06/09/2023
ව්‍යාජ අමතර කොටස් යෙදීමෙන් සිදු වන අවාසි,
FIAT Linea රථය සදහා වෙලදපල තුල තිබෙන ව්‍යාජ Clutch kit බාව්තය මගින් සිදු වී තිබෙන හානිය මෙහි තිබෙන photo මගින් ඔබට අවබෝධ කර ගත haki බව සිතමි.
මෙහි දක්වා තිබෙන Original Pressure Plate එක හා අනෙක් Pressure Plate එකෙහි diaphragm එකෙහි තිබෙන වෙනස් කම හොදින් නිරික්ෂණය කරන්න.අනෙක් pressure plate එකෙහි diaphragm එකෙහි උස Original එකට වඩා අඩුය.එම නිසා එම Clutch kit යෙදු වාහන බොහොමයක හරිහැටි gear මාරු කල නොහැක.බොහෝ විට 1st සහා reverse gear සුමට ලෙස සිරුමාරු කල නොහැකි බව හිමිකරුවන් විසින් පවසන ලදි.
එයට විසදුම ලෙස විකුනුම්කරුවන් හා මක බාස්ලා කරනුයේ spacer (washer) කිහිපයක් flywheel එක හා pressure plate එක අතරට යෙදීමය්.එමගින් පෙර කියු gear සිරුමාරු කිරිම තුලදී අතිවන ශබ්දය හා අපහසු බව තාවකාලිකව මගහැරි යයි.එමගින් මක බාස් හා විකුනුම්කරු ගොඩ ගියද ඔබ ඉදිරියේ විශාල ප්‍රශ්නය කිහිපයකට මුහුණ පානු atha.
එලෙස බාව්තය නිසා Pressure Plate එකහි diaphragm නියනමිත ප්‍රමාණයට වඩා namima නිසා එය Clutch Plate මත ස්පර්ශ වේ.එසේ විමෙන් ටික කලකින් පහත පරිදි Pressure Plate ඒකෙහි diaphragm kadi යයි.
එමෙන්ම standard limit අබිබවා engine එකෙහි Crank එක තල්ලු ව්ම මගින් කාලයක් යන විට Crank End Play wadi වේ.එසේ ව්මෙන් සිදු වනුයේ යම් දිනක Engine Block එක ඉවතට dhamimata සිදු විමය.එය මහත් අපරාධයකි.
එමෙන්ම මෙයට විසදුමක් ලෙස සමහර මකබාස්ලා මහත් උජාරුවෙන් කියනුයේ Pressure plate එකෙහි 1 mm අඩු කලාම මෙය නිවරදිව වන බවය.එය එසේ විසදුනද මා දන්නා තරමින් යකඩ hard කිරීමට තවම ලෝකය තුල තාක්ෂණය තිබෙන්නේ 1mm ගබුරකට පම්නි.එසේනම් පෙර කී මකබාස්ලා කරනුයේ pressure plate එකිහි හොදම කොටස leath machine එකකට දමා ඉවත් කිරිමය.එවිට සිදු වනුයේ ඔබ අලුතින් යෙදු Clutch kit එකෙහි Pressure plate එක අඩු කලකින්ම ගේවී යාම පමනි.
එම නිසා අමතර කොටසක් මිලදී ගන්නා විට එහී මිල පමණක් සලකා Balimen ඔබට සිදුවනුයේ Clutch kit සදහා දෙවරක් මුදල් වියදම් කිරිමට සිදු වීමය.අප ලගට එන බොහොමයක් හිමිකරුවන් මෙම ප්‍රශ්නයට මුහුන දි තිබේ.
මෙය පාරිභෝගික ඔබ බිය ganwimata ලියන ලද ලිපියක් මෙන් නොසලකන ලෙස ඉල්ලම්.මන්ද බොහොමයක් පිරිසක් අප කියන සමහර කරුණු වරදවා තෙරුම් ගන්නවා යයි අපට hage.එය FIAT Linea රථයහි බාව්තා කරන ඔබගේ අවසනාවකි.මන්ද, කිසි විටකත් අප එය තුලින් වෙලදාම ඉහල නන්වා ganimak හෝ තව අයකුගේ Buisness kadimak මෙමගින් බලාපොරොත්තු නොවන්නෙමු.