Adorable Building Designs

Adorable Building Designs ලාංකික සිවිල් ඉංජිනේරුවන්ගේ මුහුණු පොත් දිගහැරුම්වල දැනුම් තෝතැන්න... "වැඩබිමේ නිහඩ හඩ".....

We, reputed structural engineers, provide you the best, strong and economical structural design for the construction of your House, Building or the structure.

29/11/2025
ඉන්දුනීසියානු පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී සිසුන් 91 ක් අතුරුදන්ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ ඉස්ලාමීය නේවාසික පාසලක ...
01/10/2025

ඉන්දුනීසියානු පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී සිසුන් 91 ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ ඉස්ලාමීය නේවාසික පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දින දෙකකට පසුවත්, අවම වශයෙන් සිසුන් 91 දෙනෙකු කොන්ක්‍රීට් සුන්බුන් අතර සිරවී සිටින බව බලධාරීහු තහවුරු කරති. පාසලේ පැමිණීමේ වාර්තා සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් ලැබුණු තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව, මීට පෙර 38ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ සිරවී සිටින සංඛ්‍යාව 91ක් දක්වා ඉහළ නංවා ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ සියවස් පැරණි අල් කොසිනි ඉස්ලාමීය බෝඩිං පාසලේ, අනවසර ඉදිකිරීමක් සිදු කරමින් තිබූ යාඥා ශාලාවක් සඳුදා පස්වරුවේ කඩා වැටීමෙනි. එම අවස්ථාවේදී බොහෝ විට නව යොවුන් වියේ පසුවන පිරිමි සිසුන් සිය ගණනක් එම ශාලාවේ යාඥා කරමින් සිට ඇත. මෙම සිදුවීමෙන් මේ වන විට සිසුන් තිදෙනෙකු මියගොස් ඇති අතර, හිසට සහ අස්ථිවලට බරපතල හානි සිදුවූ තවත් 100 දෙනෙකු තුවාල ලබා තිබේ.

ගලවා ගැනීමේ සේවකයින් 300කට අධික පිරිසක් දිවි ගලවා ගත් අය මුදා ගැනීම සඳහා බදාදා උදෑසන වන විටත් දැඩි මෙහෙයුමක නිරතව සිටියහ. කොන්ක්‍රීට් පුවරු සහ අනෙකුත් අස්ථායී බර කොටස් හේතුවෙන් සෝදිසි මෙහෙයුම් දුෂ්කර වී ඇති අතර, තවදුරටත් කඩා වැටීම් සිදුවිය හැකි බැවින් බර යන්ත්‍රෝපකරණ භාවිත කිරීමෙන් වැළකී සිටීමට බලධාරීන් තීරණය කර ඇත.

කෙසේ වෙතත්, සුන්බුන් අතර ඇති පටු ඉඩ හරහා සිරවී සිටින අයට දිවි ගලවා ගැනීම සඳහා ඔක්සිජන්, ජලය සහ ආහාර සැපයීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටින අතර, අවම වශයෙන් ළමුන් හය දෙනෙකු හෝ ජීවතුන් අතර සිටින බවට විශ්වාස කෙරේ.

අනතුරට පත් සිසුන්ගෙන් බහුතරය වයස අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් ය. සිසුවියන් ගොඩනැගිල්ලේ වෙනත් කොටසක යාඥා කරමින් සිටි බැවින් ඔවුන්ට දිවි ගලවා ගැනීමට හැකිවී ඇති බව දිවි ගලවා ගත් අය පවසා තිබේ. මහල් දෙකකින් සමන්විතව තිබූ මෙම යාඥා ශාලාවට බලපත්‍රයක් නොමැතිව තවත් මහල් දෙකක් එක් කරමින් පැවති බවත්, පැරණි ගොඩනැගිල්ලේ අත්තිවාරමට නව කොන්ක්‍රීට් තට්ටු දෙකක බර දරාගත නොහැකි වීමෙන් මෙම කඩා වැටීම සිදුවන්නට ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

උපුටාගැනීම www.gossiplankanews.com

24/04/2025

CESL Constructions Clinic || Episode 12 || 05-04-2025 || Siyatha NewsSiyatha News - The most reliable news brand in Sri Lanka Siyatha Morning News - 6.00am ...

24/04/2025

https://www.youtube.com/watch?v=dZdFawyxC3o
සියත TV Construction Clinic
CECB [Central Engineering Consultancy Bureau] සහ CESL [Central Engineering Services (Pvt.) Limited] හි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමගින් ළගදීම සියත TV තුළින්....

24/04/2025

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද, ඔබ සැමට, අභියෝග ජයගත හැකි, බලාපොරොත්තු ඉටුවන, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

-ඉසුරු එස්. අමරසේන, රුක්සලා, තිවේන් සහ අකේන්

Address

Battaramulla
Colombo

Alerts

Be the first to know and let us send you an email when Adorable Building Designs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Adorable Building Designs:

Share