයන්ගෙන් යුක්තව සකස්කර තිබිය යුතුයි.

▪️ඉදිරිපත්කරන සැලසුම ඉදිරි පෙනුම,පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව, අත්තිවාරම් හරස්කඩ ඇතුලත්ව තිබිය යුතුයි.

▪️සුදුසුකම් ලත් පුද්ගලයා විසින් සහතික කොට අත්සන් කළ යුතුය.(සැලසුම ඇන්ද ගෘහ නිර්මාණ ශිල්පියා අත්සන් කර seal කර තිබිය යුතුයි. වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.අන්ධ බිත්තියක් (Blind wall)ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුයි.)

▪️ජල සම්පාදන/ජලාපවාහන/විදුලි බල/ප්‍රවේශ මාර්ග/වැසිකිළි පහසුකම් ආදිය සැපයෙන ආකාරය තහවුරු කරන ලියවිලිත් ඕනෙ.

▪️මීට අමතරව වාණිජ හා කර්මාන්ත වෙනුවෙන් සැලසුම අනුමැතියක් ඉල්ලන විටකදි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය,කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක් (පී.සී) ඉදිරිපත් කල යුතුය.

▪️නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත භාරදෙන විට සැලසුමේ වර්ග අඩි ගාණට අනුව පරික්‌ෂණ ගාස්‌තුක් ගෙවිය යුතුය.(ඒ කියන්නේ මාමට/අයියට වියදම් වුනු ගාණම ඔයාට යන්නේ නෑ)

▪️අයිතිය පැවරුනු ඔප්පුවේ සත්ය පිටපත් 02 ක්

▪️ඉඩමේ අනුමත කල මිනින්දෝරු සැලැස්‌ම පිටපත් 03 ක් (අදාල බිම් කොටස නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබිය යුතු අතරම බලයලත් මිනින්දෝරුවකු විසින් පිළියෙල කළ අනුමත මානක සැලැස්‌මක්‌ විය යුතුයි)

▪️වරිපනම් ලදුපත පිටපත
(අයදුම්කරු නමින් වරිපනම් ගෙවු ඒවා.අයදුම්කරු නමින් නොමැති ලදුපත් භාර නොගැනේ. එවන් අවස්‌ථාවල අයදුම්කරු නමින් වරිපනම් ලේඛනයේ නම් සංශෝධනය කර ගැනීමට කටයුතු යුතුයි)

මේ ලියවිලි සමග අයදුම් පත භාර දී සති තුනක පමණ කාලයකින් අර කලින් කිව්ව කමිටුවේ තාක්ෂණික නිලධාරීන් ඉඩම පරීක්ෂා කරන්න එනව.ප්ලෑන අදාල රෙගුලාසි සීමාව තුල ඉදිකීරීමට හැකි පරිදි ඇද ඇත්දැයි පරික්ෂා කරනව. පසුව ගැටලුවක් නැතිනම් සභාපතිතුමා විසින් සැලසුම් අනුමත කරාවි.

සැලසුම අනුමත කල නොහැකි නම් වෙනස් විය යුතු කොටස් හා හේතු දක්වමින් ඔබව දැනුවත් කරනව. අනුමත කිරීමට පෙර ඉදිකිරීම් වැඩ අරඹා ඇති අවස්ථාවක කොතෙක් වැඩ අවසන්ද යන්න ගැනත් සලකා ඉවත් කළ යුත් කොටස් ඔබට පෙන්වනවා.

සංවර්ධන බලපත ලබා දෙන්නේ ඉල්ලුම්කරු මගින් කමිටුවේ සියලු නිර්දේශ ඉටු කළ බවට කමිටුව සෑහිමට පත් වුනොත් පමණයි.

ගොඩනැගිලි සැලසුම අනුමත කිරීම සඳහා ගතවන කාලය මාසයක් වගේ.
සැලසුමක් අනුමත කළායින් පසු අවුරුද්දක් ඇතුලත ඉදිකිරීම් වැඩ අවසන් කල යුතු බවට සටහනක් යොදනව. ඉතින් වසරක් තුල නොකළහොත් තවත් ඉදිරි වර්ෂයක් සඳහා එම කාලය දීර්ඝ කරගත යුතුයි.

ගොඩනැගිල්ල සාදා අවසන් වු පසුව අනුකූලතා සහතිකය ලබා ගත යුතුයි. ඒක ලබා දෙන්නෙ අනුමත ප්ලෑන වෙනස් නොකර නිවස කොන්දේසි ඉටුකරමින් සාදා ඇත්තම්. ගෙයක් විකිණිමට අදහස් කළ දවසක තමයි ඔය ලියවිල්ලෙ වටිනාකම දැනෙ‍න්නෙ.

ඔන්න ඔය විදිහට තමයි සැලැස්මක් අනුමත කර ගන්නෙ.ලේසි නැහැ. හැබැයි හරි විදිහට සැලසුමක් ඇද ගත්ත නම් ගැටලුවක් නැහැ.

පළාත් පාලන ආයතන වල නිලධාරියෙකුගෙන් ඔයාලගේ සැලසුම අනුමත කිරීමට අවශ්‍ය විස්තර දැන ගැනීමට අමතක කරන්න එපා. මොකද එක එක පළාත් පාලන ආයතන මුදල් සම්බන්ධයෙන් පනවා ගෙන ඇති රෙගුලාසි වෙනස් නිසා.

-නව නිවාස ගොඩනැගිලි ඉදිකිරීම (Housing & Construction)
-නිවාස ගොඩනැගිලි සැලසුම් නිර්මාණය ( House Plan )
-Architectural Drawings & Structural Drawings for All type of Buildings ( Hotels & Restaurants / Villas etc)
-නිවාස නවීකරණ කටයුතු / අඩක් නිමකල නිවාස නිමකිරීම ( Renovation )
-බැංකු ණය සදහා ගොඩනැගිලි ඇස්තමේන්තු සකස් කිරීම (Estimates / B.O.Q)
-වරලත් වාස්තුවිද්‍යාඥයන්ගේ සේවය

ඇතුලු සියලුම ඉදිකිරීම් අවශ්‍යතා සදහා....අමතන්න

04/11/2024

Welcome to WAK house design.

03/11/2024

මේ දවස්වල නැවතත්, නිවාස ඉදිකිරීම්, අලුත්වැඩියා කිරීම් සඳහා බැංකු ණය ලබා ගැනීමේ ප්‍රවණතාවක් පවතිනවා.

ඉතින් නිසි සැලසුමක් නැතිව ඉදිකළ නිවාස හිමියන් මුහුණ පාන ගැටළුවක් තමයි ණය පහසුකම් ලබා දෙන මූල්‍ය ආයතන වලට ඉදිරිපත් කරන්න ප්‍රාදේශීය සභා හෝ නගර සභා අනුමැතිය ලත් නිසි නිවාස සැලසුම් නොමැති වීම

ඉතින් ඒ වෙනුවෙන් W A K Home Designers අපෙන් විසඳුමක්.

අපිට පුලුවන් ඔබ දැනට ඉදිකර ඇති නිවසේ අනුමැතියට අදාළ සැලසුම් සකස් කරලා දෙන්න.

ඒ සඳහා අවශ්‍ය වන ඇස්තමේන්තු වගේම අනෙකුත් ලියකියවිලි සකස් කරලා දෙන්න.

ඉතින් අපව සම්බන්ධ කරගන්න පහත දුරකථන අංක ඔස්සේ

076-3406863

ලස්සන නිවසක් වෙනුවෙන් සිහින දකින සැමගේ සිහින සැබෑ වේවා !

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when WAK House Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share