28/03/2026
🔴 පොලිසියට යන්න ආසාවෙන් සිටි ඔබට සතුටු හිතෙන ආරංචියක්
2026.03.27 වන දිනැති රජයේ ගැසට් පත්ර අංක 2482 පරිදි ශ්රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියැදුරු යන නිලයන් සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතව තිබෙනවා .
මෙම තනතුරු සඳහා උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව මුළු දිවයිනම ආවරණය පරිදි නව නිලධාරී නිලධාරීනියන් 7500 ට ආසන්න ප්රමාණයක් බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ .
මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේදී www.police.lk වෙබ් අඩවියට පිවිස join us විකල්පය තෝරා ගැනීමෙන් (Click) හෝ පහත සඳහන් QR කේතය ස්කෑන් (Scan) කර අයදුම්පත්රය වෙත ඇතුළු වී මාර්ගගත ක්රම වේදය ඔස්සේ පමණක් අයදුම්පත සම්පූර්ණ කර 2026.05.08 වන දිනට පෙර යොමු කල යුතුයි .
අයදුම්පත් යොමු කිරීමේදී යම් ගැටළුවක් වෙතොත් අයදුම්කරුවන් හට පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පහත සඳහන් දුරකථන අංක වැඩිදුර විස්තර දැන ගැනීමේ හැකියාව පවතිනවා .
දුරකථන අංක :-
ස්ථානාධිපති / පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය:-
071-8591925
011-2505202
011-2552953
READ MORE >>>https://www.itnnews.lk/r0nx