DNR IRON

Call Website

DNR IRON Leaders in iron

09/08/2026
09/08/2026

විභාගයක් කියන්නේ සුදු පාට කොළයක කළු පාටින් ප්‍රින්ට් කරපු, අපේ මතකය පරීක්ෂා කරන තවත් එක උපක්‍රමයක් විතරයි. ඒක ජීවිතේ නෙමෙයි.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ උඹ නම් හරියන්නේ නැහැ, මෝඩයා, බූරුවා කියලා සමාජයෙන් ලේබල් වදිද්දී, ඒ පීඩනය දරාගන්න බැරුව ජීවිතේ නැති කරගන්න හදන තරුණයන්ට දිය හැකි හොඳම ආදර්ශය තමයි දුෂාන්ත විරාජ් තාබුගල.

ඔහු අද ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පෙරළියක් කරපු, හැමෝම ආදරය කරන පට්ටම බොස් කෙනෙක්.

සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළ කරන්න යන්නේ නැතුව, තාත්තාගේ මඟපෙන්වීමෙන් දුෂාන්ත ඇතුළත් වෙන්නේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට (German Tech). 1998 ඉඳන් 2000 වෙනකම් අවුරුදු තුනහමාරක් පුරා ඔහු මිලින්, බෝරින්, වෙල්ඩින් වැනි යන්ත්‍ර සූත්‍ර තාක්ෂණය ගැන උපරිමයටම ඉගෙන ගත්තා.

ඊට පස්සේ ආයතන කිහිපයක වැඩ කරලා ලැබුණු අත්දැකීම් එක්ක, පොඩි ණයක් අරගෙන තනියම පොඩියට ව්‍යාපාරයක් පටන් ගත්තා. රෑ දවල් නැතුව වැඩ කරද්දී නිදාගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. සමහර දවස්වලට කොළඹ ගිහින් බයිසිකලේ පිටිපස්සේ යකඩ පටවාගෙන වැස්සේ තෙමි තෙමි ආපු වාර අනන්තයි.

හැම බිස්නස් එකකම වගේ දුෂාන්තටත් ලොකු කඩා වැටීම් ආවා. සේවකයෝ විස්සක් විතර හිටපු ආයතනය එක පාරටම පල්ලහට වැටෙද්දී හැමෝම ඔහු අතහැරලා ගියා. ණය හිරවෙලා, අන්තිමට ගෙදර තිබ්බ ගෑස් ලිප පවා අහිමි වෙන තැනටම ආර්ථිකය බිඳ වැටුණා.

හැබැයි ඔහු උත්සාහය අතහැරියේ නැහැ. ඔහු හදපු මැෂින්වල ගුණාත්මකභාවය දැකපු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ඔහුට උදව් කළා. අද ඔහු දුෂාන්ත ඉංජිනියරින් ආයතනයේ හිමිකරු විදිහට ලංකාවට ලොකු ආඩම්බරයක්.

ලංකාවට හැමදේම චීනෙන් හෝ වෙනත් රටවලින් ඉම්පෝර්ට් කරද්දී, දුෂාන්ත ලංකාව ඇතුළේ කුකුළ් කෑම නිෂ්පාදන යන්ත්‍ර, පොහොර යන්ත්‍ර සහ කර්මාන්තශාලාවලට අවශ්‍ය සම්පූර්ණ ස්වයංක්‍රීය පද්ධති දේශීයව නිර්මාණය කරනවා. චීන මැෂින්වලට වඩා කොලිටියෙන් ඉහළ, ජර්මන් මැෂින් එකක් ළඟින්ම තියන්න පුළුවන් නිමාවක් මෙයාගේ මැෂින්වල තියෙනවා.

ඒ වගේම රටින් මැෂින් ගේන්න යන සල්ලිවලින් තුනෙන් දෙකක්ම රටට ඉතුරු කරලා දෙන අතරේ, තමන්ගේ ඉලෙක්ට්‍රිකල් පද්ධතිවලට අවුරුදු 2ට වගකීමක් දෙන්න තරම් දුෂාන්තගේ තාක්ෂණය විශ්වාසවන්තයි.

දුෂාන්ත ලංකාවේ ඉන්න වෙනස්ම විදිහේ බොස් කෙනෙක් වෙන්නේ ඔහුගේ මානුෂීය ගතිගුණ නිසයි. ඔහු තමන්ගේ ආයතනයේ කිසිම ලියුමක සේවකයා කියන වචනය පාවිච්චි කරන්නේ නැහැ.

ඔහුට ඔවුන්ව සහෝදරයෝ. ඉස්සර තමන් රස්සාවල් කරද්දී බඩගින්නේ හිටපු හැටි දුෂාන්තට හොඳට මතකයි. ඒ නිසා අද තමන්ගේ සහෝදරයන්ට දෙන බත් වේලේ වෑංජන හදන්න කඩෙන් තුනපහ ගේන්නේ නැහැ. ආයතනය ඇතුළෙම කුළු බඩු ටික අඹරලා, පිරිසිදුවටම කෑම ටික හදලා දෙනවා.

ඒ වගේම සහෝදරයන්ට නිකන්ම සල්ලි දෙනවාට වඩා, තමන්ගේ බිරිඳ, දරුවෝ එක්ක සුපර් මාර්කට් එකකට ගිහින් ආස දේවල් ෂොපින් කරන්න පුළුවන් වෙන්න රුපියල් ලක්ෂයක සුපිරි වෙළෙඳසල් වවුචර් ලබා දෙනවා.

මිනිස්සු ගුණාත්මකභාවයෙන් සහ ධනයෙන් ඉහළ යද්දී අනතිමානී වෙන්න ඕනේ කියන එකට හොඳම උදාහරණයක් තමයි දුෂාන්ත. තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන, බොරු අභිමානයන් ඔලුවට ගන්නේ නැතුව, තමන්ගේ සේවක මණ්ඩලයත් එක්ක එකටම ඉන්න දුෂාන්ත විරාජ්, ලංකාවේ ව්‍යවසායකත්වයට විතරක් නෙමෙයි, මුළු මහත් මනුෂ්‍යත්වයටම ලොකු ආදර්ශයක්!

22/05/2026

** තාඹුගල වංචා නඩූුවෙන් නිදහස් !**

විදේශ ගමන් තහනම ඉවතට

රුපියල් කොටි හතක වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් කෝටිපති ව්‍යාපාරික විරංජිත් තඹුගල මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අංක 5 අධිකරණයේ ගොනු කරන ලද නඩුවෙන් අද දින එනම් 2026.05.22 දින තඹුගල මහතාව නිදහස් කරන ලදී.

2026.05.22 දින නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ගරු මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 හි ගරු මහේස්ත්‍රාත් තැන්පත් ද ර්ශිමා ප්‍රේමරත්න මැතිණිය නියෝග කර සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් මත විරංජිත් තඹුගල මහතා නිදහස් කරන බවයි.

තවද, විරංජිත් තඹුගල මහතාට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනමද අවසන් වන බවට ගරු මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී. ඉහත කී නඩුවේදී විරංජිත් තඹුගල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරන ලද නඩුව ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් කිහිපදෙනෙකු විශේෂයෙන්ම පැවති රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෝගය මත වංචනිකව ද්වේෂ සහගත ලෙස ගොනු කරන ලද නඩුවක් බවයි.

විරංජිත් තඹුගල මහතා විසින් ඉහත කී නඩුවේදී පැය 15කට ආසන්න කාලයක් රහස් ප්‍රකා

Dr. විරංජිත් තාමුගලගෙ  කෝටි හතක බොරු නඩුව( 2026 / 05 / 22 ) නිදහස් කරන ලදීCongratulations
22/05/2026

Dr. විරංජිත් තාමුගලගෙ කෝටි හතක බොරු නඩුව
( 2026 / 05 / 22 ) නිදහස් කරන ලදී
Congratulations

Dr. විරංජිත් තාම්බුගල හෙලිකොප්ටර් නඩුව නිදහස් කරන ලදි 2026 / 05 / 22 )සත්‍ය ජය ගනී
22/05/2026

Dr. විරංජිත් තාම්බුගල හෙලිකොප්ටර් නඩුව නිදහස් කරන ලදි 2026 / 05 / 22 )
සත්‍ය ජය ගනී

Address

163/5 Walauwattha, Korasagoda, Uduthththiripitiya
Gampaha
11870

Telephone

+94789568155

Alerts

Be the first to know and let us send you an email when DNR IRON posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category