checkup.lk

checkup.lk ⚙️ප්‍රවීන මෝටර් රථ උපදේශක🩺 Mr.Sumudu kaushaka
⚙️🩺professional automobile consultanter.

26/07/2024
  A4 timing chain issues fix it.⚙️🔧  පල්ලෙහන් දිස්වන්නේ Audi A 4 වර්ගය මෝටර් රථයකි.Audi A4 මෝටර් රථයක් මිලදී ගැනීමට පෙර ...
26/07/2024

A4 timing chain issues fix it.⚙️🔧



පල්ලෙහන් දිස්වන්නේ Audi A 4 වර්ගය මෝටර් රථයකි.

Audi A4 මෝටර් රථයක් මිලදී ගැනීමට පෙර එහි අභ්‍යන්තරයේ තිබෙන මූලික ගැටලු හඳුනාගැනීමට නොහැකිවීම හේතුවෙන් අදාළ මෝටර් රථයේ හිමිකරුට අත් වී ඇති ගැටලුව.

ඩීසල් වාහනයක් ගන්න කලින් දැනුමට යමක්.       Injecter Pump එකක Suction control එකෙන් වෙන්නෙ මොකක්ද?.කොමන් රේල් එන්ජිමක, F...
07/07/2024

ඩීසල් වාහනයක් ගන්න කලින් දැනුමට යමක්.

Injecter Pump එකක Suction control එකෙන් වෙන්නෙ මොකක්ද?.

කොමන් රේල් එන්ජිමක, Fuel Rail Pressure එක මේන්ටේන් කරන්න / කන්ට්‍රෝල් කරන්න දායක වෙනවා. මේ වෑල්ව් එක මගින් තමයි පම්ප් එක හරහා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් ප්‍රෙශර් කරනවද කියන එක තීරණය කරන්නේ. මේ වෑල්ව් එකේ ක්‍රියාකාරීත්වය ECU එක මගින් පාලනය කරනවා.. Rail Pressure Sensor එක හරහා ඊට අවශ්‍ය දත්ත ප්‍රධාන වශයෙන් ECU එක ලබාගන්නවා... ජලය හෝ වෙනත් අපද්‍රව්‍ය, සුපර්ඩීසල් නැතුව ඔටෝඩීසල් (සල්ෆර් ප්‍රමාණය වැඩි) බාවිත කිරීම මගින් මෙම වෑල්වය දෝශයන්ට ලක් වෙනවා, එමෙන්ම දිගු කාලීනව Fuel Rail එකද දෝශයන්ට ලක් වෙනවා.. මෙම වෑල්වය දෝශ සහිත වූ විට, Check Engine light එක දැල්වී indicate කරන අතර, Acceleration මදිකම (පිකප් මදි වීම), වාහනය Limp mode එකට ECU එක මගින් පත් කිරීමද සිදු වෙනවා... මෙහිදී SC වෑල්වය පමණක් හෝ, SCV සහ Rail එක කියන දෙකම Replacement එකක් කරන්න වෙනවා.. එය මිළ අධික Repair එකක්. එහිදී Fuel system එක Scanning tool එකක් මගින් Relearn කිරීමද අනිවාරෙන්ම කල යුතුය. කෙසේ වෙතත් වාහනයක (CRDI සහිත) වාහනයේ Mileage එක මත බොහෝ දුරට මෙම SCV වෑල්වය දෝශයන්ට ලක් වීම සාමාන්‍ය දෙයක්.

COMPRESSION LOSS TESTමොකද්ද මේ test  එක.  කාර්මික ශිල්පීන් විදියට අපිට මේක වැදගත් වෙන්නේ කොහොමද?මගේ අත්දැකීමක් එක්කම කථා...
06/07/2024

COMPRESSION LOSS TEST
මොකද්ද මේ test එක.
කාර්මික ශිල්පීන් විදියට අපිට මේක වැදගත් වෙන්නේ කොහොමද?
මගේ අත්දැකීමක් එක්කම කථාව පටන් ගනිමු.
මේක උනේ දැනට අවුරුදු ගානකට කලින් මගේ training කාලේ,වැඩ කලේ සුගත් අයියා එක්ක.
මේ කියන වාහනේ අයිති නුවර මාලිගාවක් තියෙන පන්සලකට. ප්‍රසිද්ධ නිළමේ කෙනෙක් ගේ ජීප් එකක්. වාහනේ හීට් වෙනවා,වතුර අඩු වෙනවා.මිස් එකකුත් තියෙනවා.ජොබ් කාඩ් එකේ තියෙන විදියට ඇස්තමේන්තුවක් විතරයි ඕන.
මූලික දේවල් විදියට ෆෑන්,රේඩියේටරය,ස්පාර්ක් ප්ලග්,රේඩියේටර් කැප්,හෝස්,හෝස් ක්ලිප්,උෂ්ණත්ව සෙන්සර් පරික්ෂා කලා.ලගදී ස්පාර්ක් ප්ලග් ගලවලා ශුද්ධ කර තිබූ නිසා වෙනසක් තිබුනේ නෑ.විශේෂ දේවල් නැති නිසා වෝටර් පොම්පෙයි,තර්මස්ටැට් වෑල් එකයි,ගලවලා බලන්න ඕන කියලා මම එක්ක වැඩ කරපු සුගත් අයියා අමතර කාලයක් ඉල්ලුවා.V type එන්ජිමක් නිසා තව ටිකක් බලන්න ඕන කියලයි කිව්වේ.ඒ වෙනකොටත් වැඩේ උදේ පටන් අරගෙන සවස 1 විතර වෙලා.
ටිකකින්, රෑ බෝ වෙන්න කලින් අද ම නුවර යන්න ඕන කියලා වාහනේ ආපු මහත්තයා බිල ගෙවලා වාහනේ අරගෙන ගියා.
කථාව පටන් ගත්තේ එතනින්...
වාහනේ අරගෙන ගිහින් පැය තුනක් විතර යන්න ඇති.-
------- නොම්මරය තියෙන වාහනේ වැඩ කරපු කෙනා එන්න කියලා මැනේජර් කථා කලා.සුගත අයියා ගියා.කිසි දෙයක් ඇසුනේ නෑ. ඒත් ලොකු ප්‍රශ්නයක් බව නම් තේරුනා.
ටිකකින් සුගත් අයියා ආවේ.......
මුණ රතු වෙලා කුණු හරුප විදිනවා.🔪🔨⛏🗡⚔✂️😤
බලපං මල්ලි අර මගුලේ වාහනේ වම් පැත්තේ 2වෙනි සිලින්ඩරය ලගින් ගෑස්කට් ලීක් වෙනව ලු.අපිට අංජනම් තියෙනවද බං ඕව බලන්න.අනික හෙඩ් දෙකම ගලවන්න දවස් තුනක් විතර යයි.
අයියේ කවුද මේ විදියට ලේඩේ හොයා ගත්තේ? මම ඇහුවා
.........ගරාජ් එකේ උන් තමයි.මට වහ කන්න වෙන්නේ බං...සුගත් අයියා කියනවා.
ඒත් අයියේ පොඩි වෙලාවකින් කොහොමද ලේසියෙන්ම හොයා ගන්නේ?
මං දන්නවාද බං ඕවා...... .මටත් බැන්නා..
සවස බෝඩ්මට ගියත් ඔලුවේ තිබුණේ උදේ වෙච්ච දේ.වැඩ ඉවරවෙලා කසුන් ආවා.ඌ වැඩ කරන්නේ අර සුගත් අයියා කියපු තැන.උදේ වෙච්ච දේ කසුන් ට කිව්ව.ඌට හිනහ ගිහින් බිබී ඉදපු තේ එකත් හිර උනා.
මේ test එකට කියන්නේ කම්ප්‍රේෂන් ලොස් ටෙස්ට් එක කියලා.කම්පේෂන් ලීක් ඩවුන් ටෙස්ට් එක කියලත් කියනවා.කම්ප්‍රේෂන් ගේජ් එකෙන් එන්ජිමක දැනට පවතින කම්ප්‍රේෂන් තත්වය දැනගන්න පුළුවන්.ඒත් කම්ප්‍රේෂන් අඩු අගයක් ගන්නවා නම් අඩු වෙන්න පුළුවන් හේතු එකින් එක හොයාගන්න ඕන.
නමුත් කම්ප්‍රේෂන් ලොස් ටෙස්ට් එකෙන් ඔය ඔක්කොම දේවල් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්.ඒත් එමගින් කම්ප්‍රේෂන් පරික්ෂා කිරීම කරන්න බෑ.
කොහොම ද compression loss tester එක සවි කරන්නෙ...?
මෙය ඕනෑම එන්ජිමක (ඩීසල්,පෙට්රල්)භාවිතා කරන්න පුළුවන්.පෙට්රල් එන්ජිමක ස්පාර්ක් ප්ලග් සිදුර හරහාත්,ඩීසල් එන්ජිමක ඉන්ජෙක්ටරය සවි වන සිදුරෙන් හෝ හීටර් ප්ලග් සිදුර භාවිතා කරන්න පුළුවන්.
මුලින්ම පෙට්රල් එන්ජිමක බලමු....
පලමුව ස්පාර්ක් ප්ලග් ඔක්කොම ගලවන්න ඕන.ඊට පස්සේ බලන්න සූදානම් වන සිලින්ඩරේ කම්ප්‍රේෂන් TDC ගන්න ඕන.(පලමු පිස්ටන් එක කම්ප්‍රේෂන් TDC ගන්නවා වගේ ම අනෙක් පිස්ටන් කම්ප්‍රේෂන් TDC ගන්න ෆයරින් ඕඩර්,පිස්ටන් පිහිටන තැන එක්ක ක්රෑන්ක් එක,ක්රෑන්ක් පුලියේ පිහිටීම වගේ මුලික සිද්ධාන්ත ටිකක් ඕන වෙනවා) ඊට පස්සේ ක්රෑන්ක් එක TDC පිහිටීමේදි ක්රෑන්ක් ඈණෙන් හෝ flywheel එකෙන් ක්රෑන්ක් එක කැරකෙන්න බැරි විදියට සකස්කර ගන්න ඕන.
පෙට්රල් හා ඩීසල් එන්ජින් වලට පීඩන වෙනස් ගේජ් තියෙනවා.පෙට්රල් එන්ජිමට ගන්න ගේජ් එකේ පීඩනය උපරිම 12 Bar හා ඩීසල් එන්ජින් වලට ගන්න ගේජ් එකේ පීඩනය 24Bar වෙනවා.
නැත්නම් ඩීසල් එන්ජින් වලටගන්න ගේජ් එකේ පීඩනය අඩු පැත්තට එන්න සීරුමාරු කරලා ගන්න පුළුවන්.
ඊට පස්සෙ පෙට්රල් කම්ප්‍රේෂන් ලොස්ට් ගේජ් එකේ පීඩනය 10 Bar ලෙසින් සකස් කර ගන්න ඕන.
ගලවන ලද ප්ලග් සිදුරට රෑප සටහන පරිදි හෝස් එක සවි කර ගන්න ඕන.ඉන් පසු සම්පීඩන වාත ධාරාවක් එන්ජිම ඇතුලට යවනවා.ටෙස්ට්ටරයේන් එන්ජිමට යන පීඩනය කලින් සකස්කර ගත් නිසා සිලින්ඩරේට ඇතුල් වන්නේ 10 Bar වාතය පමනි.
ක්රෑන්ක් එක lock නිසා compress වාතය මගින් පිස්ටන් පිහිටීම වෙනස් වන්නේ නෑ.10 Bar පීඩනය වෙනස් නොවේ නම් හෝ ආසන්න අගයක් තියෙනවා නම් එම සිලින්ඩරේ දෝෂ රහිත වේ.10Bar වලට වඩා අඩු පීඩන පාඨාංකයක් පෙන්වයි නම්,පරීක්ෂණ ආරම්භ කරන්න.
• වෑල් කාන්දු වීම් හෝ අඩු ටැපටි ඉඩ සහිත නම් මැනිෆෝල්ඩ් මගින් වාතය පිටතට පැමිණේ.
• පිස්ටන් රින් ගෙවීමට ලක්වී ඇත්නම් හෝ බෝර් එක හරහා වාතය ක්රෑන්ක් කේස් එකට වාතය ගමන් කරයි නම් breather,ඔයිල් මූඩිය,ඔයිල් කූර හරහා වාතය කාන්දු වේ.
• හෙඩ්ගෑස්කට් හරහා වාතය කාන්දු වේ නම් රේඩියේටර පියන ගැලවු විට වා බුබුළු කූලන්ට් තුලින් එලියට එනවා දිස්වේ.
එක් එක් සිලින්ඩරේ සදහා මෙම පරීක්ෂණය සිදු කළ විට දෝෂ සහිත සහිත සිලින්ඩරේ සෙවීම ට ගතවන්නේ ඉතාමත් සුලු කාලයකි.
ඩීසල් එන්ජින් වල compression lost වීම සෙවීම.
• ගේජ් එක 22Barවලට සකස්කර ගන්න.
• ඉන්ජෙක්ටර් හෝ glow plug වලට ගැලපෙන සම්බන්ධයක( ඇඩැප්ටර් එක) තෝරා සවි කර ගන්න.
• දෝෂ සෙවීමට අදාළ පිස්ටන් එක කම්ප්‍රේෂන් TDC ගෙන ක්රෑන්ක් එක ලොක් කරන්න.
• සම්පීඩන වාතය ටෙස්ට්ටරය තුලින් සිලින්ඩරය තුලට ගමන් කරවා ඉහත පරිදි දෝෂ සොයන්න.
ඕනෑම liquid cooling එන්ජිමක් සදහා මෙම සරල පරීක්ෂණය සිදු කළ හැකි බව ඔබට වැටහෙනු ඇත...

Toyota වාහන වල S Gear Position එක ඇත්තටම Sport Mode එකක්ද?___පසුගිය දවසක සමූහයේ සාමාජිකයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා ...
05/07/2024

Toyota වාහන වල S Gear Position එක ඇත්තටම Sport Mode එකක්ද?___
පසුගිය දවසක සමූහයේ සාමාජිකයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා 2015 Toyota Premio එකක S Gear position එකේ භාවිතය ගැන.
ඒකෙදි අහලා තිබුණේ S කියන්නේ Sport කියන එකද, නැත්නම් Slope කියන එකද, ඒ S position එකේ භාවිතය මොකක්ද කියන දේවල්.
Toyota Premio Owners' Manual එකේ සඳහන් වෙන විදියට මේකට අදාල නිවැරදි පිළිතුර එහිදී ලබා දී තිබුණත්, මේ වාහන භාවිත කරන බොහෝ අය අතර මේ S Position එක ගැන ඉතාම වැරදි වැටහීම් ගණනාවක් තිබෙන බව පෙණුන නිසා, ඒ ගැන කරන කෙටි පැහැදිලි කිරීමක් තමයි මේ.
මුලින්ම මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙනවා නම්, Toyota Premio NZT260එකේ ( සහ ලංකාවේ බහුවලව තියෙන Allion, Corolla Axio, Belta, Vitz වගේ CVT වර්ගයේ ට්‍රාන්ස්මිෂන් පද්ධති සහිත වෙනත් වාහන වලත් ) තියෙන S gear position එකේ අදහස Slope කියන එකයි. එහෙම නැතිව Sport කියන අදහස ඒකෙන් ලබාදෙන්නේ නැහැ.
නිෂ්පාදකයන් සඳහන් කරන විදියට මේක භාවිත කරන්න ඕන තරමක සුලු බෑවුමක් සහිත මාර්ගයක වාහනය ධාවනයේදී, engine braking යම් ප්‍රමාණයකට යොදාගෙන පාලනයක් සහිතව ගමන් කිරීමටයි.
දැන් මෙහෙම කිව්වම ගොඩක් අයට ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තිබුණා. ඒ ප්‍රශ්න අතරේ S position එකෙන් engine braking එකක් එනවා නම් B position එක තියෙන්නේ මොකටද, S position එකෙන් කියන්නේ Sport කියන එක මිස Slope නෙවෙයි නේද, S එකට දැම්මම වාහනේ පිකප් එක සහ පර්ෆොර්මන්ස් වැඩි වෙනවා-ඒ නිසා වාහනයක් ඕවර්ටේක් කරද්දි වගේ S එකට දාන්න ඕන නේද, S කියන්නෙ Sport කියලා ටොයොටා එකෙන්ම කියල තියෙනවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා....වගේ දේවල් ගොඩක් තිබුණා.
දැන් අපි මේ එක එකක් පැහැදිලි කරගන්න බලමු.
විවිධ වාහන නිෂ්පාදකයන් විවිධ ක්‍රියාකාරිත්වයන් සහිත CVT(Continuously Variable Transmission) වර්ගයේ ට්‍රාන්ස්මිෂන් පද්ධති භාවිත කරන අවස්ථා තිබෙන අතර S gear position එකත් විවිධ අර්ථ වලින් භාවිත කරන අවස්ථා තියෙනවා.
ඒ වගේම Toyota සමාගම පමණක් සැලකුවත්, ක්‍රියාකාරිත්වයෙන් එකිනෙකට වෙනස් CVT පද්ධති එක් එක් වාහන සඳහා භාවිත කරන අතර ඒවායේ gear positions සඳහා විවිධ අර්ථයන්ද දී තිබෙනවා දැකිය හැකියි. ඒ නිසා මෙහිදී අප සලකනු ලබන වාහනයට අදාල owners' manuals/ workshop manuals ආදිය ඇසුරින් පමණක් ඒවාට අදාල තාක්ෂණික කරුණු නිවැරදිව අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වෙනවා.
දැන් මේ ප්‍රශ්නයට අදාල Toyota Premio NZT260 එක (සහ කලින් සඳහන් කළ JDM වාහන මාදිලි ) සැලකුවොත්, එහි භාවිත කර තිබෙන්නේ Super CVT-i [Super Continuously Variable Transmission- intelligent] ලෙස හඳුන්වන transmission පද්ධතියක්. මේක Toyota K CVT series එකට අයත්, Aisin සමාගමේ තාක්ෂණය ඇසුරින් නිපදවන transmission system එකක්.
Super CVT-i කියන්නේ එක transmission system එකක් නෙවෙයි. මේක transmission system series එකක්. Toyota සමාගමේ එක් එක් වාහන සැලකුවාම ඒ ඒ වාහන සඳහා විවිධ වෙනස් කම් කරමින් මේ Super CVT-i transmission පද්ධතිය යොදාගෙන තියෙනවා.
මේ ගැන පසුව තවත් විස්තර කරන්නම්.
දැන් මේ Premio එකට අදාල Super CVT-i transmission system එක සැලකුවවොත්, මේක සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොණිකව පාලනය වන transmission පද්ධතියක්. මුල් කාලීනToyota CVT පද්ධති එක්ක සැලකුවාම වැඩි දියුණු කිරීම් ගණනාවක් මේකෙ කරලා තියෙනවා. විශේෂයෙන්ම driver ගේ සහ වාහනයේ අවශ්‍යතා/තත්ත්වයන් අනුව සලකා, performance සහ fuel economy වලට වඩාත්ම සුදුසු gear ratio ඒක ඒ ඒ අවස්ථාවට අදාලව ස්වයංක්‍රියව තෝරා දීම මේ මගින් සිදු වෙනවා.
මේ පද්ධතිය භාවිත වන JDM Toyota Premio එකක owner's manual එකේ කොටසක් සහ International model Toyota Corolla එකක owner's manual එකේ කොටසක් මේ රූප වල දැක්වෙනවා. shorturl.at/eU246 shorturl.at/gjQV1
මෙහි සඳහන් වෙන පරිදි P,R,N,D,S,B ලෙස gear positions තියෙනවා.
මෙහිදී සාමාන්‍ය ධාවනය සඳහා D gear position එක තමයි භාවිත කරන්න කියන්නේ.
S, B කියන අවස්ථා දෙකම, engine braking effects ලබා දෙන අවස්ථා විදියට තමයි මෙහි සඳහන් වෙන්නේ.
එහිදී S gear position එක slope යන අදහසින්, සුලු බෑවුමක ගමන් කිරීමේදී තරමක් අඩු engine braking effect එකක් ලැබෙන පරිදි යොදාගැනීමටත්, B gear position එක brake යන අදහසින්, ඉතා ආනත බෑවුමක උපරිම engine braking effect එකක් ලැබෙන පරිදි යොදා ගැනීමත් තමයි අදහස් වෙන්නේ.
දැන් මෙහි ක්‍රියාකාරිත්වය සැලකුවොත්, S gear position එක යෙදූ විට පද්ධතියේ ඉහල gear ratios වෙත ගමන් කිරීම සීමා කෙරෙනවා. ඒ කියන්නේ S position එක යොදා තිබියදී අඩුම gear ratio එකේ සිට මැද ප්‍රමාණයක් දක්වා ඇති ratios අතර මාරු වීම පමණයි සිදු වන්නේ. ඉහළ gear ratios වලට ළඟාවී overdrive ක්‍රියාකාරිත්වය ඇතිවෙන්නේ නැහැ.
B ගියරය යෙදූ විට අවම gear ratio එකක් ඇති අවස්ථාවේ පද්ධතිය තබා ගැනෙනවා. එවිට එයින් ඉහල gear ratios වලට මාරු වීම සිදු නොවන අතර engine braking උපරිම වෙනවා.
මේක තවදුරටත් පැහැදිලි කළොත්, තරමක් පැරණි සාමාන්‍ය automatic transmission පද්ධතියක P,R,N,D,2,L ලෙස (හෝ P,R,N,D,2,1 ලෙස) ඇති අවස්ථාවක 2 ගියරය සහ Lගියරය (හෝ 1 ගියරය) භාවිතය ලෙස සලකන්න පුලුවන්. එහෙම නැත්නම් OD-OFF කරන අවස්ථාව සලකන්නත් පුලුවන්.
ඒ කියන්නේ 1 හෝ L positions වලදී පලමු ගියරය පමණක් engage වී තිබෙන අතර එය මේ CVT එකේ B අවස්ථාවට සමාන වෙනවා. CVT එකේ S පිහිටුම මෙතන විස්තර කළ අනෙක් අවස්ථාවන්ට අදාලව හිතන්න පුලුවන්.
[කොහොම උණත් ඒ වගේ conventional automatic transmission පද්ධතියක තිබුණු OD on/off ක්‍රියාකාරිත්වය වගේ දෙයක් මේ Super CVT-i ක්‍රමයේදී අවශ්‍ය වන්නේ නැහැ. ඒ අවශ්‍ය්තාවය CVT එකේ S gear position එක මගින්ම සපුරාලනවා]
දැන් මේ S සහ B gear positions වල ප්‍රායෝගික භාවිතය සලකමු.
සාමාන්‍ය බෑවුමක් තියෙන පාරක D gear position එකේ ගමන් කළහොත් අපට සැරින් සැරේ බ්‍රේක් යොදමින් වාහනයේ වේගය පාලනය කිරීමට සිදු වෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවක S position එක භාවිත කරන්න පුලුවන්. එවිට ඉහල gear ratios වලට මාරු වීම සීමා වී, engine braking යම් ප්‍රමාණයක් ලැබෙන නිසා, සැරින් සැරේ බ්‍රේක් කරන්නේ නැතිව engine/gearbox එකෙන්ම වාහනය පාලනය කරගෙන යන්න පුලුවන් වෙනවා.
ඊළඟට, ඉතා තද බෑවුමක දිගටම ගමන් කිරීමේදී දිගටම බ්‍රේක් පාගාගෙන යාමට සිදු වීම නිසා brake fade වීම සිදු වීමේ අවධානමක් තියෙනවා. මේ අවස්ථාවේදී B gear position එක යොදාගැනීමෙන් උපරිම engine braking effect එකක් ලබාගෙන එම අවධානම අඩු කරගන්න පුලුවන්.
S සහ B gear positions භාවිත කළ යුතු ආකාරය ගැන මේ වාහන වලට අදාල owners' manuals වල සඳහන් කරුණු ඇසුරින් අපට පැහැදිලි කරගත හැක්කේ මෙපමණයි.
මෙහි විස්තර කළ අවස්ථා හැර අනෙක් සියලු අවස්ථා වල D gear position එක භාවිත කළ හැකියි. මේ Super CVT-i පද්ධතිය, රියදුරු සහ වාහනයේ අවශ්‍යතා අනුව වඩාත්ම ගැලපෙන gear ratio එක ස්වයංක්‍රියව තෝරා දෙන බව කලින් කිව්වනේ. ඒ අනුව කන්දක ගමන් කිරීමේදී හෝ, වාහනයක් ඉස්සර කිරීමේදී හෝ ක්ෂණික ත්වරණයක් අවශ්‍ය අවස්ථාවකදී හෝ, ඒ මොහොතේ ඇති gear ratio එකෙන් ඒ ක්‍රියාකාරිත්වය ලබා දීමට නොහැකි නම්, ඊට වඩා අඩු optimum gear ratio එකකට ස්වයංක්‍රීයව මාරු වී එම අවශ්‍ය ක්‍රියාකාරිත්වය ලබා දෙනවා. මෙහිදී ඔබ විසින් S ගියර් position එක manually යෙදීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ.
මීට අදාලව ගැටලු මතුකර තිබූ තවත් අය කියා තිබුණු කරුණක් තමයි, මෙහි S කියන්නේ sport mode එක බවත් එය භාවිතයෙන් වාහනයේ performance/pick up වැඩි වන බවත්. දැන් අපි මේ ගැන සලකා බලමු.
මොකක්ද මේ Sport mode කියන්නේ?
සාමාන්‍යයෙන් Sport Mode ලෙස සැලකෙන්නේ වාහනයක sporty performance වැඩි කිරීමට අදාල ක්‍රියාකාරිත්වයන් කිහිපයක එකතුවක්. මෙහිදී ප්‍රධාන වශයෙන්ම, throttle/accelerator response, engine & transmission response එක වැඩි වීම, gear shifting points ඉහල යාම, අඩු ගියර් වල වැඩි වෙලාවක් රැඳී තිබීම, steering & suspension stiffness වැඩි වීම වගේ තත්ත්වයන් ලබා දෙනවා. එක් එක් වාහන වල භාවිත වන තාක්ෂණයන් සහ අනුව අඩු වැඩි වශයෙන් මේ දේවල් සිදු වෙනවා.
Sport mode එකකට අදාල transmission පද්ධති වල ක්‍රියාකාරිත්වය ලබා දීමට CVT-Sport mode භාවිත වන වාහන තියෙනවා. එවැනි වාහන වල Sport Mode එකේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වයට අදාලව, සාමාන්‍යයෙන් Sport Mode ලෙස හැඳින්වෙන gear positions/buttons/switches වගේම ඊට අදාල settings & dashboard indicators ආදිය තියෙනවා. නමුත් මෙහි ගැටලුවට අදාල වූ Premio එකේ සහ එහි owners' manual එකේ එවැනි කිසිම සඳහනක් නැති බව ඔබට පැහැදිලියිනේ. ඇත්තෙන්ම Toyota Premio සහ කලින් සඳහන් කළ අනෙකුත් වාහන වල යොදාගෙන තියෙන Super CVT-i transmission පද්ධතියේ එවැනි Sport Mode එකකට අදාල කිසිම සැකැස්මක් නැහැ.
Super CVT-i කියන්නේ transmission system series එකක් කියලා කලින් කිව්වනේ. Toyota සමාගමේ වෙනත් වාහන තියෙනවා මේ CVT පද්ධතිය සමග Sport Mode එකත් භාවිත වන.
Toyota Corolla, C-HR වගේ වාහන වල භාවිත වන CVTi-S - Sport Sequential Shiftmatic තාක්ෂණයේදී මෙන්ම CorollaSport එකේ යොදාගන්නා Direct Shift CVT තාක්ෂණයේදීත් Sport Mode එකක් තියෙනවා. ඒ සඳහා Sport Mode ලෙස වෙනම switch/setting එකක් ඒ වාහන වල තියෙනවා. ඒවායින් කලින් සඳහන් කළ විදියට sport mode එකට අදාල ක්‍රියකාරිත්වය ලබා දෙනවා.
නමුත් Premio, Allion, Corolla Axio, Belta, Vitz වගේ වාහන වල S gear position එකෙන් මෙවැනි ක්‍රියාකාරිත්වයක් ලැබෙන්නේ නැති බව දැන් ඔබට පැහැදිලි ඇති.
සමහර අය කියා තිබුණානේ මේ වාහන වල S position එකට දැමීමෙන් pickup එක වැඩි වෙනවා කියලා. ඒ කතාව නම් හරි. ඒක වෙන්නේ මෙහෙමයි. D එකේ ගමන් කරමින් තියෙන වාහනය S එකට දැමීමේදී වෙන්නේ එක වරම අඩු gear ratio එකකට යොමු කිරීමක්. එවිට engine RPM එක වැඩි වී වැඩි ත්වරණයක් ලැබීම සිදු වෙනවා. නමුත් වාහනයක් ඉස්සර කිරීම වගේ අවස්ථවක, ඊට අදාල performance සහ fuel economy කියන දෙකටම ගැලපෙන optimum gear ratio එක වාහනය විසින්ම automatically ම තෝරා දෙන අවස්ථාවක, ඔබ විසින් S position එක manually යෙදීමේ කිසිම අවශ්‍යතාවයක් හෝ වාසියක් හෝ නැහැ. එයින් සිදුවන්නේ වාහනයේ ඉන්ධන දහනය වැඩි වීමත්, සමහර විට එම පද්ධති වල සමහර කොටස් නිකරුණේ ගෙවී යාමත්, ඊට අමතරව වාහනය රේස් කරගෙන යාමෙන් එහි Sport Mode එකක් ඇති බවට "සිඟිති ආතල්" එකක් ගැනීමට හැකි වීමත් පමණයි.
මේ ගැටලුවෙන් පැහැදිලි උණ තවත් එක් වැදගත් දෙයක් තමයි, වාහනයක් සම්බන්ධ නිවැරදි තාක්ෂණික කරුණු දැනගැනීමට, internet connection එකක් තිබීම පමණක් ප්‍රමාණවත් නැති බව. ගොඩක් අය මේ වගේ ගැටලුවකදි කරන්නේ google එකේ search කරලා බලන එකයි. එහෙම බැලුවොත් S කියන්නේ Sport Mode බව සඳහන් වෙන articles, videos වගේ ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්. නමුත් ඒ තොරතුරු අදාල වාහන සමාගම විසින් නිකුත් කළ ඒවාද, ඔබේ වාහන මාදිලියටම අදාල ඒවාද කියා නිවැරදිව සොයා බැලීමට ඔබට හැකි විය යුතුයි. අන්න එවිට පමණයි අන්තර්ජාලය භාවිතයෙන් ඔබේ වාහනයට අදාල නිවැරදි තොරතුරු දැනගත හැක්කේ. Anjana Ishan✍️👨‍🔧👨‍🔧

  sludge⚙️🔧🔧⚙️LIQUI MOLY හෙවත් එන්ජින් Flush මේ භාවිතා කිරීමෙන් වලකින්න❌❌❌⚙️අප ආයතනයට පැමිණි පාරිභෝගිකයෙකුගේ මෝටර් රථයකට...
22/08/2022

sludge⚙️🔧🔧

⚙️LIQUI MOLY හෙවත් එන්ජින් Flush මේ භාවිතා කිරීමෙන් වලකින්න❌❌❌

⚙️අප ආයතනයට පැමිණි පාරිභෝගිකයෙකුගේ මෝටර් රථයකට සිදුවී ඇති ප්‍රතිවිපාකයක්(side effects).🥲⚙🔧එමෙන්ම ඔබගේ මෝටර් රථයට සිදුවිය හැකි දේ පහත රූපරාමු වලින් නිරීක්ෂණය වේ.

⚙️මෙයට හේතුව🔧 Sludge වී ඇති එන්ජිමට Sludge වී තිබෙන කොටස් ඉවත් කිරීමට මේය භාවිතා කිරීම.එමෙන්ම මෙම ක්‍රියාවලියේදී විනාඩි 20 ක් අතර කාලයක් නොනවත්වා එන්ජිම පණ ගන්වා තිබීම හේතුවෙන් ඇති කැබලි එන්ජිමේ oil pump(engine oil pressure system unit) එක ඇතුල සිරවීමෙන් නියමිත ආකාරයෙන් engine oil පීඩනය නොවී එම අදාළ කොටස් වෙත engine oil ගමන් නොකිරීමෙන් මෙම හානිය සිදු වේ.

⚙️දැන් ඔබට අප ආයතනය මගින් Sludge වී ඇති එන්ජිමට KM 5000 වගකීමක් ද සහිතව වී ඇති කොටස් ඉවත්කර නැවත පිරිසිඳු කර බ්‍රෑන්ඩ්නිව් තත්ත්වයට කොටස් සවි කරන ලදී.

⚙️ලංකාවේ පළවෙනි වතාවට අවුරුදු තුනක කාලයක් සිට ඉතාමත් සාර්ථකව අපගේ පාරිභෝගිකයන්ට මෙම සේවාව සපයන ලදී.🔧⚙️

සේවාව ලබා ගැනීම සඳහා.අප ආයතනයේ පහත දුරකථන අංක හා සම්බන්ධ විය හැක.

📠 0775504202.

sludge⚙️🔧🔧

Avoid using LIQUI MOLY engine flush

⚙️A side effect that has happened to a car of a customer who came to our company.

⚙️The reason for this🔧 is to use this to remove sludge from the engine. Also, in this process, due to the engine being started continuously for 20 minutes, the pieces of will get stuck inside the engine's oil pump (engine oil pressure system unit). This damage is caused by engine oil not moving to the relevant parts without pressurizing the engine oil.

⚙️ Now you can get parts removed and re-cleaned and parts installed in brand new condition with 5000 KM warranty for the engine that has been sludged by our company.

⚙️This service was provided to our customers very successfully for the first time in Sri Lanka for three years.🔧⚙️

To get the service, you can contact the following phone numbers of our company.

📠 0775504202.

19/08/2022
  sludge cleaning company ⚙️මෝටර් රථ මාදිලිය : toyota Corolla 141🔧අප ආයතනය මගින් ඉතාමත් සාර්ථකව නිමකරන ලද එක් එන්ජිමක්.K...
17/08/2022

sludge cleaning company

⚙️මෝටර් රථ මාදිලිය : toyota Corolla 141

🔧අප ආයතනය මගින් ඉතාමත් සාර්ථකව නිමකරන ලද එක් එන්ජිමක්.

KM 5000ක වගකීමක් ද සහිතව

🔧මෙම සේවාව ලබා ගැනීම සඳහා පහත දුරකථන අංක සමග සම්බන්ධ වන්න.

📱0775504202
📱 77 486 2380
sludge cleaning sludge remove

13/08/2022

⚙️එන්ජිමක් Sludge වෙලාද? 🔧
⚙️දැන් විසඳුම අපෙන් 🔧

⚙️ km 5000 වගකීමක් ද සහිතව.
⚙️ඉතාමත් කඩිනම් සේවාවක් අප ආයතනය මගින් ලබාගත හැකිය.සේවාව ලබා ලබා ගැනීම සඳහා අප ආයතනයේ දුරකථන අංක හා සම්බන්ධ වන්න.

📱 contact number : 0775504202

📱 WhatsApp : 0775504202

⚙️Is an engine Sludged? 🔧
⚙️Now the solution is from us 🔧

⚙️ With 5000 km warranty.
⚙️A very fast service can be obtained through our company. To get the service, contact the phone numbers of our company.

📱 contact number : 0775504202

📱 WhatsApp : 0775504202

Address

342/c Padukka Road
Godagama

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94775504202

Website

Alerts

Be the first to know and let us send you an email when checkup.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share