06/04/2026
ගොඩක් ගෙවල් වල AC එක service කරන්නේ කවද්ද කියලා ඇහුවොත්, උත්තරේ එකයි. AC එක cool වෙන්නේ නැති වෙලාවට. ඒ කියන්නේ machine එක almost ලෙඩ වෙලා ඉවර වෙද්දි තමයි doctor ළඟට ගෙනියන්නේ.
AC එකක් කියන්නේ fan එකක් වගේ machine එකක් නෙවෙයි. ඒක heat transfer system එකක්. Room එක ඇතුළේ තියෙන උණුසුම ටික ටික එළියට අරගෙන යන system එකක්. මේ process එකේදී indoor unit එක ඇතුළට dust, moisture, පොඩි dirt ටික ටික එකතු වෙනවා. මාස 5–6ක් ගියහම coil එක මත පස් තට්ටුවක් වගේ layer එකක් හැදෙනවා. එතකොට වෙන්නේ coil එකට heat absorb කරගන්න බැරි වෙන එක. Air flow අඩු වෙනවා. Cooling අඩු වෙනවා. ඒත් AC එක නවත්තන්නේ නෑ. Compressor එක තව වැඩ කරනවා. Cooling අඩු නිසා thermostat එක satisfy වෙන්නේ නෑ. Compressor එක දිගටම run වෙනවා. එතකොට තමයි electricity bill එක සැරට එන්නේ.
ඊළඟට වෙන්නේ indoor coil එක ice වෙන එක. Ice වෙලා පස්සේ water leak වෙනවා. ගොඩක් අය හිතන්නේ AC එකේ water leak එකක් කියලා. ඇත්තටම ගොඩක් වෙලාවට ඒ service නොකරපු එකේ result එක.තව ටිකක් ignore කරලා යද්දි compressor එක overwork වෙලා damage වෙන්නත් පුළුවන්.Compressor එක කියන්නේ AC එකේ තියෙන most expensive part එක.
ඒ නිසා AC servicing කියන්නේ AC එක කැඩුණාම කරන වැඩක් නෙවෙයි. AC එක කැඩෙන්න ඉස්සෙල්ලා කරන වැඩක්.